10. චතුර්ථ ආමකධඤ්ඤ වර්ගය
12. 10. 1.
1. ඛෙත්තවත්ථු සූත්රය
1161. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෙක් තුමූ කෙත්වතු පිළිගැණීමෙන් වැළකුණාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙති. යම් සත්වයෝ කෙත්වතු පිළිගැණීමෙන් නොවැළකුණාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්ය්ය සත්යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද යත්,
12. 10. 2.
2. කායවික්කය සූත්රය
1162. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිලදී ගැනීමෙන් හා විකිණීමෙන් වෙන්වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්, යම් සත්වයෝ මිලදී ගැනීමෙන් හා විකිණීමෙන් වෙන් නොවූවාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙති. ඊට හේතු කවරේද යත් “මහණෙනි, සතර ආර්ය්ය සත්යයන් නොදක්නාලද බවය.
12. 10. 3.
3. දූතෙය්ය ගමන සූත්රය
1163. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ දූතනම් පණිවුඩ පණත්කම් කිරීමෙහි යෙදීමෙන් වෙන්වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ දූතකම් පණිවුඩ පණත් කම් කිරීමෙහි යෙදීමෙන් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතුකවරේද යත්, සතර ආර්ය්ය සත්යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද?
12. 10. 4-6.
4. තුලාකූටාදි සූත්රය
1164. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තුමූ හොර තරාදිවලින් කිරීම හොඳ රන් සේ බොරු රන් දීම හොරට මැනීම මෙයින් වෙන් වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ හොර තරාදි වලින් කිරීම හොඳ රන් සේ බොරු රන් දීම හොරට මැනීම් යන මෙයින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද? සතර ආර්ය්ය සත්යයන් ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්,
12. 10. 7-9.
5. උක්කෝටනාදි සූත්රය
1165. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ අයුක්ති වඤ්චා රැවටිලි වංක කම් වලින් වෙන් වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ තුමූ අයුක්ති වඤ්චා රැවටිලි වංකකම් වලින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්ය්ය සත්යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද යත්,
12. 10. 10-15.
6-11. ඡෙදන ආදී සූත්ර
1166-1171. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තුමූ කැපීම් මැරීම් බැඳීම් රැවටීම් පැහැරගැනීම් සැහැසිකම්වලින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්ය්ය සත්යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද යත්, “මහණෙනි, එසේම වධකිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් වධ කිරීමෙන් නොවැළකුණුවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්ය්යසත්යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? “මහණෙනි, එසේම වධබන්ධනයෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් වධබන්ධනයෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්ය්යසත්යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? “මහණෙනි, එසේම වඤ්චාකිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ ස්වල්පයහ. එහෙත් වඤ්චාකිරීමෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝ වූහ. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්ය්යසත්යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? “මහණෙනි, එසේම කොල්ලකෑමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් කොල්ලකෑමෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්ය්යසත්යය නොදක්නාලද හෙයිනි. කිනම් සතරක්ද? “මහණෙනි, එසේම බලහත්කාරකමින් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් බලහත්කාරකමින් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝ වූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්ය්යසත්යය නොදක්නාලද හෙයිනි. කිනම් සතරක්ද?
චතුත්ථආමකධඤ්ඤපෙය්යාලවග්ගො දසමො.
එහි උද්දානය:
ඛෙත්තවත්ථු, කයවික්කය, දූතෙය්ය, තුලාකූට, කංසකූට, මානකූට, උක්කොටන, වඤ්චන, නිකති, ඡෙදන, වධ, බන්ධන, විපරාමොස, ආලොප සහ සාහසික යනු එහි සූත්රයි.