11. 4. 5.
දුතිය දෙවපද සූත්රය
3803. මහණෙනි, අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නා ලද මේ පාදයෝ සතරක් වෙති. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ මේ කාරණයෙන්ද ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ... බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, හෙතෙම මෙසේ සිතා බලයි. දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද පාද යනු කුමක්ද කියායි. හෙතෙම ‘මම වනාහි දැන් දෙවියන් අවිහිංසාව උතුම්කොට ඇත්තන්යයි අසමියි මම වනාහි තැතිගන්නාවූද බිය නොගන්නාවූද කිසිවෙකුටත් කිසි හිංසාවක් නොකරමි. ඒකාන්තයෙන් මම දිව්යපාදයයි කියනලද ධර්මයෙන් යුක්තව වාසය කරමි’යි මෙසේ දනියි. අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ පළමුවැනි පාදයයි.
තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට වදාරණ ලදී... ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, හෙතෙම මෙසේ සිතා බලයි. දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද පාදය යනු කුමක්ද කියායි... අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදු බව පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රවීම පිණිසත් දෙවියන්ගේ දෙවි නුවණින් බැසගන්නාලද මේ දෙවෙනි පාදයයි. තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා මනාව පිළිපන්නේය... සංඝයා කෙරෙහි නො සෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, හෙතෙම මෙසේ සිතා බලයි. විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද පාද යනු කුමක්ද කියායි... අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්රබව පිණිසත් විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ තෙවෙනි පාදයයි. මහණෙනි, තවද ආර්ය්යශ්රාවකතෙමේ කඩනොවූ... සීලයෙන් යුක්ත වූයේ වෙයි. හෙතෙම මෙසේ සිතා බලයි. විසුද්ධි දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද, පාදය කුමක්ද කියායි. හෙතෙම ‘මම වනාහි දැන් දෙවියන් අවිහිංසාව උතුම්කොට ඇත්තන් යයි අසමි. මම වනාහි තැතිගන්නාවූද, බිය නැත්තාවූද, කිසිවෙකුටත් කිසි හිංසාවක් නොකරමි. ඒකාන්තයෙන් මම දිව්යපාද සංඛ්යාත ධර්මයෙන් සමන්විතව වාසය කරමියි’ මෙසේ දනියි. අපිරිසිදු සත්වයන්ගේ පිරිසිදුවීම පිණිසත් අපවිත්ර සත්වයන්ගේ පවිත්ර බව පිණිසත් දෙවියන්ගේ නුවණින් බැසගන්නාලද මේ සතරවෙනා පාදයයි.
11. 4. 6.
සභාගත සූත්රය
3804. මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ සතුටු සිතැති දෙවියෝ සභාවට ගියාහු මෙසේ කථාකෙරෙත්. කවර නම් සතරකින්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ මේ කාරණයෙන්ද ඒ භාග්යවතුන් වහන්සේ අර්හත්හ... බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, ‘යම් ඒ දේවතාකෙනෙක් බුදුරදුන් කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහුය. මෙලොවින් චුතවී දෙව්ලොව උපන්නාහුද, ඒ දේවතාවන්ට මෙබඳු අදහසක් වෙයි. අපි වනාහි යම් ලෙසකින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් මේ දෙව්ලොව උපන්නමෝද එලෙසින් බුදුරදුන් කෙරෙහි නො සැලෙන සැදැහැයෙන් යුක්තවූයේ ආර්ය්යශ්රාවක තෙමේද දෙවියන් වෙත එනුමැනවයි’ කියායි.
තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත්කොට වදාරණ ලදී... ධර්මය කෙරෙහි නොසෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, “යම් ඒ දේවතා කෙනෙක් ධර්මය කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් දෙව්ලොව උපන්නාහුද ඒ දේවතාවනට මෙබඳු සිතක් වෙයි. යම් ලෙසකින් ‘අපි වනාහි ධර්මය කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවෝ එලොවින් චුතව මෙහි උපන්නමෝද එලෙසින් ධර්මය කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවූ ආර්ය්ය ශ්රාවකතෙමේද දෙවියන් වෙත එනුමැනව’ කියායි. තවද මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙමේ භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක සංඝයා මනාව පිළිපන්නේය... සංඝයා කෙරෙහි නො සෙල්වෙන සැදැහැයෙන් යුක්තවූයේ වෙයිද, යම් ඒ දේවතා කෙනෙක් සංඝයා කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් දෙව්ලොව උපන්නාහුද ඒ දේවතාවන්ට මෙබඳු සිතක් වෙයි. යම් ලෙසකින් ‘අපි වනාහි සංඝයා කෙරෙහි නොසැලෙන සැදැහැයෙන් යුක්තවූවාහු එලොවින් චුතවීමෙන් මෙහි උපන්නමෝද, එලෙසින් සංඝයාකෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවූයේ ආර්ය්යශ්රාවක තෙමේද, දෙවියන් වෙත එනු මැනවි’ කියායි. තවද මහණෙනි, ආර්ය්යශ්රාවකතෙමේ නොකැඩුනාවූ, සිදුරු නොවූ, කබර නොවූ, කැළල්නොවූ, නිදොස්වූ, නුවණ ඇත්තන් විසින් ප්රශංසා කරන ලද්දාවූ තෘෂ්ණාදෘෂ්ටීන් විසින් පරාමර්ෂණය නොකරන ලද්දාවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්ය්යයන් කැමැති ශීලයෙන් යුක්තවූයේ වෙයිද, “යම් ඒ දේවතා කෙනෙක් ආර්ය්යයන් කැමතිවූ සීලයෙන් යුක්තවූවාහු මෙලොවින් චුතවීමෙන් දෙව්ලොව උපන්නාහුද, ඒ දෙවතාවන්ට මෙබඳු සිතක් වෙයි. යම්බඳුවූ ‘අපි වනාහි ආර්ය්යයන් කැමැති සීලයෙන් යුක්තවූවාහුද එයින් චුතවීමෙන් මෙහි උපන්නමෝද ආර්ය්යශ්රාවක තෙමේද එබඳුවූ ආර්ය්යයන් කැමතිවූ සීලයෙන් යුක්තවූයේ දෙවියන් වෙත එනු මැනවි’ කියායි. මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ සතුටු සිත් ඇති දෙවියෝ සභාවට ගියාහු මෙසේ කථා කෙරෙත්.
11. 4. 7.
මහානාම සූත්රය
3805. එකං සමයං භගවා සක්කෙසු විහරති කිඹුල්වත්පුර නිග්රොධාරාමයෙහි වැඩ වාසය කළහ. එකල්හි මහානාම ශාක්ය රජ තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පසෙක උන්නේය. එක්පසෙක උන්නාවූ මහානාම ශාක්ය රජතෙම භාග්යවතුන් වහන්සේට මේ කරුණ සැළ කෙළේය. “ස්වාමීනි, කොපමණකින් උපාසකයෙක් වෙයිදැයි” (ඇසීය.) “මහානාමය, යම් වේලාවක පටන් බුදුන් සරණ ගියේ වෙයිද, ධර්මය සරණ ගියේ වෙයිද, සංඝායා සරණ ගියේ වෙයිද මහානාම, එතැන් පටන් උපාසකයෙක් වේයයි” (වදාළහ.)
“වහන්ස, කොපමණකින් වනාහි උපාසක තෙම සීලයෙන් යුක්ත වෙයිද?” “මහානාම, යම් තැනක පටන් උපාසක තෙම ප්රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයන්හි වැරදි හැසුරුමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේවෙයිද, පමාවට කරුණුවූ රහමෙර පීමෙන් වැළකුණේ වෙයිද, මහානාම, මෙපමණකින් උපාසක තෙම සිල්වතෙක් වෙයි.”
“වහන්ස, කොපමණකින් උපාසකතෙම සැදැහැවතෙක් වෙයිද?” “මහානාම, මේ ශාසනයෙහි උපාසකතෙම මේ මේ කාරණයෙන් භාග්යවතුන් වහන්සේ අර්හත්ය. සම්යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, පුරුෂයන් දමනය කිරීමෙහි අතිඋතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්ය්ය සත්යය අවබෝධ කළසේක. භාග්යවත්හ යනුවෙන් සැදැහැ ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ බුදුබව අදහයිද, මහානාම, මෙපමණකින් උපාසකතෙම සැදැහැයෙන් යුක්තවූවෙක් වෙයි”