12. 10. 7-9.
5. උක්කෝටනාදි සූත්‍රය
3939-3941. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ අයුක්ති වඤ්චා රැවටිලි වංක කම් වලින් වෙන් වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ තුමූ අයුක්ති වඤ්චා රැවටිලි වංකකම් වලින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද යත්,
12. 10. 10-15.
6-11. ඡෙදන ආදී සූත්‍ර
3942-3947. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්ත්වයෝ (අත් පා ආදිය) කැපීම, මැරීම, (රැහැන් ආදියෙන්) බැඳීම, (හිමෙන් හෝ පඳුරු ආදියෙන් සැඟවී සිට) මං පැහැරීම, ගම් පැහැරීම, බලහත්කාරකම් කිරීම යන ක්‍රියාවලින් වැළකුණාහු නම් ඔවුහු ස්වල්පයහ. එහෙත් යම් සත්ත්වයෝ කැපීම, මැරීම, බැඳීම, මං පැහැරීම, ගම් පැහැරීම, බලහත්කාරකම් කිරීම යන ක්‍රියාවලින් නොවැළකුණාහු නම් ඔවුහුම අතිශයින් බොහෝ වෙති. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්ය සත්‍යය නොදුටු බැවිනි. කවර සතරක්ද යත්: දුක්ඛ ආර්ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය යන සතරයි. මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුකයි” යි වීර්යය කළ යුතුය. “මේ දුක හටගැනීමට හේතුවයි” යි වීර්යය කළ යුතුය. “මේ දුක නැති වීමයි” යි වීර්යය කළ යුතුය. “මේ දුක නැති කිරීමට පවත්නා ප්‍රතිපදාවයි” යි වීර්යය කළ යුතුය.
චතුත්ථආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො දසමො.
එහි උද්දානය:
ඛෙත්තවත්ථු, කයවික්කය, දූතෙය්‍ය, තුලාකූට, කංසකූට, මානකූට, උක්කොටන, වඤ්චන, නිකති, ඡෙදන, වධ, බන්ධන, විපරාමොස, ආලොප සහ සාහසික යනු එහි සූත්‍රයි.