2. 7. 4.
සතරවැනි අට්ඨික සූත්රය
606. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්වූ යෝගක්ෂේමය (සතරයෝගයන්ගෙන් මිදීම) පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ යෝගක්ෂේමය පිණිස පවතියිද: මහණෙනි, මේ සස්නෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළ... අට්ඨිකසඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ බහුල කරන ලද අට්ඨික සඤ්ඤාව මහත්වූ යෝගක්ෂේමය පිණිස පවතියි.
2. 7. 5.
පස්වැනි අට්ඨික සූත්රය
607. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්වූ සංවේගය පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩනා ලද කෙසේ බහුල වශයෙන් කරන ලද අට්ඨික සඤ්ඤාව මහත්වූ සංවේගය පිණිස පවතියිද: මහණෙනි මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරුකළ... අට්ඨික සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ සංවේගය පිණිස පවතියි.
2. 7. 6.
සයවැනි අට්ඨික සූත්රය
608. මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ පහසු විහරණය පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල කරන ලද අට්ඨික සඤ්ඤාව මහත්වූ පහසු විහරණය පිණිස පවතියිද: මහණෙනි මේ සස්නෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළ... අට්ඨික සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද... උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ පහසු විහරණය පිණිස පවතියි.
2. 7. 7-12.
පුළවක සූත්ර
609-614. (මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ අට්ඨික සංඥාව වෙනුවට පුළවක සඤ්ඤාව (පණුවන් පිරුණාවූ මළසිරුර යන හැඟීම) යොදා විස්තර කළ යුතුය.)
2. 7. 13-18.
විනීලක සූත්ර
615-620. (මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට විනීලක සඤ්ඤාව (වෙනස්වූ වර්ණ ඇති මළ සිරුර යන හැඟීම) යොදා විස්තර කළ යුතුය.)
2. 7. 19-24.
විච්ඡිද්දක සූත්ර
621-626. (මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට විච්ඡිද්දක සඤ්ඤාව (දෙකඩකොට වෙන්කරන ලද මළසිරුරය යන හැඟීම) යොදා විස්තර කළ යුතුය.)
2. 7. 25-30.
උද්ධුමාතක සූත්ර
627-632. (මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘උද්ධුමාතක සඤ්ඤාව’ (ඉදිමුනු මළසිරුර යන හැඟීම) යොදා විස්තර කළ යුතුය.)
2. 7. 31-36.
මෙත්තා සූත්ර
633-638. (මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘මෛත්රිය’ යොදා විස්තර කළ යුතුය.)
2. 7. 37-42.
කරුණා සූත්ර
639-644. (මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘කරුණාව’ යොදා විස්තර කළ යුතුය.)
2. 7. 43-48.
මුදිතා සූත්ර
645-650. (මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘මුදිතාව’ (සුඛිත සත්වයන් දැක සතුටුවීම) යොදා විස්තර කළ යුතුය.)
2. 7. 49-54.
උපෙක්ඛා සූත්ර
651-656. (මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ ‘අට්ඨික සඤ්ඤාව’ වෙනුවට ‘උපෙක්ඛා’ (සියළු සත්වයන් කෙරෙහි මැදහත් බව) යොදා විස්තර කළ යුතුය.)
2. 7. 55-60.
ආනාපානසති සූත්ර
657-662. (මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ ‘අට්ඨික සඤ්ඤාව වෙනුවට ‘ආනාපාන සතිය’ (ආශ්වාස ප්රශ්වාස පිළිබඳ සිහිය) යොදා විස්තර කළ යුතුය.)
ආනාපානවග්ගො සත්තමො.
එහි උද්දානය:
අට්ඨික, පුළවක, විනීලක, විච්ඡිද්දක, උද්ධුමාතක, මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා සහ ආනාපාන යයි දසයකි.