1. 15. 129-144.
9. වේදනා සූත්ර
355-370. “මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර නම් තුනක්දයත්? සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛමසුඛ වේදනාව යන මොහුයි. මහණෙනි, මේ වනාහි වේදනා තුනයි. මහණෙනි, මේ ත්රිවිධ වේදනාවන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ වේදනාවන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩියයුතු යයි” වදාළසේක.
1. 15. 145-160.
10. තණ්හා සූත්ර
371-386. “මහණෙනි, මේ තණ්හා තුනකි. කවරනම් තුනක්ද යත්? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන මොහුයි. මහණෙනි, මේ වනාහි තණ්හා තුනයි. මහණෙනි, මේ තෘෂ්ණා තුන දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනුම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්: මහණෙනි, භික්ෂුව සම්මාදිට්ඨිය වඩයි ...පෙ... විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. මහණෙනි, මේ ත්රිවිධ තෘෂ්ණාවන්ගේ දැනීම පිණිස, ...පෙ... පිරිසිඳ දැනීම පිණිස, ...පෙ... ක්ෂය කිරීම පිණිස, ...පෙ... ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුත්තේ යයි” වදාළසේක.
(ඒසනා සූත්ර මෙන් සියල්ල විස්තර කළ යුතුය)
ඒසනා වර්ගය පසළොස්වෙනියි.
එහි උද්දානය:
ඒසනා, විධා, ආසව, භව, ත්රිවිධ දුක්ඛතා ද,
ඛිල, මල, නීඝ ද, වේදනා සහ තණ්හා දැයි (දස සූත්රයෝ) වෙති.
ඛිල, මල, නීඝ ද, වේදනා සහ තණ්හා දැයි (දස සූත්රයෝ) වෙති.
16. ඕඝ වර්ගය
1. 16. 1-16.
1. ඕඝ සූත්ර
387-402. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. [2] “මහණෙනි, මේ ඕඝයෝ සතර දෙනෙකි. කවර නම් සතර දෙනෙක්දයත්? කාම ඕඝය (පඤ්චකාමයෙහි ආශාව), භව ඕඝය (රූපාරූප භවයන්හි ආශාව), දිට්ඨි ඕඝය (දෙසැට දෘෂ්ටි), අවිජ්ජා ඕඝය (චතුස්සත්යයෙහි නොදැන්ම) මහණෙනි, මේ වනාහි ඕඝ සතරයි. “මහණෙනි, මේ සතර ඕඝයන් දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩියයුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්? [3] “මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුනු සම්යක් වචනය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුනු සම්යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් ආජීවය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් ව්යායාමය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් සතිය වඩයි. විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුනු සම්යක් සමාධිය වඩයි. [4] “මහණෙනි, මේ සතර ඕඝයන් දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
(ඒෂණා සූත්ර දහසය මෙන් විස්තර කළ යුතුය)
1. 16. 17-32.
2. යෝග සූත්ර
403-418. (මෙතැන් සිට මේ වර්ගයේ සියලු සූත්රවල 1 වෙනි ඡේද මේ වර්ගයේ මුල් සූත්රයේ මෙනි.) “මහණෙනි, මේ යෝග (යෙදීම්) සතරකි. කවරනම් සතරක්ද යත්? කාම යෝගය (පඤ්චකාම ආශාව), භව යෝගය (රූපාරූපභාවයන්හි ආශාව), දිට්ඨි යෝගය (දෙසැට දෘෂ්ටි), අවිජ්ජා යෝගය (මෝහය) යනුයි. මහණෙනි, මේ වනාහි යෝග සතරයි. මහණෙනි, මේ සතර යෝගයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවර නම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද? (මේ ඡේදය මේ වර්ගයේ 1 වෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි.) “මහණෙනි, මේ සතර යෝගයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.
1. 16. 33-48.
3. උපාදාන සූත්ර
419-434. “මහණෙනි, මේ උපාදානයෝ (තදින් අල්වාගැනීම්) සතරකි. කවරනම් සතරක්ද යත්? කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යන මොහුයි. මහණෙනි, මේ වනාහි උපාදාන සතරයි. මහණෙනි, මේ සතර උපාදානයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්ද යත්? (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්රයේ 3 වෙනි ඡේදය මෙනි) “මහණෙනි, මේ සතර උපාදානයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස, ප්රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.