2. 1. 4.
වත්ථ සූත්‍රය
550. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ඇවැත්නියි’ කියා ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේට උත්තර දුන්හ. ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක:
ඇවැත්නි, මේ බොජ්ඣංගයෝ සතක් වෙති. ඒ සත කවරහුද? සති සම්බොජ්ඣංගය, ධම්මවිචය සම්බොජ්ඣංගය, විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය සහ උපෙක්ඛා සම්බොජ්ඣංගයයි. ඇවැත්නි, මොවුහු සප්ත බොජ්ඣංගයෝ වෙති. ඇවැත්නි, සප්ත බොජ්ඣංගයන්ගෙන් යම් යම් බොජ්ඣංගයකින් උදය කාලයෙහි වාසය කිරීමට කැමැත්තෙම් නම් ඒ ඒ බොජ්ඣංගයන්ගෙන් යුක්තව උදය කාලයෙහි වාසය කරමි. දවල් කාලයෙහි යම් යම් බොජ්ඣංගයකින් වාසය කිරීමට කැමැත්තෙම් නම් දවල් කාලයෙහි ඒ ඒ බොජ්ඣංගයන්ගෙන් යුක්තව වාසය කරමි. සවස් කාලයෙහි යම් යම් බොජ්ඣංගයකින් වාසය කිරීමට කැමැත්තේ නම් ඒ ඒ බොජ්ඣංගයන්ගෙන් සවස් කාලයෙහි වාසය කරමි.
ඇවැත්නි, මාගේ සති සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ සති සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ සති සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ සති සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි. ඇවැත්නි, මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි. ඇවැත්නි, මාගේ විරිය සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ විරිය සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ විරිය සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ විරිය සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි. ඇවැත්නි, මාගේ පීති සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ පීති සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ පීති සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ පීති සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි. ඇවැත්නි, මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය මෙසේයයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි. ඇවැත්නි, මාගේ සමාධි සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ සමාධි සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ සමාධි සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ සමාධි සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි. ඇවැත්නි, මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය මෙසේයයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය සිටීයයි දැන ගතිමි. ඉදින් මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි. ඇවැත්නි, යම්සේ වනාහි රජෙකුගේ හෝ රජ ඇමතියෙකුගේ හෝ නොයෙක් පාටින් යුත් පිරුණාවූ වස්ත්‍ර පෙට්ටියක් වේද, උදය කාලයෙහි යම් යම් වස්ත්‍ර දෙකක් පෙරවීමට කැමතිවේනම් උදය කාලයෙහි ඒ ඒ වස්ත්‍ර දෙක පොරවන්නේය. දවල් කාලයෙහි යම් යම් වස්ත්‍ර දෙකක් පෙරවීමට කැමතිවේනම්, දවල් කාලයෙහි ඒ ඒ වස්ත්‍ර දෙක පොරවන්නේය. සවස් කාලයෙහි යම් යම් වස්ත්‍ර දෙකක් පෙරවීමට කැමතිවේ නම් සවස් කාලයෙහි ඒ ඒ වස්ත්‍ර දෙක පොරවන්නේය.
ඇවැත්නි, එසේම මම වනාහි මේ සප්ත බොජ්ඣංගයන්ගෙන් යම් යම් බොජ්ඣංගයකින් උදේ කාලයෙහි වාසය කිරීමට කැමැත්තෙම් නම්, ඒ ඒ බොජ්ඣංගයෙන් උදේ කාලයෙහි වාසය කරමි. දවල් කාලයෙහි යම් යම් බොජ්ඣංගයකින් වාසය කිරීමට කැමැත්තෙම් නම් ඒ ඒ බොජ්ඣංගයෙන් දවල් කාලයෙහි වාසයකරමි. සවස් කාලයෙහි යම් යම් බොජ්ඣංගයකින් වාසයකිරීමට කැමැත්තෙම් නම්, ඒ ඒ බොජ්ඣංගයෙන් සවස් කාලයෙහි වාසය කරමි. ඇවැත්නි, මාගේ සති සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ සති සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ සති සම්බොජ්ඣංගය නැතිවේද, මේ හේතුවෙන් මාගේ සති සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි. ඇවැත්නි, මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතිවේද, මේ හේතුවෙන් මාගේ ධම්මවිචය සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි. ඇවැත්නි, මාගේ විරිය සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන්ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ විරිය සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ විරිය සම්බොජ්ඣංගය නැතිවේද, මේ හේතුවෙන් මාගේ විරිය සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි. ඇවැත්නි, මාගේ පීති සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ පීති සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ පීති සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ පීති සම්බොජ්ඣංගය නැතිවේයයි දැන ගතිමි. ඇවැත්නි, මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය මෙසේයයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ පස්සද්ධි සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි. ඇවැත්නි, මාගේ සමාධි සම්බොජ්ඣංගය මෙසේ යයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ සමාධි සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ සමාධි සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ සමාධි සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි. ඇවැත්නි, මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය මෙසේයයිද සිතේ. අප්‍රමාණයයි මට සිතේ. මනාකොට පටන් ගන්නා ලද්දේයයි මට සිතේ. සිටියාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය සිටීයයි දැනගතිමි. ඉදින් මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතිවේද මේ හේතුවෙන් මාගේ උපෙක්ඛා සම්බොජ්ඣංගය නැතිවේයයි දැනගතිමි.
2. 1. 5.
භික්ෂු සූත්‍රය
551. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ස්වාමීනි, බොජ්ඣංගයෝ, බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්. ස්වාමීනි, කොපමණකින් වනාහි බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්ද? “මහණ, නිර්වාණය අවබෝධ කිරීම පිණිස පවතින නිසා බොජ්ඣංගයෝයයි කියනු ලැබෙත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරුකළාවූ, විරාගය ඇසුරුකළාවූ, නිරෝධය ඇසුරුකළාවූ, නිවනට නැමුණාවූ උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද,