16. ඕඝ වර්ගය
1. 16. 1-16.
ඕඝ සූත්‍ර
387-402. “මහණෙනි, මේ ඕඝයෝ (සැඩ දිය පහරවල්) සතරකි. කවර නම් සතරක් ද යත්: කාම ඕඝය (පස්කම් ගුණයන්හි ඇල්ම), භව ඕඝය (රූප අරූප භවයන්හි ඇල්ම), දිට්ඨි ඕඝය (හැටදෙකක් වූ දෘෂ්ටි), අවිජ්ජා ඕඝය (චතුරාර්ය සත්‍යය නොදැනීම). මහණෙනි, මේ වනාහි ඕඝ සතරයි. මහණෙනි, මේ සතර ඕඝයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ සතර ඕඝයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” වදාළ සේක.
(ඒසනා සූත්‍ර මෙන් සූත්‍ර දහසය විස්තර කළ යුතුය.)
1. 16. 17-32.
යෝග සූත්‍ර
403-418. “මහණෙනි, මේ යෝග (යෙදීම්) සතරකි. කවර නම් සතරක් ද යත්: කාම යෝගය (පස්කම් ගුණයන්හි ඇල්ම), භව යෝගය (රූප අරූප භවයන්හි ඇල්ම), දිට්ඨි යෝගය (හැටදෙකක් වූ දෘෂ්ටි), අවිජ්ජා යෝගය (චතුරාර්ය සත්‍යය නොදැනීම). මහණෙනි, මේ වනාහි යෝග සතරයි. මහණෙනි, මේ සතර යෝගයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ සතර යෝගයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” වදාළ සේක.
1. 16. 33-48.
උපාදාන සූත්‍ර
419-434. “මහණෙනි, මේ උපාදාන (දැඩිව අල්වා ගැනීම්) සතරකි. කවර නම් සතරක් ද යත්: කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යි. මහණෙනි, මේ වනාහි උපාදාන සතරයි. මහණෙනි, මේ සතර උපාදානයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ සතර උපාදානයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” වදාළ සේක.
1. 16. 49-64.
ගන්ථ සූත්‍ර
435-450. “මහණෙනි, මේ ගන්ථ (ගැට) සතරකි. කවර නම් සතරක් ද යත්: අභිජ්ඣා කායගන්ථය (දැඩි ලෝභය), ව්‍යාපාද කායගන්ථය (ද්වේෂය), සීලබ්බතපරාමාස කායගන්ථය (වැරදි සීලව්රත දැඩිව ගැනීම), ඉදංසච්චාභිනිවෙස කායගන්ථය (‘මෙයම සත්‍යය’ යි දැඩිව ගන්නා දෘෂ්ටිය) යි. මහණෙනි, මේ වනාහි ගන්ථ සතරයි. මහණෙනි, මේ සතර ගන්ථයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ සාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ සතර ගන්ථයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” වදාළ සේක.
1. 16. 65-80.
අනුසය සූත්‍ර
451-466. “මහණෙනි, මේ අනුසය (සිතේ යටපත්ව පවතින කෙලෙස්) සතකි. කවර නම් සතක් ද යත්: කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යනුයි. මහණෙනි, මේ වනාහි අනුසය සතයි. මහණෙනි, මේ අනුසය සත විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි -පෙ- සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ අනුසය සත විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” යි වදාළ සේක.
1. 16. 81-96.
කාමගුණ සූත්‍ර
467-482. “මහණෙනි, මේ කාමගුණ පසකි. කවර නම් පසක් ද යත්: ඇසින් දත යුතු, ඉෂ්ට වූ, කාන්ත වූ, මන වඩන්නා වූ, ප්‍රිය ස්වභාව වූ, කාමය පිණිස පවත්නා වූ, ඇලිය යුතු වූ රූපයෝ ය. කණින් දත යුතු ශබ්දයෝ ය -පෙ- නාසයෙන් දත යුතු ගන්ධයෝ ය -පෙ- දිවෙන් දත යුතු රසයෝ ය -පෙ- කයින් දත යුතු, ඉෂ්ට වූ, කාන්ත වූ, මන වඩන්නා වූ, ප්‍රිය ස්වභාව වූ, කාමය පිණිස පවත්නා වූ, ඇලිය යුතු වූ ස්පර්ශයෝ ය. මහණෙනි, මේ වනාහි පංච කාමගුණයෝයි. මහණෙනි, මේ පංච කාමගුණයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි -පෙ- සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පංච කාමගුණයන් විශේෂයෙන් දැනීම පිණිස -පෙ- පිරිසිඳ දැනීම පිණිස -පෙ- ක්ෂය කිරීම පිණිස -පෙ- ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුයි” යි වදාළ සේක.