1. 6. 2.
සීල සූත්‍රය
50. “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද, මෙය උදාවන සූර්යයාට පූර්වංගමය. පූර්වනිමිත්තය. මහණෙනි, එමෙන්ම මහණහට යම් ඒ සීලසම්පත්තියක් වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදීම පිණිස එය පූර්වංගමය. පූර්ව නිමිත්තය. මහණෙනි, සීලසම්පන්න භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, චතුපාරිශුද්ධි සීලයෙන් යුක්ත භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වඩන්නේද? කෙසේ නැවත නැවත වඩන්නේද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ තුන්වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි සීලයෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 3.
ඡන්ද සූත්‍රය
51. “මහණෙනි, යම් අරුණෝදයක් වේද, එය උදාවන සූර්යයාට පෙරටුව වේ, පූර්ව නිමිත්ත වේ. මහණෙනි, එමෙන්ම යම් ඡන්ද සම්පත්තියක් (කුසල් කිරීමට ඇති කැමැත්ත) වේද, එය භික්ෂුවට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉපදීමට පෙරටුව වේ, පූර්ව නිමිත්ත වේ. -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් වඩයි” යි වදාළ සේක.
1. 6. 4.
අත්ත සූත්‍රය
52. “මහණෙනි, යම් අරුණෝදයක් වේද, එය උදාවන සූර්යයාට පෙරටුව වේ, පූර්ව නිමිත්ත වේ. මහණෙනි, එමෙන්ම යම් චිත්ත සම්පත්තියක් (අත්ත සම්පදාවක්) වේද, එය භික්ෂුවට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉපදීමට පෙරටුව වේ, පූර්ව නිමිත්ත වේ. -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් වඩයි” යි වදාළ සේක.
1. 6. 5.
දිට්ඨි සූත්‍රය
53. “මහණෙනි, යම් අරුණෝදයක් වේද, එය උදාවන සූර්යයාට පෙරටුව වේ, පූර්ව නිමිත්ත වේ. මහණෙනි, එමෙන්ම යම් ඥාන සම්පත්තියක් (දිට්ඨි සම්පදාවක්) වේද, එය භික්ෂුවට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉපදීමට පෙරටුව වේ, පූර්ව නිමිත්ත වේ. -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් වඩයි” යි වදාළ සේක.
1. 6. 6.
අප්පමාද සූත්‍රය
54. “මහණෙනි, යම් අරුණෝදයක් වේද, එය උදාවන සූර්යයාට පෙරටුව වේ, පූර්ව නිමිත්ත වේ. මහණෙනි, එමෙන්ම යම් අප්‍රමාද සම්පත්තියක් වේද, එය භික්ෂුවට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉපදීමට පෙරටුව වේ, පූර්ව නිමිත්ත වේ. -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් වඩයි” යි වදාළ සේක.
1. 6. 7.
යෝනිසෝ සූත්‍රය
55. “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගම වේ. පූර්ව නිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ උපායමනසිකාරයක් වේද? එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට පූර්වංගම වේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, උපායමනසිකාරයෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි උපායමනසිකාරයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.