1. 13. 3.
තතිය තථාගත සූත්‍රය
141. “මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සඤ්ඤී වූ හෝ අසඤ්ඤී වූ හෝ නෙවසඤ්ඤීනාසඤ්ඤී වූ හෝ යම් පමණ සත්ත්වයෝ වෙත් ද, ඔවුන් අතුරෙන් අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම් කිසි කුසල ධර්මයෝ වෙත් ද, ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත්තාහ; අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ ධර්මයන් අතුරෙන් අප්‍රමාදය අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන්නේය’ යන මෙය කැමති විය යුතුය. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ කෙසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ අමෘතය (නිවන) තුළට බැසගන්නා වූ, අමෘතය පිහිට කොට ඇති, අමෘතය කෙළවර කොට ඇති සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- අමෘතය තුළට බැසගන්නා වූ, අමෘතය පිහිට කොට ඇති, අමෘතය කෙළවර කොට ඇති සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 4.
චතුත්ථ තථාගත සූත්‍රය
142. “මහණෙනි, පා නැත්තා වූ හෝ දෙපා ඇත්තා වූ හෝ සිව්පා ඇත්තා වූ හෝ බොහෝ පා ඇත්තා වූ හෝ රූපී වූ හෝ අරූපී වූ හෝ සඤ්ඤී වූ හෝ අසඤ්ඤී වූ හෝ නෙවසඤ්ඤීනාසඤ්ඤී වූ හෝ යම් පමණ සත්ත්වයෝ වෙත් ද, ඔවුන් අතුරෙන් අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසේම යම් කිසි කුසල ධර්මයෝ වෙත් ද, ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත්තාහ; අප්‍රමාදයෙහි ඇතුළත් වෙත්. ඒ ධර්මයන් අතුරෙන් අප්‍රමාදය අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ ‘ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේය, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩන්නේය’ යන මෙය කැමති විය යුතුය. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ කෙසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි ද, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සම්‍යක් දෘෂ්ටිය වඩයි -පෙ- නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙමේ මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩයි, ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 5-8.
පද සූත්‍ර
143-146. “මහණෙනි, ගොඩ ඇවිදින සත්වයන්ගේ යම් පාදයෝ වෙත්ද ඒ සියල්ල ඇත්පියවරෙහි ඇතුළත් වෙත්. මහත් කමින් ඒ සියලු පාදයන් අතුරෙන් ඇත්පිය අග්‍රයයි කියයි. මහණෙනි, එසේ වනාහී යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි සංග්‍රහ වෙත්. ඒ කුසල ධර්මයන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
(මේ ඡේද මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3, 4 වෙනි ඡේද මෙන් වේ.)
1. 13. 9-12.
කූට සූත්‍ර
147-150. “මහණෙනි, යම්සේ කූටාගාරයාගේ යම් ඒ පරාලවෙද්ද ඒ සියල්ල මුදුන අනුව ගියාහු වෙත්. මුදුනට නැමුණාහු වෙත්. මුදුනෙහි සංග්‍රහ වේ. ඒ පරාලවලට මුදුන අග්‍රයයි කියයි. මහණෙනි, එසේම වනාහි යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද, ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි සංග්‍රහ වෙත්. ඔවුන්ට අප්‍රමාදය අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
1. 13. 13-16.
මූල සූත්‍ර
151-154. “මහණෙනි, යම් සේ යම් කිසි සුවඳැති මුල් වර්ග වෙත් ද, ඔවුන් අතුරෙන් කළු අගිල් අග්‍ර යයි කියනු ලැබේ ද, මහණෙනි, එසේම -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 17-20.
සාර සූත්‍ර
155-158. “මහණෙනි, යම් සේ යම් කිසි සුවඳැති අරටු වර්ග වෙත් ද, ඔවුන් අතුරෙන් රත් සඳුන් අග්‍ර යයි කියනු ලැබේ ද, මහණෙනි, එසේම -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 21-24.
වස්සික සූත්‍ර
159-162. “මහණෙනි, යම් සේ යම් කිසි සුවඳ මල් වර්ග වෙත් ද, ඔවුන් අතුරෙන් දෑසමන් මල අග්‍ර යයි කියනු ලැබේ ද, මහණෙනි, එසේම -පෙ- ආර්ය අෂ්ටාංගික මාර්ගය නැවත නැවත වඩයි” යි වදාළ සේක.
1. 13. 25-28.
රාජ සූත්‍ර
163-166. “මහණෙනි, යම් සේ යම් ඒ කුඩා රජවරු වෙද්ද? ඒ සියලුදෙනා සක්විති රජුට අනුව පවත්නාහු වෙත්. ඔවුන් අතුරෙන් සක්විති රජතෙම අග්‍රයයි කියයි. මහණෙනි, එසේම වනාහි යම් කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල් කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්. අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?
1. 13. 29-32.
චන්දිම සූත්‍ර
167-170. “මහණෙනි, යම්සේ යම් ඒ තාරකාවන්ගේ ආලෝකයක් වේද? ඒ සියල්ල චන්ද්‍රාලෝකයෙන් සොළොස්වැනි කලාවකටද නොඅගී. චන්ද්රාලෝකය ඒ සියල්ල අතරෙන් අග්‍රයයි කියයි. මහණෙනි, එසේම වනාහි යම් ඒ කුසල ධර්මයෝ වෙද්ද? ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදයෙහි ඒ සියල්ල ඇතුළත් වෙත්. අප්‍රමාදය ඒ සියලු කුසල ධර්මයන්ට අග්‍රයයි කියයි. මහණෙනි, අප්‍රමාදයෙන් යුත් මහණ තෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, මේ අප්‍රමාදයෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?