6. 1. 10.
සක්ක සූත්රය
357. එක් කලෙක්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු මහසිටාණන්ගේ ආරාමයෙහි වාසය කරයි. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේ යම්සේ වනාහි බලවත් පුරුෂයෙක් හකුළනලද අතක් යම්සේ දිගහරීද, දිගහරිනලද අතක් යම්සේ හකුළාද එසේම ජේතවනයෙහි අතුරුදහන් වූයේ තව්තිසා වැසි දෙවියන් කෙරෙහි පහළවිය. එකල්හි සක්දෙව් රජතෙම පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක හුන් සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරුන්වහන්සේ මෙය වදාළහ.
“දේවානමින්දය, බුදුන් සරණයාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ බුදුන් සරණ යාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. දේවානමින්දය, ධර්මය සරණයාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ ධර්මය සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. දේවානමින්දය, සංඝයා සරණ යාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ සංඝයා සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්යයි” වදාළසේක.
“නිදුකාණෙනි, මොග්ගල්ලානය, බුදුන් සරණයාම යහපත් වේ. නිදුකාණෙනි මොග්ගල්ලානය, මෙසේ බුදුන් සරණයාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලානය, ධර්මය සරණයාම යහපත්වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානය, මෙසේ ධර්මය සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලානය, සංඝයා සරණයාම යහපත් වෙයි. නිදුකාණෙනි, මොග්ගල්ලානය, මෙසේ සංඝයා සරණයාම හේතු කොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්යයි’ කීයේය.
6. 1. 11.
දුතිය සක්ක සූත්රය
358. එකල්හි ශක්ර දේවේන්ද්ර තෙම දේවතාවන් හය සියයක් සමඟ -පෙ- එකල්හි ශක්ර දේවේන්ද්ර තෙම දේවතාවන් හත් සියයක් සමඟ -පෙ- එකල්හි ශක්ර දේවේන්ද්ර තෙම දේවතාවන් අට සියයක් සමඟ -පෙ- ඉක්බිති සක්දෙව් රජතෙම අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසෙක සිටියේය. එකත්පසෙක සිට සක්දෙව් රජහට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ: “දේවානමින්දය, බුදුන් සරණ යාම යහපත් වේ. දේවානමින්දය, මෙසේ බුදුන් සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. දේවානමින්දය, ධර්මය සරණයාම යහපත්වේ. දේවානමින්දය, මෙසේ ධර්මය සරණයාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. දේවානමින්දය, සංඝයා සරණයාම යහපත්වේ. දේවානමින්දය, මෙසේ සංඝයා සරණ යාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්.”
“නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුන් සරණයාම යහපත් වේ. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ බුදුන් සරණයාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ධර්මය සරණයාම යහපත්වේ. නිදුකාණෙනි මොග්ගල්ලානය, මෙසේ ධර්මය සරණ යාම හේතුකොට ගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සංඝයා සරණ යාම යහපත්වේ. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මෙසේ සංඝයා සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.
6. 1. 12.
තතිය සක්ක සූත්රය
359. ඉක්බිති ශක්ර දේවෙන්ද්ර තෙම පන්සියයක් දේවතාවන් සමග ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක: දේවානමින්දය, බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. ඒ භාග්යවතුන් වහන්සේ මේ කාරණයෙනුත් අර්හත්ය, සම්යක් සම්බුද්ධය, අෂ්ටවිද්යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකවිදුය, පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි, දෙව් මිනිසුන්ගේ අනුශාසකය, බුද්ධය, භාග්යවත්ය, කියායි. දේවානමින්දය, මෙසේ බුදුන් කෙරෙහි අචල ශ්රද්ධාවෙන් යුක්තවී ඒ හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.