1. 13. 2.
2. දුතිය අප්පමාද සූත්‍රය
140. “මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ සිව්පාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ රූපීවූ හෝ අරූපී හෝ සඤ්ඤිවූ හෝ අසඤ්ඤිවූ හෝ නෙවසඤ්ඤි නාසඤ්ඤිවූ හෝ යම් පමණ සත්වයෝ වෙද්ද, ඔවුන් අතුරෙන් අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතතෙමේ ශ්‍රේෂ්ඨයයි කියයි. මහණෙනි, එසේම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද, ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ කුසල ධර්මයන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රාගය හික්මවීම පර්‍ය්‍යවසාන කොට ඇති, ද්වේෂය හික්මවීම පර්‍ය්‍යවසාන කොට ඇති, මෝහය හික්මවීම පර්‍ය්‍යවසාන කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි. -පෙ- රාගය හික්මවීම පර්‍ය්‍යවසාන කොට ඇති, ද්වේෂය හික්මවීම පර්‍ය්‍යවසාන කොට ඇති, මෝහය හික්මවීම පර්‍ය්‍යවසාන කොට ඇති සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහී අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළ සේක.
1. 13. 3.
තතිය තථාගත සූත්‍රය
141. “මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ සිව්පාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ රූපීවූ හෝ අරූපී හෝ සඤ්ඤිවූ හෝ අසඤ්ඤිවූ හෝ නෙවසඤ්ඤි නාසඤ්ඤිවූ හෝ යම් පමණ සත්වයෝ වෙද්ද, ඔවුන් අතුරෙන් අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතතෙමේ ශ්‍රේෂ්ඨයයි කියයි. මහණෙනි, එසේම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද, ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ කුසල ධර්මයන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අමතය (නිවන) බැසගැනීම කොට ඇති, අමතය පිහිට කොට ඇති, අමතය පර්‍ය්‍යවසාන කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි. -පෙ- අමතය (නිවන) බැසගැනීම කොට ඇති, අමතය පිහිට කොට ඇති, අමතය පර්‍ය්‍යවසාන කොට ඇති සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහී අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළ සේක.
1. 13. 4.
චතුත්ථ තථාගත සූත්‍රය
142. “මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ සිව්පාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ රූපීවූ හෝ අරූපී හෝ සඤ්ඤිවූ හෝ අසඤ්ඤිවූ හෝ නෙවසඤ්ඤි නාසඤ්ඤිවූ හෝ යම් පමණ සත්වයෝ වෙද්ද, ඔවුන් අතුරෙන් අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගතතෙමේ ශ්‍රේෂ්ඨයයි කියයි. මහණෙනි, එසේම වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද, ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ කුසල ධර්මයන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නිවනට නැමුණු, නිවනට පොනොවුණු, නිවනට ප්‍රග්භාර වූ සම්‍යක් දෘෂ්ටිය වඩයි. -පෙ- නිවනට නැමුණු, නිවනට පොනොවුණු, නිවනට ප්‍රග්භාර වූ සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ වනාහී අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළ සේක.
1. 13. 5-8.
පද සූත්‍ර
143-146. “මහණෙනි, ගොඩ ඇවිදින සත්වයන්ගේ යම් පාදයෝ වෙත්ද ඒ සියල්ල ඇත්පියවරෙහි ඇතුළත් වෙත්. මහත් කමින් ඒ සියලු පාදයන් අතුරෙන් ඇත්පිය අග්‍රයයි කියයි. මහණෙනි, එසේ වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි සංග්‍රහ වෙත්. ඒ කුසල ධර්මයන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡේද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡේද මෙන් වේ.)