2. 3. 3.
3. භික්ඛු සූත්රය
271. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමීනි, වේදනාව කවරේද? වේදනාවෙහි හේතුව කවරේද, වේදනාව පහළවීම පිණිස පවත්නා ප්රතිපදාව කවරේද, වේදනාවෙහි නිරෝධය කවරේද, වේදනා නිරුද්ධයට යන ප්රතිපදාව කවරේද, වේදනාවෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද?,
“මහණෙනි, මේ වේදනා තුනකි. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා යන මේ තුනය. මහණ, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්ශයාගේ හටගැනීමෙන් වේදනාව පහළවේ. තෘෂ්ණාව, වේදනාව ඉපදීම කරා පැමිණෙන ප්රතිපදාවය. ස්පර්ශය නිරුද්ධවීම හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වෙයි. මේ සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේ ආර්ය්ය අෂ්ටාඞගික මාර්ගය වේදනා නිරෝධයට යන ප්රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවෙහි නිස්සරණයයි,
2. 3. 4.
4. පුබ්බෙ සූත්රය
272. “මහණෙනි, මට බුදුවීමට පෙර චතුස්සත්ය අවබෝධ කිරීමට පළමු බොධිසත්ත්ව කාලයේම වේදනාවෝ කවරහුද? වේදනාවට හේතු කවරේද, වේදනා පහළවීම කරා පැමිණෙන ප්රතිපදාව කවරේද, වේදනා නිරෝධය කවරේද, වේදනා නිරුද්ධයට පැමිණෙන ප්රතිපදාව කවරේද, වේදනාවගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද යන මේ අදහස පහළවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. “මහණෙනි, මේ වේදනා තුනකි. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා යන මේ තුනය. මහණ, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්ශයාගේ හටගැනීමෙන් වේදනාව පහළවේ. තෘෂ්ණාව, වේදනාව ඉපදීම කරා පැමිණෙන ප්රතිපදාවය. ස්පර්ශය නිරුද්ධවීම හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වෙයි. මේ සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේ ආර්ය්ය අෂ්ටාඞගික මාර්ගය වේදනා නිරෝධයට යන ප්රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවෙහි නිස්සරණයයි,
2. 3. 5.
5. ඤාණ සූත්රය
273. “මහණෙනි, මට මේ වේදනාවෝයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්රඥාව පහළවිය. විද්යාව පහළවිය. ආලෝකය පහළවිය. මහණෙනි, මට මේ වේදනාවට හේතුවයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්රඥාව පහළවිය. විද්යාව පහළවිය. ආලෝකය පහළවිය. “මහණෙනි, මට මේ වේදනා පහළවීම කරා පැමිණෙන ප්රතිපදාවයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්රඥාව පහළවිය. විද්යාව පහළවිය. ආලෝකය පහළවිය. මහණෙනි, මට මේ වේදනා නිරෝධයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්රඥාව පහළවිය. විද්යාව පහළවිය. ආලෝකය පහළවිය. “මහණෙනි, මට මේ වේදනා නිරෝධයට යන ප්රතිපදාවයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්රඥාව පහළවිය. විද්යාව පහළවිය. ආලෝකය පහළවිය. “මහණෙනි, මට මේ වේදනාවෙහි ආශ්වාදයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්රඥාව පහළවිය. විද්යාව පහළවිය. ආලෝකය පහළවිය. “මහණෙනි, මට මේ වේදනාවෙහි ආදීනවයයි, පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්රඥාව පහළවිය. විද්යාව පහළවිය. ආලෝකය පහළවිය. “මහණෙනි, මට මේ වේදනාවෙහි නිස්සරණයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්රඥාව පහළවිය. විද්යාව පහළවිය. ආලෝකය පහළවිය.
2. 3. 6.
6. සම්බහුලභික්ඛු සූත්රය
274. එකල්හි වනාහි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ: ස්වාමීනි, වේදනාවෝ කවරහුද, වේදනාවන්ගේ හේතුව කවරේද, වේදනාවන්ගේ හටගැනීම කරා පැමිණෙන ප්රතිපදාව කවරේද, වේදනා නිරෝධය කවරේද, වේදනා නිරෝධයට පැමිණෙන ප්රතිපදාව කවරේද, වේදනාවෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේදැ?යි.
“මහණෙනි, මේ වේදනා තුනෙකි. සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනාය යන තුනයි. මහණෙනි, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්ශයාගේ පහළවීමෙන් වේදනාවන්ගේ පහළවීම වේ. තෘෂ්ණාව වේදනා හටගැනීමට පැමිණෙන පටිපදාවයි. ස්පර්ශයාගේ නිරෝධය හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වේ. සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතිය, සම්යක් සමාධිය යන මේ ආර්ය්ය අෂ්ටාඞගික මාර්ගය වේදනා නිරෝධයට යන ප්රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවෙහි නිස්සරණයයි,
2. 3. 7.
7. සමණබ්රාහ්මණ සූත්රය
275. “මහණෙනි, මේ වේදනා තිදෙනෙකි. කවර තිදෙනෙක්ද යත් සැප වේදනාවය, දුක් වේදනාවය, උපේක්ෂා වේදනාවය යන තිදෙනය. මහණෙනි, යම් ශ්රමණකෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ ත්රිවිධ වේදනාවන්ගේ හටගැනීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද නිස්සරණයද තත්වූ පරිද්දෙන් නොදනිත්ද, “මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මතද නොවෙත්. ඒ ආයුෂ්මත්හු ශ්රමණ භාවයේ අර්ත්ථය හෝ බ්රාහ්මණ භාවයේ අර්ත්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ දැන, ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය නොකෙරෙත්. “මහණෙනි, යම්කිසි ශ්රමණ කෙනෙක් හෝ බ්රාහ්මණ කෙනෙක් හෝ මේ ත්රිවිධ වේදනාවන්ගේ පහළවීමද, විනාශවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, ඒ ශ්රමණයෝ හෝ බ්රාහ්මණයෝ හෝ ශ්රමණයන් කෙරෙහි ශ්රමණ සම්මතද, බ්රාහ්මණයන් කෙරෙහි බ්රාහ්මණ සම්මතද වෙත්. ඒ ආයුෂ්මත්හු ශ්රමණභාවයේ අර්ත්ථය හෝ බ්රාහ්මණභාවයේ අර්ත්ථය හෝ මේ ආත්මයෙහිදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කෙරෙත්යයි, වදාළ සේක.