5. අඤ්ඤතිත්ථිය පෙය්‍යාලය
1. 5. 1.
විරාග සූත්‍රය
41. සැවැත් නුවරදීය:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණෙනි, ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?”යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, රාගය නැතිකිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචරියාවෙහි වසන්නේයයි” කියව්.
“මහණෙනි, ඉදින් වනාහී තොපගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ‘ඇවැත්නි, රාගය නැතිකිරීම පිණිස මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මෙසේ අසනලද තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, රාගය නැතිකිරීම පිණිස මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක්ද ඇතැයි’ කියව්. මහණෙනි, රාගය නැති කිරීම පිණිස පවත්නා මාර්ගය නම් කුමක්ද? ප්‍රතිපදාව නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ කෙසේද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේයි. “මහණෙනි, රාගය නැති කිරීම පිණිස පවත්නා මාර්ගය මෙයයි. ප්‍රතිපදාව මෙයයි. මෙසේ අසන ලද්දාදවූ තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියව්යයි” වදාළසේක.
1. 5. 2.
සංයෝජන සූත්‍රය
42. මහණෙනි, ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, සංයෝජනයන් පහකරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ යයි’ කියව්.
“මහණෙනි, ඉදින් වනාහි තොපගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ‘ඇවැත්නි, සංයෝජනයන් පහකරනු පිණිස මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නහුනම් මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ‘ඇවැත්නි, සංයෝජනයන් පහකරනු පිණිස මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේයයි’ කියව්. මහණෙනි, කිනම් මාර්ගයක් කිනම් ප්‍රතිපදාවක් සංයෝජන පහකිරීම පිණිස පවත්නේද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. එනම්: සම්‍යක් දෘෂ්ටිය ... සම්‍යක් සමාධියයි. “මහණෙනි, මෙය සංයෝජනයන්ගේ පහකිරීම පිණිස පවත්නා මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසන ලද තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ කියව්යයි’ වදාළසේක.
1. 5. 3.
අනුසය සූත්‍රය
43. මහණෙනි, ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට ‘ඇවැත්නි, අනුසය ධර්මයන් නැසීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේයයි’ කියව්.
“මහණෙනි, ඉදින් වනාහි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, අනුසය ධර්මයන් නැසීම පිණිස මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේදැයි මෙසේ අසන්නාහු නම් මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට ‘අනුසය ධර්මයන් නැසීම පිණිස මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක්ද ඇතැයි’ කියව්. මහණෙනි, අනුසය ධර්මයන් නැසීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. එනම්: සම්‍යක් දෘෂ්ටිය ... සම්‍යක් සමාධියයි. “මහණෙනි, අනුසය නැසීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාවවෙයි. මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියව්යයි” වදාළසේක.
1. 5. 4.
අද්ධාන සූත්‍රය
44. මහණෙනි, ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, සංසාර ගමන නැති කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නේය’ කියව්. ... “මහණෙනි, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ ඉදින් වනාහි තොපගෙන් ‘ඇවැත්නි, සසර ගමන නැති කිරීම පිණිස මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි මෙසේ අසන්නාහු නම්, මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට, ‘ඇවැත්නි, සසර ගමන නැතිකිරීම පිණිස මාර්ගයක් ඇත ප්‍රතිපදාවක්ද ඇතැයි’ මෙසේ කියව්. මහණෙනි, සසර ගමන නැති කිරීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. එනම්: සම්‍යක් දෘෂ්ටිය ... සම්‍යක් සමාධියයි. “මහණෙනි, සසර ගමන නැති කිරීම පිණිස මේ මාර්ගය, මේ ප්‍රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසනලද තොපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළසේක.
1. 5. 5.
ආසවක්ඛය සූත්‍රය
45. මහණෙනි, ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, “මහණෙනි, ඒ මෙසේ අසන ලද තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂයකිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වෙසෙන්නේයයි’ කියව්. මහණෙනි, ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි ආශ්‍රව නැති කිරීම පිණිස මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට ඇවැත්නි ආශ්‍රවයන් නැතිකිරීම පිණිස මාර්ගයක් ඇත. ප්‍රතිපදාවක් ඇත. මහණෙනි, ආශ්‍රවයන් නැතිකිරීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද? ඒ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. එනම්: සම්‍යක් දෘෂ්ටිය ... සම්‍යක් සමාධියයි. “මහණෙනි, ආශ්‍රව නැති කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසනලද තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළ සේක.
1. 5. 6.
විජ්ජාවිමුත්ති සූත්‍රය
46. මහණෙනි, ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?’යි අසන්නාහු නම්, “මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, විජ්ජා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධ කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නේයයි’ කියව්. “මහණෙනි, ඉදින් වනාහි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, විද්‍යා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධ කිරීම පිණිස පවත්නාවූ මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මෙසේ අසන ලද්දාවූ තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, විද්‍යා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධ කිරීම පිණිස මාර්ගයක් ඇත. ප්‍රතිපදාවක් ඇතැයි’ කියව්. මහණෙනි, විද්‍යා විමුක්ති ඵලය (රහත් බව) ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නා මාර්ගය කුමක්ද? ඒ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මැයි. එනම්: සම්‍යක් දෘෂ්ටිය ... සම්‍යක් සමාධියයි. “මහණෙනි, මේ විද්‍යා විමුක්ති ඵලය (රහත් බව) අවබෝධකිරීම පිණිස මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි. මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්‍යතීර්ථක පරිබ්‍රාජකයින්ට මෙසේ කියව්යයි” වදාළසේක.