1. 5. 8.
අනුපාදා සූත්රය
48. මහණෙනි, ඉදින් අන්ය තීර්ථක පරිබ්රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, “මහණෙනි මෙසේ අසන ලද තෙපි ඒ අන්යතීර්ථක පරිබ්රාජකයින්ට ඇවැත්නි, ‘අනුපාදාපරිනිර්වාණය පිණිස භාග්යවතුන් වහන්සේ වෙත බ්රාහ්මචර්යාවෙහි හැසිරෙන්නේ යයි කියව්. “මහණෙනි, ඉදින් වනාහි තොපගෙන් ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයෝ ‘ඇවැත්නි, අනුපාදා පරිනිර්වාණය පිණිස මාර්ගයක් තිබේද? ප්රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මහණෙනි, මෙසේ අසනලද තෙපි අන්යතීර්ථක පරිබ්රාජකයින්ට ‘ඇවැත්නි, අනුපාදා පරිනිර්වාණය පිණිස මාර්ගයක් තිබේ. ප්රතිපදාවක් තිබේයයි’ කියව්. මහණෙනි, අනුපාදා පිරිනිවීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්රතිපදාව කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි. එනම්: සම්යක් දෘෂ්ටිය ... සම්යක් සමාධියයි. “මහණෙනි, මේ අනුපාදා පරිනිර්වාණය පිණිස මාර්ගය වෙයි. මේ ප්රතිපදාව වෙයි. මෙසේ අසන ලද තෙපි ඒ අන්ය තීර්ථක පරිබ්රාජකයන්ට මෙසේ කියව්යයි” වදාළසේක.
(මේ සියල්ල සැවැත් නුවර නිදානයි.)
අඤ්ඤතිත්ථියපෙය්යාලවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
විරාග, සංයෝජන, අනුසය, අද්ධාන, ආසවක්ඛය, විජ්ජාවිමුත්ති, ඤාණදස්සන සහ අනුපාදා යයි මෙහි සූත්ර අටකි.
6. සූරිය පෙය්යාලය
1. 6. 1.
කල්යාණමිත්ත සූත්රය
49. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද, එය උදාවන සූර්යයාට පෙරටු වන්නේය. එය පෙරනිමිත්ත වන්නේය. මහණෙනි, එමෙන්ම යම් ඒ කල්යාණ මිත්රයින් ඇති බවක් වේද? එය භික්ෂුවට ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදීම පිණිස පූර්වංගම වන්නේය. එය පූර්වනිමිත්ත වන්නේය. මහණෙනි, කල්යාණ මිත්රයින් ඇති භික්ෂුව විසින් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, කල්යාණ මිත්රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වඩාද? නැවත නැවත කෙසේ වඩාද? [3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුණාවූ සම්යක් දෘෂ්ටිය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුණාවූ සම්යක් සංකල්පය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුණාවූ සම්යක් වචනය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනු සම්යක් කර්මාන්තය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනු සම්යක් ආජීවය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුණු සම්යක් ව්යායාමය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනු සම්යක් සතිය වඩයිද, විවේකය ඇසුරුකළාවූ විරාගය ඇසුරුකළාවූ නිරෝධය ඇසුරුකළාවූ කෙලෙස් ප්රහාණය පිණිස නැමුනු සම්යක් සමාධිය වඩයි. [4] “මහණෙනි, මෙසේ වනාහි කල්යාණ මිත්රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේයයි” වදාළසේක.
1. 6. 2.
සීල සූත්රය
50. “මහණෙනි, යම් ඒ අරුණෝදයක් වේද, මෙය උදාවන සූර්යයාට පූර්වංගමය. පූර්වනිමිත්තය. මහණෙනි, එමෙන්ම මහණහට යම් ඒ සීලසම්පත්තියක් වේද, එය ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදීම පිණිස එය පූර්වංගමය. පූර්ව නිමිත්තය. මහණෙනි, සීලසම්පන්න භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. නැවත නැවත වඩන්නේය යන මෙය කැමතිවිය යුතුයි. මහණෙනි, චතුපාරිශුද්ධි සීලයෙන් යුක්ත භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වඩන්නේද? කෙසේ නැවත නැවත වඩන්නේද? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ තුන්වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මෙසේ වනාහි සීලයෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.