12. 10. 10-15.
6-11. ඡෙදන ආදී සූත්ර
1166-1171. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තුමූ කැපීම් මැරීම් බැඳීම් රැවටීම් පැහැරගැනීම් සැහැසිකම්වලින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්ය්ය සත්යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද යත්, “මහණෙනි, එසේම වධකිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් වධ කිරීමෙන් නොවැළකුණුවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්ය්යසත්යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? “මහණෙනි, එසේම වධබන්ධනයෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් වධබන්ධනයෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්ය්යසත්යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? “මහණෙනි, එසේම වඤ්චාකිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ ස්වල්පයහ. එහෙත් වඤ්චාකිරීමෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝ වූහ. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්ය්යසත්යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? “මහණෙනි, එසේම කොල්ලකෑමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් කොල්ලකෑමෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්ය්යසත්යය නොදක්නාලද හෙයිනි. කිනම් සතරක්ද? “මහණෙනි, එසේම බලහත්කාරකමින් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් බලහත්කාරකමින් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝ වූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්ය්යසත්යය නොදක්නාලද හෙයිනි. කිනම් සතරක්ද?
චතුත්ථආමකධඤ්ඤපෙය්යාලවග්ගො දසමො.
එහි උද්දානය:
ඛෙත්තවත්ථු, කයවික්කය, දූතෙය්ය, තුලාකූට, කංසකූට, මානකූට, උක්කොටන, වඤ්චන, නිකති, ඡෙදන, වධ, බන්ධන, විපරාමොස, ආලොප සහ සාහසික යනු එහි සූත්රයි.
11. පඤ්චගතිපෙය්යාල වර්ගය
12. 11. 1.
මනුස්සචුති සූත්රය
3948. එක් කලෙක භාග්යවතුන් වහන්සේ ස්වල්ප වූ නියපිට පස් පිඩක් ගෙන භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? කවරක් නම් බොහෝ ද? මා විසින් මේ නියපිටට ගන්නා ලද ස්වල්ප වූ පස් පිඩද, මේ මහ පොළොව ද?” “ස්වාමීනි, මේ මහ පොළොවම බොහෝය. භාග්යවතුන් වහන්සේ විසින් නියපිටට ගන්නා ලද පස් පිඩ ඉතා ස්වල්පය. මහ පොළොව හා සසඳන කල භාග්යවතුන් වහන්සේ විසින් නියපිටට ගන්නා ලද පස් පිඩ සංඛ්යාවකට ද නොපැමිණෙයි, කලබාගයකට ද නොපැමිණෙයි, උපමාවකටද නොපැමිණෙයි.” “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව නැවත මිනිස් ලොව උපදින්නාහුද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව නරකයෙහි උපදිත්ද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්ය්ය සත්යයන් නොදක්නා ලද බවය, ඒ සතර කවරහුද? දුක්ඛ ආර්ය සත්යය... -පෙ- දුක්ඛනිරෝධගාමිණී ප්රතිපදා ආර්ය සත්යය යි. එහෙයින් මහණෙනි, ‘මේ දුකය’යි වීර්ය්ය කළ යුතුය... ‘මේ දුක්ඛනිරෝධගාමිණී ප්රතිපදාවය’යි වීර්ය්ය කළ යුතුය.”
12. 11. 2.
දුතියමනුස්සචුති සූත්රය
3949. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව මිනිස් ලොව උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්? සතර ආර්ය්ය සත්යයන් නොදක්නා ලද බැවිනි, කවර ඒ සතරකගේද -පෙ- යොගො කරණීයොති.
12. 11. 3.
තතියමනුස්සචුති සූත්රය
3950. මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව මිනිස් ලොව උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙති. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව ප්රේත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්ය්ය සත්යයන්ගේ නොදැනීම වෙත්, කවර සතරකගේද යත්? -පෙ- යොගො කරණීයොති.
12. 11. 4.
චතුත්ථමනුස්සචුති සූත්රය
3951. මහණෙනි, එපරිද්දෙන්ම මිනිස් ලොවින් චුතවූවාහු දෙවියන් අතරෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව නරකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද සතර ආර්ය්ය සත්යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්? -පෙ- යොගො කරණීයොති.