11. 5. 8.
8. භද්දිය සක්ක සූත්රය
3816. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයෙහි කිඹුල්වත්පුරයෙහිවූ නිග්රොධාරාමයෙහි වැඩවසනසේක. එකල්හි භද්දිය නම් ශාක්යතෙම භාග්යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතු කථාව කර නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ භද්දිය ශාක්යයාට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “භද්දිය, ධර්මසතරකින් ආර්ය්යශ්රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි. කවර සතරකින්ද යත්? මහණෙනි, මෙහි ආර්ය ශ්රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙයි අඛණ්ඩ වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා. “භද්දිය, මේ ධර්ම සතරින් යුත් ආර්ය්යශ්රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි.”
11. 5. 9.
9. මහානාම සක්ක සූත්රය
3817. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්යජනපදයෙහි කිඹුල්වත්පුරයෙහිවූ නිග්රොධාරාමයෙහි වැඩවසනසේක. එකල්හි මහානාම නම් ශාක්යතෙම භාග්යවතුන්වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතු කථාව කර නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ මහානාම ශාක්යයාට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළේය. “මහානාම, ධර්ම සතරකින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙම අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි. කවර සතරකින්ද, මහණෙනි, මෙහි ආර්ය ශ්රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙයි: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධර්මය කෙරෙහි ... (පෙ)... සංඝයා කෙරෙහි ... (පෙ)... ආර්යකාන්ත ශීලයෙන් යුක්ත වෙයි අඛණ්ඩ වූ ... (පෙ)... සමාධිය පිණිස පවත්නා. “මහානාම, මේ ධර්ම සතරින් යුත් ආර්ය්යශ්රාවකතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ නියත ගති ඇත්තාවූ මතුමාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන්වූයේ වෙයි” කියායි.
11. 5. 10.
10. චතුරංග සූත්රය
1046. “මහණෙනි, මේ සොතාපත්තියංග සතරක් වෙති. කවර සතරක්ද, සත්පුරුෂ සේවනය, සද්ධර්මශ්රවණය, යොනිසොමනසිකාරය ධර්මානුධර්ම ප්රතිපත්තිය යනුයි. මහණෙනි, මේ සොතාපත්තියංග සතර වෙති.
සගාථකපුඤ්ඤාභිසන්දවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
අසඞ්ඛෙය්ය සූත්ර තුනක් ද, අනතුරුව අඩ්ඪ සූත්ර දෙකක් ද, සුද්ධක, නන්දිය, භද්දිය, මහානාම සහ අඞ්ග සූත්රයෙන් දස වැන්න යයි කියන ලදී.
6. සප්පඤ්ඤ වර්ගය
11. 6. 1.
අදළිද්ද (සගාථක) සූත්රය
1047. [1] මා විසින් මෙසේ අසන ලදී. [2] “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙමේ අපායෙහි නොවැටීම ස්වභාවය කොට ඇත්තේ නියත ගති ඇත්තේ මතුමාර්ගත්රය නම් සම්බොධිය පිහිටකොට ඇත්තේ සෝවාන්වූයේ වෙයි. කවරනම් සතරකින්ද යත්: මහණෙනි, මෙහි ආර්ය ශ්රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි 'ඒ භාග්යවතුන් වහන්සේ මෙසේද අරහත්ය... ශාස්තෘය, බුද්ධය, භාග්යවත්ය'යි අචල ප්රසාදයෙන් යුක්ත වෙයි. ධර්මය කෙරෙහි... සංඝයා කෙරෙහි... ආර්ය කාන්ත වූ... සමාධිය පිණිස පවත්නා සීලයෙන් යුක්ත වෙයි. [7] “මහණෙනි, මේ සතර ධර්මයෙන් යුක්තවූ ආර්ය්ය ශ්රාවකතෙම අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇත්තේ නියත ගති ඇත්තේ මතුමාර්ගත්රය පිහිටකොට ඇත්තේ සෝවාන් වූයේ වෙයි” මේ කාරණය භාග්යවතුන් වහන්සේ වදාළසේක සුගතයන්වහන්සේ මෙය වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ:
යම් කෙනෙකුට තථාගතයන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන මනාව පිහිටි ශ්රද්ධාවක් ඇද්ද, යමෙකුට ආර්ය්යයන් විසින් කැමතිවූ පැසසුම් ලද යහපත් සීලයක් ඇද්ද,
යමෙකුට සංඝයා කෙරෙහි පැහැදීමක් ඇද්ද, ඍජුවූ දැකීමක් ඇද්ද, ඔහු දිළිඳු නොවේ යයි කියති. ඔහුගේ ජීවිතය හිස් එකක් නොවේ.
එහෙයින් නුවණැත්තා බුදුවරුන්ගේ අනුශාසනාව සිහි කරමින් ශ්රද්ධාවද, සීලයද, පැහැදීමද, ධර්ම දර්ශනයද (නිතර) යෙදිය යුතුය.
11. 6. 2.
වස්සවුත්ථ සූත්රය
1048. මා විසින් මෙසේ අසන ලදී. එකල සැවැත්නුවර වස්විසූ භික්ෂුවක් යම්කිසි කටයුත්තක් සඳහා කිඹුල්වත් පුරයට පැමිණියේ වෙයි. සැවැත්නුවරට වස්විසූ කිසියම් භික්ෂුවක් කිඹුල්වත් පුරයට පැමිණියේයයි කිඹුල්වත්පුර වාසී ශාක්යයෝ ඇසූහ. එකල කිඹුල්වත්පුර වැසි ශාක්යයෝ ඒ භික්ෂුව යම්තැනෙක්හිද, එතැනට ගියාහුය. එහි ගොස් ඒ භික්ෂුව වැඳ එක්පසෙක හුන්නාහ. එක්පසෙක හුන්නාවූ කිඹුල්වත්පුර වාසී ශාක්යයෝ ඒ භික්ෂුවට මේ කාරණය කීහ.
‘ස්වාමීනි, කිමෙක්ද? භාග්යවතුන්වහන්සේ නිරෝගිද, ශක්තිමත්ද?” “ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ නිරෝගිද ශක්තිමත්ද වෙති.” “කිමෙක්ද? ස්වාමීනි, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ නිරෝගිද ශක්තිමත්ද?” “ඇවැත්නි, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ නිරෝගිද ශක්තිමත් වෙති.” “කිමෙක්ද? ස්වාමීනි, භික්ඛු සංඝයා වහන්සේ නිරෝගිද ශක්තිමත්ද?” “ඇවැත්නි, භික්ඛු සංඝයා වහන්සේ නිරෝගිද ශක්තිමත්ද වෙත්.” “ස්වාමීනි, ඔබ වහන්සේ විසින් මේ වස් කාලය තුළ භාග්යවතුන් වහන්සේගේ හමුවෙන් අසන ලද (භාග්යවතුන් වහන්සේගේ) හමුවෙන් පිළිගන්නා ලද කිසිවක් ඇත්තේද?” “ඇවැත්නි, මා විසින් භාග්යවතුන් වහන්සේගේ හමුවෙන් මේ කාරණය අසන ලදී. භාග්යවතුන් වහන්සේගේ හමුවෙන් මෙය පිළිගන්නා ලදී: