1. 15. 145-160.
10. තණ්හා සූත්‍ර
371-386. “මහණෙනි, මේ තණ්හා තුනකි. කවරනම් තුනක්ද යත්? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන මොහුයි. මහණෙනි, මේ වනාහි තණ්හා තුනයි. මහණෙනි, මේ තෘෂ්ණා තුන දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනුම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ තෘෂ්ණාවන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුත්තේ යයි” වදාළසේක.
(ඒසනා සූත්‍ර මෙන් සියල්ල විස්තර කළ යුතුය)
ඒසනා වර්ගය පසළොස්වෙනියි.
එහි උද්දානය:
ඒසනා, විධා, ආසව, භව, ත්‍රිවිධ දුක්ඛතා ද,
ඛිල, මල, නීඝ ද, වේදනා සහ තණ්හා දැයි (දස සූත්‍රයෝ) වෙති.
16. ඕඝ වර්ගය
1. 16. 1-16.
ඕඝ සූත්‍ර
387-402. “මහණෙනි, මේ ඕඝයෝ (සැඩ දිය පහරවල්) සතරකි. කවර නම් සතරක් ද යත්: කාම ඕඝය (පස්කම් ගුණයන්හි ඇල්ම), භව ඕඝය (රූප අරූප භවයන්හි ඇල්ම), දිට්ඨි ඕඝය (හැටදෙකක් වූ දෘෂ්ටි), අවිජ්ජා ඕඝය (චතුරාර්ය සත්‍යය නොදැනීම). මහණෙනි, මේ වනාහි ඕඝ සතරයි. මහණෙනි, මේ සතර ඕඝයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ සතර ඕඝයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” වදාළ සේක.
(ඒසනා සූත්‍ර මෙන් සූත්‍ර දහසය විස්තර කළ යුතුය.)
1. 16. 17-32.
යෝග සූත්‍ර
403-418. “මහණෙනි, මේ යෝග (යෙදීම්) සතරකි. කවර නම් සතරක් ද යත්: කාම යෝගය (පස්කම් ගුණයන්හි ඇල්ම), භව යෝගය (රූප අරූප භවයන්හි ඇල්ම), දිට්ඨි යෝගය (හැටදෙකක් වූ දෘෂ්ටි), අවිජ්ජා යෝගය (චතුරාර්ය සත්‍යය නොදැනීම). මහණෙනි, මේ වනාහි යෝග සතරයි. මහණෙනි, මේ සතර යෝගයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ සතර යෝගයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” වදාළ සේක.
1. 16. 33-48.
උපාදාන සූත්‍ර
419-434. “මහණෙනි, මේ උපාදාන (දැඩිව අල්වා ගැනීම්) සතරකි. කවර නම් සතරක් ද යත්: කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යි. මහණෙනි, මේ වනාහි උපාදාන සතරයි. මහණෙනි, මේ සතර උපාදානයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ සතර උපාදානයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” වදාළ සේක.