6. සූරිය පෙය්යාලය
1. 6. 1.
කල්යාණමිත්ත සූත්රය
49. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද, එය උදාවන සූර්යයාට පෙරටු වන්නේය. එය පෙරනිමිත්ත වන්නේය. මහණෙනි, එමෙන්ම යම් ඒ කල්යාණ මිත්රයින් ඇති බවක් වේද? එය භික්ෂුවට ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදීම පිණිස පූර්වංගම වන්නේය. එය පූර්වනිමිත්ත වන්නේය. මහණෙනි, කල්යාණ මිත්රයින් ඇති භික්ෂුව විසින් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, කල්යාණ මිත්රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වඩාද? නැවත නැවත කෙසේ වඩාද? [3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුණාවූ සම්යක් දෘෂ්ටිය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුණාවූ සම්යක් සංකල්පය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුණාවූ සම්යක් වචනය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනු සම්යක් කර්මාන්තය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනු සම්යක් ආජීවය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුණු සම්යක් ව්යායාමය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනු සම්යක් සතිය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනු සම්යක් සමාධිය වඩයි. [4] “මහණෙනි, මෙසේ වනාහි කල්යාණ මිත්රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේයයි” වදාළසේක.
1. 6. 2.
සීල සූත්රය
50. “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද, මෙය උදාවන සූර්යයාට පූර්වංගමය. පූර්වනිමිත්තය. මහණෙනි, එමෙන්ම මහණහට යම් ඒ සීලසම්පත්තියක් වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදීම පිණිස එය පූර්වංගමය. පූර්ව නිමිත්තය. මහණෙනි, සීලසම්පන්න භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, චතුපාරිශුද්ධි සීලයෙන් යුක්ත භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වඩන්නේද? කෙසේ නැවත නැවත වඩන්නේද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ තුන්වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි සීලයෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 3.
ඡන්ද සූත්රය
51. “මහණෙනි, යම්බඳු අරුණෝදයක් වේද, එය උදාවන සූර්යයාට පූර්වංගමවේ. පූර්වනිමිත්ත වේ. මහණෙනි, එමෙන්ම යම් ඡන්ද සම්පත්තියක් වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට පූර්වංගමය. පූර්වනිමිත්තය. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය, යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුක්තවූ මහණතෙම කෙසේ නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි ඡන්ද සම්පත්තියෙන් යුක්තවූ මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 4.
අත්ත සූත්රය
52. “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගමවේ, පූර්වනිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ චිත්ත සම්පත්තියක්වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට පූර්වංගමය, පූර්වනිමිත්තය. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමති විය යුතුයි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි චිත්ත සම්පත්තියෙන් යුක්තවූ මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 5.
දිට්ඨි සූත්රය
53. “මහණෙනි, යම් ඒ අරුණෝදයක්වේද, එය උදාවන සූර්යයාට පූර්වංගමවේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ ඤාණ සම්පත්තියක් වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ භික්ෂුවට පූර්වංගම වේ. පූර්ව නිමිත්ත වේ. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, ඤාණසම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේද? කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මෙසේ වනාහි ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 6.
අප්පමාද සූත්රය
54. “මහණෙනි, යම් ඒ අරුණෝදයක්වේද, එය උදාවන සූර්යයාට පූර්වංගම වේ. පූර්ව නිමිත්ත වේ. මහණෙනි එමෙන්ම යම් ඒ අප්රමාද සම්පත්තියක්වේද එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නාවූ භික්ෂුවට පූර්වංගමවේ, පූර්ව නිමිත්ත වේ. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහී අප්රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.
1. 6. 7.
යෝනිසෝ සූත්රය
55. “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද එය උදාවන සූර්යයාට පූර්වංගම වේ. පූර්ව නිමිත්තවේ. මහණෙනි, එමෙන්ම යම් ඒ උපායමනසිකාරයක් වේද? එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදවන්නාවූ භික්ෂුවට පූර්වංගම වේ. පූර්වනිමිත්තවේ. මහණෙනි, උපායමනසිකාරයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, උපායමනසිකාරයෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි උපායමනසිකාරයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.