11. 1. 5.
සොතාපත්තියංග සූත්රය
3773. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසක හුන්නාවූ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන්හට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක: “සාරිපුත්තය, සොතාපත්ති අංගය, සොතාපත්ති අංගයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතාපත්ති අංගය වනාහි කවරක්ද?” “ස්වාමීනි, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. ධර්මශ්රවණය සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකියි’ “සාධු! සාධු!! සාරිපුත්තය, සාරිපුත්තය, සත්පුරුෂයන් සේවනය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. ධර්ම ශ්රවණය කිරීම වනාහි සොතාපත්ති අංගයකි. නුවණින් මෙනෙහි කිරීම සොතාපත්ති අංගයකි. ලොකොත්තර ධර්මයට අනුව පිළිපැදීම සොතාපත්ති අංගයකි.
“සාරිපුත්තය, සොතය-සොතයයි කියනු ලැබේ. සාරිපුත්තය, සොතය නම් කවරේද”? “ස්වාමීනි, මේ ආර්ය්ය අෂ්ඨාංගික මාර්ගයම සොතය නමි. හේ කවරේද? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධියයි. “සාධු! සාධූ!! සාරිපුත්තය සාරිපුත්තය, මේ ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයම ශ්රොතය නමි. හේ කවරේද? සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධියයි. “සාරිපුත්තය, සෝතාපන්නය, සෝතාපන්නයයි කියනු ලැබේ. සාරිපුත්තය සෝතාපන්න තෙම කවරේද?” “ස්වාමීනි, යමෙක් මේ ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද මෙතෙමේ සෝතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්ර ඇත්තේය.” “සාධූ! සාධූ! සාරීපුත්තය, සාරිපුත්තය යමෙක් මේ ආර්ය්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තවූයේද හෙතෙමේ සෝතාපන්නයයි කියනු ලැබේ. ඒ ආයුෂ්මත් තෙමේ මෙනම් ඇත්තේය. මෙනම් ගොත්ර ඇත්තේයයි’ වදාළේය.
11. 1. 6.
ඉසිදත්ත පුරාණ සූත්රය
3774. මා විසින් මෙසේ අසනලදී. එසමයෙහි වනාහි බොහෝ භික්ෂූහු මසා කටයුතු නිමකරන ලද සිවුර ඇති භාග්යවතුන් වහන්සේ මාස තුනකින් පසු චාරිකාවෙහි වඩින්නේයයි භාග්යවතුන්වහන්සේගේ සිවුරෙහි වැඩ කෙරෙත්. එසමයෙහි වනාහි ඉසිදත්ත සහ පුරාණ යන ගෘහපති දෙදෙන කිසියම් කරුණක් නිසා සාධුකයෙහි වෙසෙත්. ඉසිදත්ත සහ පුරාණ යන ගෘහපති දෙදෙන වනාහි නිමකරන සිවුර ඇති භාග්යවතුන් වහන්සේ මාස තුනකින් පසු චාරිකාවෙහි වඩින්නේයයි බොහෝ භික්ෂූහු භාග්යවතුන්වහන්සේගේ සිවුරෙහි වැඩ කෙරෙත්’ (යන මේ කථාව) ඇසුවාය.
ඉක්බිති ඉසිදත්ත, පුරාණ ගෘහපති යන දෙදෙන මාර්ගයෙහි මිනිසෙකු තැබ්බවූහ ‘පින්වත් පුරුෂය, වඩින්නාවූ අර්හත් සම්යක් සම්බුද්ධ භාග්යවතුන් වහන්සේ යම් කලක නුඹ දකින්නෙහිද, එවිට අපට දැනුම් දෙව’ කියායි. දෙතුන් දිනක් සිටියාවූ ඒ පුරුෂ තෙම වනාහි වඩින්නාවූ භාග්යවතුන් වහන්සේ දුරදීම දැක්කේය. දැක ඉසිදත්ත පුරාණ යන ගෘහපති දෙදෙන යම් තැනෙක්හිද, එතැන්හි ගියේය. ගොස් ඉසිදත්ත පුරාණ යන ගෘහපති දෙදෙනාහට මෙය කීයේය. “ස්වාමීනි, ඒ මේ අර්හත්වූ සම්යක් සම්බුද්ධවූ, භාග්යවතුන් වහන්සේ වඩිනසේක. එයට සුදුසු කාලය දැනගන්න” කියායි.
ඉක්බිති ඉසිදත්ත-පුරාණ යන ගෘහපති දෙදෙන භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ භාග්යවතුන් වහන්සේගේ පසුපස ලුහුබැන්දාහුය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මගින් ඉවත්වී, එක්තරා රුක්මුලක් යම්තැනෙක්හිද එතැන්හි වැඩියේය. වැඩ, පණවන ලද ආසනයෙහි වැඩහුන්සේක. ඉසිදත්ත, පුරාණ යන ගෘහපති දෙදෙනත් භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන් ඉසිදත්ත පුරාණ නම් ගෘහපති දෙදෙන භාග්යවතුන් වහන්සේට මෙය කීවාහුය.
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ සැවැත් නුවරින් නික්ම කොසොල් රට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වෙන සේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇති වෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ සැවැත් නුවරින් නික්ම කොසොල් රට චාරිකාවෙහි වැඩියාහුයයි යම් කලක අපි අසමුද එකල්හි අපට භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වුණු සේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇති වෙයි.
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ කොසොල් රටින් නික්ම මල්ල රට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වෙනසේකැයි අපට නොසතුට ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ කොසොල් රටින් නික්ම මල්ල රට චාරිකාවෙහි වැඩිසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වුණු සේකැයි අපට නොසතුට ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මල්ල රටින් නික්ම වැදෑරට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වනසේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මල්ල රටින් නික්ම වැදෑරට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වූසේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි දොම්නස ඇතිවෙයි.
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ වැදෑරටින් නික්ම කසී රට චාරිකාවෙහි වඩිනසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වන සේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස ඇතිවෙයි. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ වැදෑරටින් නික්ම කසී රට චාරිකාවෙහි වැඩිසේකැයි යම් කලක අපි අසමුද, එකල්හි භාග්යවතුන් වහන්සේ අපගෙන් ඈත්වූසේකැයි අපට නොසතුටු බව ඇතිවෙයි. දොම්නස හටගනියි.