13. අප්පමාද වර්ගය
1. 13. 1.
1. පඨම අප්පමාද සූත්‍රය
139. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සඤ්ඤී වූ හෝ අසඤ්ඤී වූ හෝ නෙවසඤ්ඤීනාසඤ්ඤී වූ හෝ යම් පමණ සත්ත්වයෝ වෙත් ද, ඔවුන් අතුරෙන් අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම් කිසි කුසල ධර්මයෝ වෙත් ද, ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත්තාහ; අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ ධර්මයන් අතුරෙන් අප්‍රමාදය අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන්නේය’ යන මෙය කැමති විය යුතුය.
මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ කෙසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමෙන සම්‍යක් දෘෂ්ටිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමෙන සම්‍යක් සංකල්පය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමෙන සම්‍යක් වචනය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමෙන සම්‍යක් කර්මාන්තය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමෙන සම්‍යක් ආජීවය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමෙන සම්‍යක් ව්‍යායාමය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමෙන සම්‍යක් සතිය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමෙන සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 2.
දුතිය තථාගත සූත්‍රය
140. “මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සඤ්ඤී වූ හෝ අසඤ්ඤී වූ හෝ නෙවසඤ්ඤීනාසඤ්ඤී වූ හෝ යම් පමණ සත්ත්වයෝ වෙත් ද, ඔවුන් අතුරෙන් අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම් කිසි කුසල ධර්මයෝ වෙත් ද, ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත්තාහ; අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ ධර්මයන් අතුරෙන් අප්‍රමාදය අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන්නේය’ යන මෙය කැමති විය යුතුය. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ කෙසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ රාගය දුරු කිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවර කොට ඇති, මෝහය දුරු කිරීම කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- රාගය දුරු කිරීම කෙළවර කොට ඇති, ද්වේෂය දුරු කිරීම කෙළවර කොට ඇති, මෝහය දුරු කිරීම කෙළවර කොට ඇති සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 3.
තතිය තථාගත සූත්‍රය
141. “මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සඤ්ඤී වූ හෝ අසඤ්ඤී වූ හෝ නෙවසඤ්ඤීනාසඤ්ඤී වූ හෝ යම් පමණ සත්ත්වයෝ වෙත් ද, ඔවුන් අතුරෙන් අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම් කිසි කුසල ධර්මයෝ වෙත් ද, ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත්තාහ; අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ ධර්මයන් අතුරෙන් අප්‍රමාදය අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන්නේය’ යන මෙය කැමති විය යුතුය. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ කෙසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ අමෘතය (නිවන) තුළට බැසගන්නා වූ, අමෘතය පිහිට කොට ඇති, අමෘතය කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- අමෘතය තුළට බැසගන්නා වූ, අමෘතය පිහිට කොට ඇති, අමෘතය කෙළවර කොට ඇති සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 4.
චතුත්ථ තථාගත සූත්‍රය
142. “මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සඤ්ඤී වූ හෝ අසඤ්ඤී වූ හෝ නෙවසඤ්ඤීනාසඤ්ඤී වූ හෝ යම් පමණ සත්ත්වයෝ වෙත් ද, ඔවුන් අතුරෙන් අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම් කිසි කුසල ධර්මයෝ වෙත් ද, ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත්තාහ; අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ ධර්මයන් අතුරෙන් අප්‍රමාදය අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන්නේය’ යන මෙය කැමති විය යුතුය. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ කෙසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 5-8.
පද සූත්‍ර
143-146. “මහණෙනි, ගොඩ ඇවිදින සත්වයන්ගේ යම් පාදයෝ වෙත්ද ඒ සියල්ල ඇත්පියවරෙහි ඇතුළත් වෙත්. මහත් කමින් ඒ සියලු පාදයන් අතුරෙන් ඇත්පිය අග්‍රයයි කියයි. මහණෙනි, එසේ වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි සංග්‍රහ වෙත්. ඒ කුසල ධර්මයන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡේද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡේද මෙන් වේ.)