2. 3. 3.
ඨාන සූත්රය
මහණෙනි, කාමරාගයට හේතුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ කාමයෙහි ආශාවද උපදියි. උපන්නාවූ කාමච්ඡන්දය ද බහුලබව පිණිස, විපුලබව පිණිසද පවතියි. මහණෙනි, ක්රෝධයට හේතුවූ අරමුණු මෙනෙහිකිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ ක්රෝධයද උපදියි. උපන්නාවූ ක්රෝධයද බහුල බව පිණිස, මහත් බව පිණිසද පවතියි. මහණෙනි, සිතේ හා චෛතසිකයන්ගේ අලසබවට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සිතේ හා චෛතසිකයන්ගේ අලසබවද උපදියි. උපන්නාවූ සිතේ හා චෛතසිකයන්ගේ අලසකම බහුලබව පිණිස මහත් බව පිණිසද පවතියි. “මහණෙනි, සිතේ නොසන්සුන්බවට හා පසුතැවීමට හේතුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සිතේ නොසන්සුන්බව හා පසුතැවීමද උපදියි. උපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීම බහුලබව පිණිස, මහත් බව පිණිසද පවතියි. මහණෙනි, බුද්ධාදී අටතැන සැකයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ බුද්ධාදි අටතැන සැකයද උපදියි. උපන්නාවූ බුද්ධාදී අටතැන සැකය බහුල බව පිණිස මහත්බව පිණිසද පවතියි.
“මහණෙනි, සති සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ සති සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ සති සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. ධම්මවිචය සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. විරිය සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. පීති සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. පස්සද්ධි සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. සමාධි සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින්, නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. උපෙක්ඛා සම්බොජ්ඣංගයට කරුණුවූ අරමුණු මෙනෙහි කිරීම බහුලකොට ඇති බැවින් නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද උපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද වැඩීමට සම්පූර්ණබවට පැමිණෙයි” යනුයි.
2. 3. 4.
යොනිසො සූත්රය
205. “මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමයෙහි ආශාවද උපදියි. උපන්නාවූ කාමයෙහි ආශාවද බහුල බව පිණිස, මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ ක්රෝධයද උපදියි. උපන්නාවූ ක්රෝධයද බහුල බව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ ථින මිද්ධයද (සිතේ හා චෛතසිකයන්ගේ අලසකම) උපදියි. උපන්නාවූ ථින මිද්ධයද බහුලබව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීම (උද්ධච්චකුක්කුච්චය) උපදියි. උපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීමද බහුලබව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ බුද්ධාදි අට තැන සැකයද උපදියි. උපන්නාවූ බුද්ධාදි අටතැන සැකයද බහුල බව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ සතිසම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ සති සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද නැතිවෙයි.
“මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමච්ඡන්දය නූපදියි. උපන්නාවූ කාමච්ඡන්දය ප්රහීණ වෙයි. නූපන්නාවූ ව්යාපාදය නූපදියි. උපන්නාවූ ව්යාපාදය ප්රහීණවෙයි. නූපන්නාවූ ථිනමිද්ධය නූපදියි. උපන්නාවූ ථින මිද්ධය ප්රහීණවෙයි. නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චය නූපදියි. උපන්නාවූ උද්ධච්චකුක්කුච්චය ප්රහීණවෙයි. නූපන්නාවූ විචිකිච්ඡාව නූපදියි. උපන්නාවූ විචිකිච්ඡාව ප්රහීණවෙයි. නූපන්නාවූ සති සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ විරිය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ පීති සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣගය උපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි.” යනුයි.
2. 3. 5.
අපරිහානිය සූත්රය
206. “මහණෙනි, (මම) නුඹලාට අපරිහානිය (පිරිහීම ඇති නොකරන) ධර්ම සතක් කියන්නෙමි. එය මැනවින් අසව්. මහණෙනි, ඒ අපරිහානිය ධර්ම සත කවරහුදයත්, යම් මේ බොධ්යංග ධර්ම සතෙක් වෙත්ද, (ඔව්හුය.) ඒ ධර්මසත කවරහුද යත්? (මේ ඡේදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්රයේ 2 වෙනි ඡේදය මෙනි. 2689 පිට බලන්න.) “මහණෙනි, මොව්හු අපරිහානිය ධර්ම සත්දෙන වෙති.”