10. 1. 6.
6. ආරාම සූත්රය
415. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේද බරණැස මිගදාය නම් ඉසිපතනයෙහි වාසය කරත්. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලාවෙහි විවේකයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් සමග සතුටු වූහ. සතුටු විය යුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක්පසෙක හුන්හ. එක්පසෙක හුන් ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරතෙම ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන්ට මෙසේ කීයෙහිය: “කිමෙක්ද ඇවැත් කොට්ඨිතය, සත්වතෙමේ මරණින් මතු වේද?”-“ඇවැත්නි, සත්වයා මරණින් මතු වේයයි යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද?”-“ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු නොවේය යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වන්නේත්, නොවන්නේත් වේද?”-“ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි, නොවන්නේත් වෙයි යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලදී” “ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද, නොවන්නේත් නොවේද?”-“ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු නොවේ, නොවන්නේද නොවේ යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වේදැයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු වේය යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි කීයෙහිය. “ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේ දැයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු නොවේය යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි කීයෙහිය. “ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි, නොවන්නේත් වේදැයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි, නොවන්නේත් වෙයි යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි කීයෙහිය. “ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද, නොවන්නේත් නොවේද යයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු නොවේ, නොවන්නේද නොවේයයි යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි’ කීයෙහිය. “ඇවැත්නි, යම් කරුණකින් භාග්යවතුන් වහන්සේ විසින් මෙය නොවදාරන ලද්දේ නම් ඊට හේතු කවරේද, ඊට ප්රත්යය කවරේද?”
“ඇවැත්නි, රූපයට කැමති වූ රූපයට ඇලුණා වූ රූපයට සතුටු වූ රූප නිරෝධය තත්වූ පරිද්දෙන් නොදන්නා වූ නොදක්නා වූ පුද්ගලයාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වේයයි සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවේ යයිද සිතෙයි. “ඇවැත්නි, වේදනාවට කැමති වූ වේදනාවට ඇලුණා වූ වේදනාවට සතුටු වූ වේදනා නිරෝධය තත්වූ පරිද්දෙන් නොදන්නා වූ නොදක්නා වූ පුද්ගලයාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වේයයි සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවේ යයිද සිතෙයි. “ඇවැත්නි, සංඥාවට කැමති වූ සංඥාවට ඇලුණා වූ සංඥාවට සතුටු වූ සංඥා නිරෝධය තත්වූ පරිද්දෙන් නොදන්නා වූ නොදක්නා වූ පුද්ගලයාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වේයයි සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවේ යයිද සිතෙයි. “ඇවැත්නි, සංස්කාරයෙහි කැමති වූ සංස්කාරයට ඇලුණා වූ සංස්කාරයට සතුටු වූ සංස්කාර නිරෝධය තත්වූ පරිද්දෙන් නොදන්නා වූ නොදක්නා වූ පුද්ගලයාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වේයයි සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවේ යයිද සිතෙයි. “ඇවැත්නි, විඤ්ඤාණයට කැමති වූ විඤ්ඤාණයට ඇලුනා වූ විඤ්ඤාණයෙහි සතුටු වූ විඤ්ඤාණ නිරෝධය තත්වූ පරිද්දෙන් නොදන්නා වූ නොදක්නා වූ පුද්ගලයාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වේයයි සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවේ යයිද සිතෙයි.
“ඇවැත්නි, රූපයට කැමති නොවූ රූපයට නොඇලුණා වූ රූපයට සතුටු නොවූ රූප නිරෝධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වයා මරණින් මතු වේයයි නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවේයයිද නොසිතෙයි. “ඇවැත්නි, වේදනාවට කැමති නොවූ වේදනාවට නොඇලුනා වූ වේදනාවට සතුටු නොවූ වේදනා නිරෝධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වයා මරණින් මතු වේයයි නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවේයයිද නොසිතෙයි. “ඇවැත්නි, සංඥාවට කැමති නොවූ සංඥාවට නොඇලුනා වූ සංඥාවට සතුටු නොවූ සංඥා නිරෝධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වයා මරණින් මතු වේයයි නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවේයයිද නොසිතෙයි. “ඇවැත්නි, සංස්කාරයට කැමති නොවූ සංස්කාරයට නොඇලුනා වූ සංස්කාරයට සතුටු නොවූ සංස්කාර නිරෝධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වයා මරණින් මතු වේයයි නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවේයයිද නොසිතෙයි. “ඇවැත්නි, විඤ්ඤාණයට කැමති නොවූ විඤ්ඤාණයට නොඇලුනා වූ විඤ්ඤාණයට සතුටු නොවූ විඤ්ඤාණ නිරෝධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට සත්වයා මරණින් මතු වේයයි නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවේයයිද නොසිතෙයි. “ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් යම් කරුණකින් මෙය නොවදාරන ලද්දේද මේ ඊට හේතුවයි මේ ඊට ප්රත්යයි”
“ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් එය යම් කරුණකින් නොවදාරන ලද්දේ නම් ඊට අනිකුත් ක්රමයක් ඇත්තේද?” - “ඇවැත්නි, ඇත්තේය.” “ඇවැත්නි, භවයට කැමති වූ භවයට ඇලුණා වූ භවයට සතුටු වූ තත්වූ පරිද්දෙන් භවනිරෝධය නොදන්නාහට නොදක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතේ. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවේයයිද සිතෙයි.
“ඇවැත්නි, භවයට කැමති නොවූ භවයට නොඇලුණා වූ භවයට සතුටු නොවූ තත්වූ පරිද්දෙන් භව නිරෝධය දන්නාහට දක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවේයයිද නොසිතෙයි. “ඇවැත්නි, එය යම් කරුණකින් භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ නොකරන ලද්දේ නම් මේද ඊට එක් ක්රමයකි.
“ඇවැත්නි, භාග්යවතුන් වහන්සේ විසින් එය යම් කරුණකින් නොවදාරන ලද්දේ නම් ඊට අනිකුත් ක්රමයක් ඇත්තේද?” - “ඇවැත්නි, ඇත්තේය.” “ඇවැත්නි, උපාදානයට කැමති වූ උපාදානයට ඇලුණා වූ උපාදානයට සතුටු වූ තත්වූ පරිද්දෙන් උපාදාන නිරෝධය නොදන්නාහට නොදක්නාහට සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේ නොවෙයි කියාද සිතෙයි.”