2. 3. 4.
යොනිසො සූත්රය
205. “මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමයෙහි ආශාවද උපදියි. උපන්නාවූ කාමයෙහි ආශාවද බහුල බව පිණිස, මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ ක්රෝධයද උපදියි. උපන්නාවූ ක්රෝධයද බහුල බව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ ථින මිද්ධයද (සිතේ හා චෛතසිකයන්ගේ අලසකම) උපදියි. උපන්නාවූ ථින මිද්ධයද බහුලබව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීම (උද්ධච්චකුක්කුච්චය) උපදියි. උපන්නාවූ සිතේ නොසන්සුන් බව හා පසුතැවීමද බහුලබව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ බුද්ධාදි අට තැන සැකයද උපදියි. උපන්නාවූ බුද්ධාදි අටතැන සැකයද බහුල බව පිණිස මහත් බව පිණිස පවතියි. නූපන්නාවූ සතිසම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ සති සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ විරිය සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ පීති සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගයද නැතිවෙයි. නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද නූපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගයද නැතිවෙයි.
“මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාහට නූපන්නාවූ කාමච්ඡන්දය නූපදියි. උපන්නාවූ කාමච්ඡන්දය ප්රහීණ වෙයි. නූපන්නාවූ ව්යාපාදය නූපදියි. උපන්නාවූ ව්යාපාදය ප්රහීණවෙයි. නූපන්නාවූ ථිනමිද්ධය නූපදියි. උපන්නාවූ ථින මිද්ධය ප්රහීණවෙයි. නූපන්නාවූ උද්ධච්චකුක්කුච්චය නූපදියි. උපන්නාවූ උද්ධච්චකුක්කුච්චය ප්රහීණවෙයි. නූපන්නාවූ විචිකිච්ඡාව නූපදියි. උපන්නාවූ විචිකිච්ඡාව ප්රහීණවෙයි. නූපන්නාවූ සති සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ විරිය සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ විරිය සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ පීති සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පීති සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය උපදියි. උපන්නාවූ සමාධි සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. නූපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣගය උපදියි. උපන්නාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි.” යනුයි.
2. 3. 5.
අපරිහානිය සූත්රය
206. “මහණෙනි, (මම) නුඹලාට අපරිහානිය (පිරිහීම ඇති නොකරන) ධර්ම සතක් කියන්නෙමි. එය මැනවින් අසව්. මහණෙනි, ඒ අපරිහානිය ධර්ම සත කවරහුදයත්, යම් මේ බොධ්යංග ධර්ම සතෙක් වෙත්ද, (ඔව්හුය.) ඒ ධර්මසත කවරහුද යත්? (මේ ඡේදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්රයේ 2 වෙනි ඡේදය මෙනි. 2689 පිට බලන්න.) “මහණෙනි, මොව්හු අපරිහානිය ධර්ම සත්දෙන වෙති.”
2. 3. 6.
ඛය සූත්රය
207. “මහණෙනි, යම් මාර්ගයක්, යම් පිළිවෙතක් තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතීද ඒ මාර්ගය ඒ පිළිවෙත වඩව්. මහණෙනි, කවර මාර්ගයක්, කවර පිළිවෙතක් තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතීද? යම් මේ බොධ්යංගයෝ සත්දෙනෙක් වෙත්ද, (ඔව්හුය) ඒ සත කවරහුදයත්? (මේ ඡේදය පබ්බත වර්ගයේ 4 වෙනි සූත්රයේ 2 වෙනි ඡේදය මෙනි. 2689 පිට බලන්න) මෙසේ කීකල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරතෙමේ භාග්යවතුන් වහන්සේට මෙසේ කීයේය. ‘ස්වාමීනි, කෙසේ වඩනලද්දාවූ, කෙසේ නැවත නැවත පුරුදුකරන ලද්දාවූ සප්ත බොධ්යංගයෝ තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතිත්ද?”
“උදායි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළාවූ, නොඇලීම ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්රමාණවූ ව්යාපාද රහිතවූ සති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්රමාණවූ ව්යාපාද රහිතවූ සති සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්රහීණවෙයි. “මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත් බවට ගියාවූ, අප්රමාණවූ, ව්යාපාද රහිතවූ, ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්රමාණවූ ව්යාපාද රහිතවූ ධම්මවිචය සංබොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්රහීණවෙයි. “මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්රමාණවූ, ව්යාපාද රහිතවූ, විරිය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්රමාණවූ ව්යාපාද රහිතවූ විරිය සංබොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්රහීණවෙයි. “මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්රමාණවූ, ව්යාපාද රහිතවූ, පීති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත් බවට ගියාවූ, අප්රමාණවූ ව්යාපාද රහිතවූ, පීති සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්රහීණවෙයි. “මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්රමාණවූ, ව්යාපාද රහිතවූ, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත්බවට ගියාවූ, අප්රමාණවූ, ව්යාපාද රහිතවූ, පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්රහීණවෙයි. “මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත්බවට ගියාවූ, අප්රමාණවූ, ව්යාපාද රහිතවූ, සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ මහත්බවට ගියාවූ, අප්රමාණවූ, ව්යාපාද රහිතවූ, සමාධි සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්රහීණවෙයි. “මහණෙනි, මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත් බවට ගියාවූ, අප්රමාණවූ, ව්යාපාද රහිතවූ, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ, මහත්වූ, මහත් බවට ගියාවූ, අප්රමාණවූ ව්යාපාද රහිතවූ, උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩන්නාවූ ඔහුගේ තෘෂ්ණාව ප්රහීණවෙයි. තෘෂ්ණාව ප්රහීණවීම නිසා කර්මය ප්රහීණවෙයි. කර්මය ප්රහීණවීම නිසා දුක ප්රහීණවෙයි. උදායි! මෙසේ වනාහි තෘෂ්ණාව, ක්ෂයවීමෙන් කර්මය ක්ෂයවෙයි. කර්මය ක්ෂයවීමෙන් දුක ක්ෂයවේයයි” වදාළසේක.
2. 3. 7.
නිරොධ සූත්රය
208. [2] “මහණෙනි, යම් මාර්ගයක්, යම් පිළිවෙතක් තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතීද ඒ මාර්ගය, ඒ පිළිවෙත වඩව්. මහණෙනි, කවර මාර්ගයක්, කවර පිළිවෙතක් තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතීද? යම් මේ බොජ්ඣංග ධර්මයෝ සත්දෙනෙක් වෙත්ද (ඔව්හුය), ඒ සත කවරහුද? [3] “සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපෙක්ඛා සම්බොජ්ඣංගය යන මොහුයි. [4] “මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ නැවත නැවත පුරුදු කරන ලද්දාවූ බොජ්ඣංගයෝ සත්දෙන තෘෂ්ණාව නැතිකිරීම පිණිස පවතිත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණා වූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණා වූ පීති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල වශයෙන් පුරුදු කරන ලද්දාවූ බොධ්යංගයෝ සත්දෙන තෘෂ්ණාව නැති කිරීම පිණිස පවතිත් යයි” වදාළසේක.