1. 6. 3.
ඡන්ද සූත්රය
51. “මහණෙනි, යම්බඳු අරුණෝදයක් වේද, එය උදාවන සූර්යයාට පූර්වංගමවේ. පූර්වනිමිත්ත වේ. මහණෙනි, එමෙන්ම යම් ඡන්ද සම්පත්තියක් වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට පූර්වංගමය. පූර්වනිමිත්තය. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය, යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුක්තවූ මහණතෙම කෙසේ නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි ඡන්ද සම්පත්තියෙන් යුක්තවූ මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 4.
අත්ත සූත්රය
52. “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගමවේ, පූර්වනිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ චිත්ත සම්පත්තියක්වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට පූර්වංගමය, පූර්වනිමිත්තය. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි චිත්ත සම්පත්තියෙන් යුක්තවූ මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 5.
දිට්ඨි සූත්රය
53. “මහණෙනි, යම් ඒ අරුණෝදයක්වේද, එය උදාවන සූර්යයාට පූර්වංගමවේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ ඤාණ සම්පත්තියක් වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ භික්ෂුවට පූර්වංගම වේ. පූර්ව නිමිත්ත වේ. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද? කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මෙසේ වනාහි ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 6.
අප්පමාද සූත්රය
54. “මහණෙනි, යම් ඒ අරුණෝදයක්වේද, එය උදාවන සූර්යයාට පූර්වංගම වේ. පූර්ව නිමිත්ත වේ. මහණෙනි එමෙන්ම යම් ඒ අප්රමාද සම්පත්තියක්වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ භික්ෂුවට පූර්වංගමවේ, පූර්ව නිමිත්ත වේ. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහී අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 7.
යෝනිසෝ සූත්රය
55. “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගම වේ. පූර්ව නිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ උපායමනසිකාරයක් වේද? එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට පූර්වංගම වේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, උපායමනසිකාරයෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි උපායමනසිකාරයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 8.
දුතිය කල්යාණමිත්ත සූත්රය
56. [2] “මහණෙනි, යම් ඒ අරුණෝදයක්වේද? එය උදාවන සූර්යයාට පූර්වාංගමවේ. පූර්ව නිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ කල්යාණ මිත්රයින් ඇතිබවක්වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උදාවන්නාවූ භික්ෂුවට පූර්වංගමය, පූර්ව නිමිත්තය. මහණෙනි, කළ්යාණමිත්රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, කළ්යාණ මිත්රයින් ඇති භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයිද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද? [3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රාගය දුරු කිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් දෘෂ්ටිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් සංකල්පය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති සම්යක් වචනය වඩයි. රාගය දුරු කිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් කර්මාන්තය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් ආජීවය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් ව්යායාමය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් සතිය වඩයි. රාගය දුරුකිරීම කෙළවරකොට ඇති, ද්වේෂය දුරුකිරීම කෙළවරකොට ඇති, මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති සම්යක් සමාධිය වඩයි. [4] “මහණෙනි, මෙසේ වනාහි කළ්යාණ මිත්රයින් ඇති මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 9.
දුතිය සීල සූත්රය
57. “මහණෙනි, යම් ඒ අරුණෝදයක්වේද එය උදාවන සූර්යයාට පූර්වංගමවේ. පූර්ව නිමිත්තවේ. මහණෙනි, යම් ඒ සීල සම්පත්තියක්වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උදාවන්නාවූ මහණහට පූර්වංගම වේ. පූර්වනිමිත්ත වේ. මහණෙනි, සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි සීල සම්පත්තියෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි වදාළසේක.
1. 6. 10.
දුතිය ඡන්ද සූත්රය
58. “මහණෙනි, යම් ඒ අරුණෝදයක්වේද එය උදාවන සූර්යයාට පූර්වංගම වේ. පූර්ව නිමිත්ත වේ. මහණෙනි, එමෙන්ම යම් ඒ ඡන්ද සම්පත්තියක්වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ මහණහට පූර්වංගම වේ. පූර්ව නිමිත්ත වේ. මහණෙනි ඡන්දසම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි ඡන්දසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 11.
දුතිය අත්ත සූත්රය
59. “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගම වේ. පූර්ව නිමිත්ත වේ. මහණෙනි, එමෙන්ම යම් ඒ චිත්ත සම්පත්තියක් වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නා වූ මහණහට පූර්වංගම වේ, පූර්ව නිමිත්ත වේ. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුය. මහණෙනි, චිත්තසම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මෙසේ වනාහී චිත්ත සම්පත්තියෙන් යුක්ත වූ මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.