3. 2. 5.
අමච්ඡරී සූත්රය
299. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්; ශ්රද්ධා ඇත්තියක් වේද, ලැජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, මසුරු මළ නැත්තියක් වේද, නුවණ ඇත්තියක්වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
3. 2. 6.
අනතිචාරී සූත්රය
300. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී. කවර ධර්ම පසකින්ද යත්; ශ්රද්ධා ඇත්තියක් වේද, ලැජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, ස්වාමියා ඉක්ම නොපවතීද, නුවණ ඇත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
3. 2. 7.
සීලවන්ත සූත්රය
301. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්; ශ්රද්ධා ඇත්තියක් වේද, ලැජ්ජා ඇත්තියක්වේද, භය ඇත්තියක්වේද, සිල්වත්වේද, නුවණ ඇත්තියක්වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
3. 2. 8.
බහුස්සුත සූත්රය
302. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්; ශ්රද්ධා ඇත්තියක් වේද, ලැජ්ජා ඇත්තියක්වේද, භය ඇත්තියක්වේද, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියක් වේද, නුවණ ඇත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
3. 2. 9.
ආරද්ධවිරිය සූත්රය
303. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්; ශ්රද්ධා ඇත්තියක් වේද, ලැජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, පටන්ගත් වීර්ය ඇත්තියක් වේද, නුවණ ඇත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”
3. 2. 10.
උපට්ඨිතසති සූත්රය
304. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදියි. කවර ධර්ම පසකින්ද යත්; ශ්රද්ධා ඇත්තියක්වේද, ලැජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, එළඹ සිටි සිහි ඇත්තියක් වේද, නුවණ ඇත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදීයයි” වදාළසේක.
3. 2. 11.
පඤ්චසීල සූත්රය
305. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී. කවර ධර්ම පසකින්ද යත්; සතුන් මැරීමෙන් වැළකුනී වේද, නුදුන් දේ ගැනීමෙන් වැළකුනී වෙයිද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුනී වෙයිද, බොරු කීමෙන් වැළකුනී වෙයිද, මදයට හා ප්රමාදයට හේතුවූ රහමෙර බීමෙන් වැළකුනී වෙයිද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදීයයි” වදාළසේක.
අනුරුද්ධවග්ගො දුතියො.
තත්රුද්දානං:
අනුරුද්ධ, අක්කොධන, අනුපනාහී, අනිස්සුකී, අමච්ඡරී, අනතිචාරී, සීලවන්ත, බහුස්සුත, විරිය, සති සහ පඤ්චසීල යන සූත්රයෝ ශුක්ල පක්ෂයෙහි ප්රකාශිතයෝය.