15. ඒසනා වර්ගය
1. 15. 1.
1. ඒසනා සූත්‍ර
227. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: “මහණෙනි, මේ සෙවීම් තුනකි. කවරනම් තුනක්ද? කාමයන්ගේ සෙවීම, භවයාගේ සෙවීම, (මිථ්‍යාදෘෂ්ටි සංඛ්‍යාත) බ්‍රහ්මචරියාවගේ සෙවීම කියායි. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ ඒසනාවෝයි. මහණෙනි, මේ ත්‍රිවිධ ඒසනාවන් දැනගැනීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි ...පෙ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් දැනගැනීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.”
1. 15. 2.
දෙවැනි ඒසනා සූත්‍රය
228. මහණෙනි, මේ සෙවීම් තුනකි. කවර නම් තුනක්ද? කාමයන්ගේ සෙවීම, භවයාගේ සෙවීම, බ්‍රහ්මචරියාවගේ සෙවීම කියායි. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ ඒසනාවෝයි. මහණෙනි, මේ ත්‍රිවිධ ඒසනාවන් දැනගැනීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්මාදිට්ඨිය වඩයි ...පෙ... රාගය හික්මවීම පරියොසාන කොට ඇති, ද්වේෂය හික්මවීම පරියොසාන කොට ඇති, මෝහය හික්මවීම පරියොසාන කොට ඇති සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් දැනගැනීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
1. 15. 3.
තුන්වැනි ඒසනා සූත්‍රය
229. මහණෙනි, මේ සෙවීම් තුනකි. කවර නම් තුනක්ද? කාමයන්ගේ සෙවීම, භවයාගේ සෙවීම, බ්‍රහ්මචරියාවගේ සෙවීම කියායි. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ ඒසනාවෝයි. මහණෙනි, මේ ත්‍රිවිධ ඒසනාවන් දැනගැනීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්මාදිට්ඨිය වඩයි ...පෙ... අමතය (නිවන) බැසගැනීම කොට ඇති, අමතය පිහිට කොට ඇති, අමතය පරියොසාන කොට ඇති සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් දැනගැනීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
1. 15. 4.
සිව්වැනි ඒසනා සූත්‍රය
230. මහණෙනි, මේ සෙවීම් තුනකි. කවර නම් තුනක්ද? කාමයන්ගේ සෙවීම, භවයාගේ සෙවීම, බ්‍රහ්මචරියාවගේ සෙවීම කියායි. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ ඒසනාවෝයි. මහණෙනි, මේ ත්‍රිවිධ ඒසනාවන් දැනගැනීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සම්මාදිට්ඨිය වඩයි ...පෙ... නිවනට නැමුනු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් දැනගැනීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
1. 15. 5-8.
5-8 ඒසනා සූත්‍ර
231-234. මහණෙනි, මේ සෙවීම් තුනකි. කවර නම් තුනක්ද? කාමයන්ගේ සෙවීම, භවයාගේ සෙවීම, බ්‍රහ්මචරියාවගේ සෙවීම කියායි. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ ඒසනාවෝයි. මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් පිරිසිඳ දැනීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. ...පෙ... මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් පිරිසිඳ දැනීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
(අභිඥා වාරය මෙන් විස්තර කළ යුතුය.)
1. 15. 9-12.
9-12 ඒසනා සූත්‍ර
235-238. මහණෙනි, මේ සෙවීම් තුනකි. කවර නම් තුනක්ද? කාමයන්ගේ සෙවීම, භවයාගේ සෙවීම, බ්‍රහ්මචරියාවගේ සෙවීම කියායි. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ ඒසනාවෝයි. මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් ක්ෂය කිරීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය. ...පෙ... මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් ක්ෂයකිරීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
(අභිඥා වාරය මෙන් විස්තර කළ යුතුය.)
1. 15. 13-16.
13-16 ඒසනා සූත්‍ර
239-242. මහණෙනි, මේ සෙවීම් තුනකි. කවර නම් තුනක්ද? කාමයන්ගේ සෙවීම, භවයාගේ සෙවීම, බ්‍රහ්මචරියාවගේ සෙවීම යනුයි. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ ඒසනාවෝයි. මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් පහකිරීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්‍යක් දෘෂ්ටිය වඩයි ...පෙ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ සෙවීම් පහකිරීම පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.(අභිඥා වාරය මෙන් විස්තර කළ යුතුය.)