12. 10. 4-6.
4. තුලාකූටාදි සූත්‍රය
1164. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තුමූ හොර තරාදිවලින් කිරීම හොඳ රන් සේ බොරු රන් දීම හොරට මැනීම මෙයින් වෙන් වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ හොර තරාදි වලින් කිරීම හොඳ රන් සේ බොරු රන් දීම හොරට මැනීම් යන මෙයින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන් ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්,
12. 10. 7-9.
5. උක්කෝටනාදි සූත්‍රය
1165. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ අයුක්ති වඤ්චා රැවටිලි වංක කම් වලින් වෙන් වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ තුමූ අයුක්ති වඤ්චා රැවටිලි වංකකම් වලින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද යත්,
12. 10. 10-15.
6-11. ඡෙදන ආදී සූත්‍ර
1166-1171. “මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තුමූ කැපීම් මැරීම් බැඳීම් රැවටීම් පැහැරගැනීම් සැහැසිකම්වලින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද යත්, “මහණෙනි, එසේම වධකිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් වධ කිරීමෙන් නොවැළකුණුවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? “මහණෙනි, එසේම වධබන්ධනයෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් වධබන්ධනයෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? “මහණෙනි, එසේම වඤ්චාකිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ ස්වල්පයහ. එහෙත් වඤ්චාකිරීමෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝ වූහ. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද? “මහණෙනි, එසේම කොල්ලකෑමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් කොල්ලකෑමෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නාලද හෙයිනි. කිනම් සතරක්ද? “මහණෙනි, එසේම බලහත්කාරකමින් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් බලහත්කාරකමින් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝ වූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නාලද හෙයිනි. කිනම් සතරක්ද?
චතුත්ථආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො දසමො.
එහි උද්දානය:
ඛෙත්තවත්ථු, කයවික්කය, දූතෙය්‍ය, තුලාකූට, කංසකූට, මානකූට, උක්කොටන, වඤ්චන, නිකති, ඡෙදන, වධ, බන්ධන, විපරාමොස, ආලොප සහ සාහසික යනු එහි සූත්‍රයි.