2. 3. 4.
4. පුබ්බෙ සූත්‍රය
272. “මහණෙනි, මට බුදුවීමට පෙර චතුස්සත්‍ය අවබෝධ කිරීමට පළමු බොධිසත්ත්ව කාලයේම වේදනාවෝ කවරහුද? වේදනාවට හේතු කවරේද, වේදනා පහළවීම කරා පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනා නිරෝධය කවරේද, වේදනා නිරුද්ධයට පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනාවගේ ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද යන මේ අදහස පහළවිය.
මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය: මේ වේදනා තුනකි: සැප වේදනාව, දුක් වේදනාව, දුක් සැප රහිත (උපේක්ෂා) වේදනාව. මේවා වේදනා යැයි කියනු ලැබේ. ස්පර්ශයාගේ හටගැනීමෙන් වේදනාවේ හටගැනීම වේ. තෘෂ්ණාව වේදනාවේ හටගැනීමට යන ප්‍රතිපදාවයි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාවේ නිරෝධය වේ. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම වේදනා නිරෝධයට යන ප්‍රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදී ද, මෙය වේදනාවේ ආස්වාදයයි. වේදනාව අනිත්‍ය වූ, දුක් වූ, වෙනස් වන ස්වභාව ඇත්තක් වේ ද, මෙය වේදනාවේ ආදීනවයයි. වේදනාව කෙරෙහි යම් ඡන්දරාගය (ආශාව) දුරු කිරීමක්, ඡන්දරාගය ප්රහාණය කිරීමක් වේ ද, මෙය වේදනාවෙන් නිදහස් වීමයි (නිස්සරණයයි).
2. 3. 5.
5. ඤාණ සූත්‍රය
273. “මහණෙනි, මට මේ වේදනාවෝයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. මහණෙනි, මට මේ වේදනාවට හේතුවයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. “මහණෙනි, මට මේ වේදනා පහළවීම කරා පැමිණෙන ප්‍රතිපදාවයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. මහණෙනි, මට මේ වේදනා නිරෝධයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. “මහණෙනි, මට මේ වේදනා නිරෝධයට යන ප්‍රතිපදාවයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. “මහණෙනි, මට මේ වේදනාවෙහි ආශ්වාදයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. “මහණෙනි, මට මේ වේදනාවෙහි ආදීනවයයි, පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. “මහණෙනි, මට මේ වේදනාවෙහි නිස්සරණයයි පෙර නොඇසූවිරූ ධර්මයෙහි ප්රඥාචක්ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
2. 3. 6.
6. සම්බහුලභික්ඛු සූත්‍රය
274. එකල්හි වනාහි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: ස්වාමීනි, වේදනාවෝ කවරහුද, වේදනාවන්ගේ හේතුව කවරේද, වේදනාවන්ගේ හටගැනීම කරා පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනා නිරෝධය කවරේද, වේදනා නිරෝධයට පැමිණෙන ප්‍රතිපදාව කවරේද, වේදනාවෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේදැ?යි.
“මහණෙනි, මේ වේදනා තුනෙකි. සැප වේදනාය, දුක් වේදනාය, උපේක්ෂා වේදනාය යන තුනයි. මහණෙනි, මොවුහු වේදනාවෝයයි කියනු ලැබෙත්. ස්පර්ශයාගේ පහළවීමෙන් වේදනාවන්ගේ පහළවීම වේ. තෘෂ්ණාව වේදනා හටගැනීමට පැමිණෙන පටිපදාවයි. ස්පර්ශයාගේ නිරෝධය හේතුකොටගෙන වේදනාවන්ගේ නිරෝධය වේ. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්‍ය්‍ය අෂ්ටාඞගික මාර්ගය වේදනා නිරෝධයට යන ප්‍රතිපදාවයි. වේදනාව නිසා යම් සැපක් සොම්නසක් උපදීද, මේ වේදනාවෙහි ආශ්වාදයයි. යම් වේදනාවක් අනිත්‍යද දුක්ද, පෙරළෙන ස්වභාව ඇත්තේද මේ වේදනාවෙහි ආදීනවයයි. වේදනාවෙහි යම් ආශාව දුරුකිරීමක් වේද යම් ආශාව පහකිරීමක් වේද මේ වේදනාවෙහි නිස්සරණයයි,
2. 3. 7.
7. සමණබ්‍රාහ්මණ සූත්‍රය
275. මහණෙනි, මේ වේදනා තුනකි. කවර තුනක් ද යත්: සැප වේදනාව, දුක් වේදනාව, දුක් සැප රහිත (උපේක්ෂා) වේදනාව. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ වේදනා තුනේ හටගැනීම ද, නැතිවීම ද, ආස්වාදය ද, ආදීනවය ද, නිස්සරණය ද තත්වූ පරිදි නොදනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතර ශ්රමණයන් යැයි ද, බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් යැයි ද සම්මත නොවෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මේ ජීවිතයේදීම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන, ප්රත්යක්ෂ කොට, එයට පැමිණ වාසය නොකරති. මහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ වේදනා තුනේ හටගැනීම ද, නැතිවීම ද, ආස්වාදය ද, ආදීනවය ද, නිස්සරණය ද තත්වූ පරිදි දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්රමණයන් අතර ශ්රමණයන් යැයි ද, බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් යැයි ද සම්මත වෙති. ඒ ආයුෂ්මත්හු ශ්‍රමණභාවයේ අර්ථය හෝ බ්‍රාහ්මණභාවයේ අර්ථය හෝ මේ ජීවිතයේදීම තුමූ විශිෂ්ට ඥානයෙන් දැන, ප්රත්යක්ෂ කොට, එයට පැමිණ වාසය කරති.