11. 1. 9.
දුතිය ගිඤ්ජකාවසථ සූත්රය
එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය කීහ: “ස්වාමීනි, අසොක නම් මහණතෙම කළුරිය කෙළේය ඒ මහණහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, අසෝක නම් මෙහෙණ කළුරිය කළාය. ඒ මෙහෙණගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, අසෝක නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, අසොක නම් උපාසිකාව කළුරිය කළාය. ඇගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද?
“ආනන්දය, කළුරිය කළ අසෝක මහණතෙම ආශ්රවයන් ක්ෂය කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ විසීය. “ආනන්දය, කළුරිය කළාවූ අසොක මෙහෙණ ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ඔපපාතික වූවා, ඒ බ්රහ්ම ලෝකයෙන් නැවත නොඑන ස්වාභාව ඇත්තී එහිදී පිරිනිවන් පාන්නීය. “ආනන්දය, කළුරිය කළාවූ අසොක ගෘහපතිතෙම ත්රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන්, රාග ද්වේෂ මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමීව එක්වරක් පමණක් මේ ලෝකයට අවුත් දුක් කෙළවර කරන්නේය. “ආනන්දය, කාලක්රියා කළාවූ අසොක උපාසිකා තොමෝ ත්රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇත්තාවූ රහත් බවට නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් තැනැත්තියක් වූවාය. “ආනන්දය, යම් ධර්ම ක්රමයකින් යුක්තවූ ආර්ය්යශ්රාවක තෙම කැමැතිවන්නේ ‘මම ක්ෂය කරන ලද නිරය ඇත්තේ වෙමි... සෝවාන් පුද්ගලයෙක් වෙමියි’ තෙමේම තමහට ප්රකාශ කරන්නේද, ආනන්දය මේ ධර්මාදාස නම්වූ ඒ ධර්මක්රමය වෙයි.”
(මුලින් දැක්වූ සූත්රය මෙන් විස්තර කළ යුතුය.)
11. 1. 10.
තතිය ගිඤ්ජකාවසථ සූත්රය
එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය කීහ: “ස්වාමීනි, ඤාතිකයෙහි කකුධ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහිවූ කාලිංග නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? “ස්වාමීනි, ඤාතිකයෙහි තික්ඛ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහි කටිස්සහ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහි තුට්ඨ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහි සන්තුට්ඨ නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහි භද්ද නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද, පරලොව කුමක්ද? ස්වාමීනි, ඤාතිකයෙහිවූ සුභද්ද නම් උපාසක තෙම කළුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක්ද පරලොව කුමක්ද?”
“ආනන්දය, කළුරිය කළාවූ කකුධ උපාසකතෙම තෙම ඔරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්රහ්ම ලෝකයෙන් මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ කාලිංග උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්රහ්ම ලෝකයෙන් මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ නික්ඛ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්රහ්ම ලෝකයෙන් නැවත මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ කටිස්සහ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්රහ්ම ලෝකයෙන් මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. ‘ආනන්දය, කළුරිය කළාවූ තුට්ඨ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්රහ්ම ලෝකයෙන් නැවත මේ ලෝකයට නො එන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ සන්තුට්ඨ උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්රහ්ම ලෝකයෙන් නැවත මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ භද්ද උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්රහ්ම ලෝකයෙන් නැවත මේ ලෝකයට නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ සුභද්ද උපාසකතෙම ඔරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් බ්රහ්ම ලෝකයෙන් මේ ලෝකයට නැවත නොඑන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි.
“ආනන්දය, කළුරිය කළාවූ ඥාතිකයෙහිවූ පනසකට අධික උපාසකයෝ තුමූ ඔරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ඒ බඹ ලෝකයෙන් මේ කාම ලෝකයට නැවත නො එන ස්වභාව ඇත්තේ ඔපපාතිකව එහිම පිරිනිවන් පාන්නේ වෙයි. “ආනන්දය, කළුරිය කළාවූ ඥාතිකයෙහිවූ අනූවකට අධික උපාසකයෝ තුමූ ත්රිවිධ සංයෝජනයන් ක්ෂයකිරීමෙන් රාග-ද්වේෂ-මෝහයන් තුනී කළ සකෘදාගාමිව වරක් පමණක් මේ ලෝකයට අවුත් දුක් කෙළවර කෙරෙත්. “ආනන්දය, කළුරිය කළාවූ පන්සිය සයදෙනෙකුට අධික වූ ඤාතිකයෙහි වූ උපාසකයෝ තුමූ ත්රිවිධ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තාවූ, නිවන නියතවූ, මතුමාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෝ වූහයි” වදාළේය.
“ආනන්දය, මිනිසෙකු මැරෙන්නේය යන මෙය පුදුමයක් නොවේ. ඉදින් ඒ ඒ මිනිසුන් මළ කල්හි මා කරා පැමිණ, මේ කරුණ අසන්නහුනම්, ආනන්දය, මේ ඇසීම තථාගතයන් වහන්සේට වෙහෙසක්ම වන්නේය. ආනන්දය, ඒ නිසා ධර්මාදාස (දහම් කැටපත) නම් ධර්ම ක්රමයක් දේශනා කරන්නෙමි. එයින් යුක්තවූ ආර්ය්යශ්රාවකතෙම කැමතිවන්නේ නම් ‘මම ක්ෂය කරනලද නිරය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද තිරිසන් යෝනි ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද ප්රේත විෂය ඇත්තේ වෙමි. ක්ෂය කරන ලද විෂම වැටීම් ඇති දුර්ගති නම්වූ අපාය ඇත්තේ වෙමි. අපායෙහි වැටෙන ස්වභාවය නැත්තාවූ නියතවූ මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ සෝවාන් පුද්ගලයෙක් වෙමැයි’ තෙමේම තමහට කියන්නේය.