11. 3. 4.
පඨම සරකානි සූත්රය
1020. [1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නීග්රොධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සරකානි නම් ශාක්යතෙම කාලක්රියා කෙළේය භාග්යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි වදාරණලදී. [2] “එහිදී බොහෝ ශාක්යයෝ එක්ව රැස්ව, මෙසේ දොස් කියත්, ගර්හා කරත්, බැණවදිත් කෙසේද? පින්වතුනි, ආශ්චර්ය්යයකි පුදුමයකි. සාරකානි ශාක්යතෙම කළුරිය කෙළේය. භාග්යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි ප්රකාශ කරනලදී. එසේ නම් මෙහි කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේද? සරකානි ශාක්යතෙම ශීලයෙන් දුර්වලවූ මත්පැන් පානය කරන්නෙක් විය යනුවෙනි.”
[3] ඉක්බිති මහානාම ශාක්යතෙම භාග්යවතුන්වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් මහානාම ශාක්යතෙම භාග්යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මෙහි සරකානි ශාක්යතෙම කළුරිය කෙළේය. භාග්යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි වදාරණලදී. “ස්වාමීනි, එහි බොහෝ ශාක්යයෝ එක්ව රැස්ව මෙසේ දොස් කියත්, ගර්හා කරත්, බැණ වදිත්. කෙසේද? පින්වත්නි, ආශ්චර්ය්යයකි, පුදුමයකි. සරකානි ශාක්යතෙම කළුරිය කෙළේය. භාග්යවතුන් වහන්සේ විසින් හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ රහත් බවට නියතවූ මතුමාර්ගත්රය පිහිට කොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙකැයි ප්රකාශ කරන ලදී. එසේ නම් මෙහි කවරෙක් සෝවාන් වූවෙක් නොවන්නේද? සරකානි ශාක්යතෙම ශීලයෙන් දුර්වලවූ මත්පැන් පානය කරන්නෙක් විය යනුවෙනි.”
[4] “මහානාමය, යම් ඒ උපාසකයෙක් තෙම බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුන් සරණකොට ගියේ වේද, ධර්මය සරණකොට ගියේ වේද, සංඝයා සරණකොට ගියේ වේද, හෙතෙම කෙසේ අපායට යන්නේද? මහානාමය, යමෙකුට වනාහි බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුරජාණන් වහන්සේ සරණකොට ගියාවූ, ධර්මය සරණකොට ගියාවූ සංඝයා සරණකොට ගියාවූ උපාසකයෙකැයි මනාව කියන්නේ නම් සරකානි ශාක්යයාහට මනාකොට කියන්නේය. මහානාමය, සරකානි ශාක්යතෙම බොහෝ කාලයක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියාවූ ධර්මය සරණ ගියාවූ සංඝයා සරණ ගියාවූ උපාසකයෙක් වන්නේය. හෙතෙම කෙසේ අපායට යන්නේද?
[5] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූයේ වෙයිද, මෙසේ භාග්යවතුන් වහන්සේ අර්හත්යහ. සම්යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලොකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්ය්යසත්යය අවබෝධ කළසේක භාග්යවත්හ කියායි. ධර්මය කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූවාහුය. භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය, කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි. පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය කියායි. සංඝයා කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූවාහුය. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකසංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය, ගරු බුහුමනට යොග්යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්රත්යය පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය කියායි. මහත් නුවණින් යුක්ත වූයේද තියුණු නුවණින් යුක්ත වූයේ වෙයිද, අර්හත් ඵලයෙන් යුක්ත වූයේ වෙයිද, හෙතෙම ආශ්රවයන් ක්ෂය කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත් ඵල සමාධියත් අර්හත් ඵල ප්රඥාවත් මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ, වාසය කෙරෙයි. මහානාමය, මේ පුද්ගලතෙමේද, නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ, ප්රෙත විෂයෙන් මිදුනේ, නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති අපායෙන් මිදුනේ වෙයි.
[6] “මහානාමය, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙක් බුදුන් කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූයේම වෙයිද, මෙසේ භාග්යවතුන් වහන්සේ අර්හත්යහ. සම්යක් සම්බුද්ධයහ. විජ්ජාචරණ සම්පන්නයහ. සුගතයහ. ලොකවිදූහ. පුරුෂයන් දමනය කිරීමෙහි අති උතුම් රියැදුරෙකු හා සමානයහ. දෙවි මිනිසුන්ගේ ශාස්තෲහ. චතුරාර්ය්යසත්යය අවබෝධ කළසේක භාග්යවත්හ කියායි. ධර්මය කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූවාහුය. භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. මේ ආත්මයෙහි දෙන ඵල ඇත්තේය, කල් නොයවා දෙන විපාක දෙන්නේය. එව බලවයි. පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමන් තුළ එළවා වැඩිය යුතු ගුණයෙන් යුක්තවූයේය. නුවණැත්තන් විසින් වෙන වෙනම දත යුත්තේය කියායි. සංඝයා කෙරෙහි අචල ප්රසාදයෙන් යුක්තවූවාහුය. භාග්යවතුන් වහන්සේගේ ශ්රාවකසංඝතෙම ශාසන ප්රතිපත්තියෙහි මනාව පිළිපන්නේය. ඍජුව පිළිපන්නේය. නිවනට සුදුසුව පිළිපන්නේය, ගරු බුහුමනට යොග්යව පිළිපන්නේය. යම් මේ පුරිසයුග සතරක් වෙත්ද, පුද්ගලයන් අට දෙනෙක් වෙත්ද, මේ ශ්රාවක සංඝතෙම ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසුවූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැන්මට සුදුසු වූයේය. කම්පල අදහා දෙන ප්රත්යය පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලි කිරීමට (වැඳීමට) සුදුසු වූයේය. ලෝකයාගේ උතුම් පින් කුඹුරය කියායි. මහත් නුවණ ඇත්තේ තියුණු නුවණ ඇත්තේ අර්හත් ඵලයෙන් යුක්ත නොවූයේ වෙයිද හෙතෙම පඤ්චවිධවූ ඔරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඕපපාතිකව එහිදී පිරිනිවන් පාන්නාවූ ඒ බඹලොවින් නැවත නොඑන ස්වභාවය ඇතියෙක් වෙයි. මහානාමය, මේ පුද්ගල තෙමේද, නිරයෙන් මිදුනේ, තිරිසන් යොනියෙන් මිදුනේ, ප්රේත විෂයෙන් මිදුනේ, නපුරු ගති ඇති, විෂමවූ වැටීම් ඇති, අපායෙන් මිදුනේ වෙයි.