3. 1. 13.
කුසීත සූත්රය
292. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි. කවර කරුණු පසකින්දයත්, ශ්රද්ධා නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක්වේද, කුසීතවේද, නුවණ නැත්තියක්වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
3. 1. 14.
මුට්ඨස්සති සූත්රය
293. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි. කවර කරුණු පසකින්දයත්, ශ්රද්ධා නැත්තියක් වේද, ලැජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක්වේද, සිහි මුළාවූ තැනැත්තියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”
3. 1. 15.
පඤ්චවේර සූත්රය
294. “මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොරවූ නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදී. කවර කරුණු පසකින්ද යත්, සතුන් මරන්නියක් වේද, නුදුන් දෙය ගන්නියක් වේද, කාමයන්හි වරදවා හැසිරෙන්නියක් වේද, බොරු කියන්නියක් වේද, මදයට හා ප්රමාදයට හේතුවූ රහමෙර පානය කරන්නියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර නපුරු ගති ඇති විසමව වැටෙන නිරයෙහි උපදී.”
පළමුවෙනි වර්ගය නිමි.
එහි උද්දානය:
මාතුගාම, පුරිස, ආවේණික, තීහිධම්ම, කෝධන, උපනාහී, ඉස්සුකී, මච්ඡරී ද, අතිචාරී, අනුරුද්ධ, දුස්සීල, අප්පස්සුත, කුසීත, මුට්ඨස්සති සහ පඤ්චවේර යයි සූත්ර පහළොසකි.