10. 1. 3.
3. උපගත සූත්රය
412. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේද බරණැස මිගදාය නම් ඉසිපතනයෙහි වාසය කරත්. එකල්හි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් වේලාවෙහි විවේකයෙන් නැගී සිටියේ ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ශාරිපුත්ර ස්ථවිරයන් සමග සතුටු වූහ. සතුටු වියයුතු වූ සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක්පසෙක හුන්හ. එක්පසෙක හුන් ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරතෙම ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට,
“කිමෙක්ද ඇවැත් ශාරිපුත්රය, සත්වතෙමේ මරණින් මතුවේද?” “ඇවැත්නි, සත්වයා මරණින් මතුවේයයි යන මෙය භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද?” “ඇවැත්නි, සත්ව තෙමේ මරණින් මතු නොවේය යන මෙයද භාග්යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “ඇවැත්නි, කිමෙක්ද, සත්වතෙමේ මරණින් මතු වන්නේත්, නොවන්නේත් වේද?” “ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි. නොවන්නේත් වෙයි යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලදී.” “ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද නොවන්නේත් නොවේද?” “ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු නොවේ, නොවන්නේද නොවේ යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලදී.”
“ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වේදැයි මෙසේ විචාරණ ලද්දේ, සත්වතෙමේ මරණින් මතු වේය යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි කීයෙහිය. “ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේ දැයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු නොවේය යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි කීයෙහිය. “ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු වන්නේත්, නොවන්නේත් වේදැයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු වන්නේත් වෙයි, නොවන්නේත් වෙයි යන මෙය තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි කීයෙහිය. “ඇවැත්නි, කිමෙක්ද? සත්වතෙමේ මරණින් මතු නොවේද, නොවන්නේත් නොවේද යයි මෙසේ විචාරණ ලද්දේද, සත්වතෙමේ මරණින් මතු නොවේ, නොවන්නේත් නොවේයයි යන මෙයද තථාගතයන් වහන්සේ විසින් නොවදාරන ලද්දේයයි’ කීයෙහිය. “ඇවැත්නි, යම් කරුණකින් භාග්යවතුන් වහන්සේ විසින් මෙය නොවදාරන ලද්දේ නම් ඊට හේතු කවරේද, ඊට ප්රත්යය කවරේද?”
[2] “ඇවැත්නි සත්වතෙමේ මරණින් මතු වේය යන මෙය රූප මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු නොවේ යන මෙයද රූප මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මෙයද රූප මාත්රයකි. සත්ව තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවෙයි යන මෙයද රූප මාත්රයකි. “ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු වේය යන මෙය වේදනා මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු නොවේයයි යන මෙයද වේදනා මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මෙයද වේදනා මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවෙයි යන මෙයද වේදනා මාත්රයකි.
“ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු වේය යන මෙය සංඥා මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු නොවේය යන මෙයද සංඥා මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මෙයද සංඥා මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි යන මෙයද සංඥා මාත්රයකි. “ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු වෙයි යන මෙය සංස්කාර මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි යන මෙයද සංස්කාර මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මෙයද සංස්කාර මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවෙයි යන මෙයද සංස්කාර මාත්රයකි. “ඇවැත්නි, සත්වතෙමේ මරණින් මතු වෙයි යන මෙය විඤ්ඤාණ මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි යන මෙයද විඤ්ඤාණ මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි යන මෙයද විඤ්ඤාණ මාත්රයකි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවෙයි යන මෙයද විඤ්ඤාණ මාත්රයකි.
“ඇවැත්නි, යම් කරුණකින් භාග්යවතුන් වහන්සේ විසින් මෙය නොවදාරන ලද්දේද, ඊට හේතු මේ ය. ඊට ප්රත්යය මේ ය.”
10. 1. 4.
4. සමුදය සූත්රය
413. (මෙහි පළමුවෙනි ඡේදය මේ වර්ගයේ 3 වෙනි සූත්රයේ පළමුවෙනි ඡේදය මෙනි.) “ඇවැත්නි, රූපය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, රූපයට හේතුව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, රූප නිරෝධය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, රූප නිරෝධයට පැමිණෙන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට; සත්වතෙමේ මරණින් මතුවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතේ. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවේයයිද සිතෙයි.
“ඇවැත්නි, වේදනාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, වේදනාවට හේතුව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, වේදනා නිරෝධය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, වේදනා නිරෝධයට පැමිණෙන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට; සත්වතෙමේ මරණින් මතුවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවේයයිද සිතෙයි. “ඇවැත්නි, සංඥාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, සංඥාවට හේතුව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, සංඥා නිරෝධය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, සංඥා නිරෝධයට පැමිණෙන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට; සත්වතෙමේ මරණින් මතු වේයයි සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවේයයිද සිතෙයි. “ඇවැත්නි, සංස්කාරය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, සංස්කාරයට හේතුව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, සංස්කාර නිරෝධය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, සංස්කාර නිරෝධයට පැමිණෙන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට; සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවේයයිද සිතෙයි. “ඇවැත්නි, විඤ්ඤාණය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, විඤ්ඤාණයට හේතුව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, විඤ්ඤාණ නිරෝධය තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට, විඤ්ඤාණ නිරෝධයට පැමිණෙන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් නොදන්නාහට නොදක්නාහට; සත්වතෙමේ මරණින් මතු වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වේයයිද සිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවේයයිද සිතෙයි.
“ඇවැත්නි, රූපය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට, රූපයට හේතුව තත්වූ පරිදි දන්නාහට දක්නාහට, රූප නිරෝධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට, රූප නිරුද්ධයට පැමිණෙන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට; සත්වතෙමේ මරණින් මතු වේයයි නොසිතේ. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියා නොසිතෙයි. සත්ව තෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවේයයිද නොසිතෙයි. “ඇවැත්නි, වේදනාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට, වේදනාවට හේතුව තත්වූ පරිදි දන්නාහට දක්නාහට, වේදනා නිරෝධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට, වේදනා නිරුද්ධයට පැමිණෙන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට; සත්වතෙමේ මරණින් මතු වේයයි නොසිතේ. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි නොවන්නේද වෙයි කියා නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවේයයිද නොසිතෙයි. “ඇවැත්නි, සංඥාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට, සංඥාවට හේතුව තත්වූ පරිදි දන්නාහට දක්නාහට, සංඥා නිරෝධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට, සංඥා නිරුද්ධයට පැමිණෙන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට; සත්වතෙමේ මරණින් මතු වේයයි නොසිතේ. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්ව තෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියාද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවේයයිද නොසිතෙයි. “ඇවැත්නි, සංස්කාරය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට, සංස්කාරයට හේතුව තත්වූ පරිදි දන්නාහට දක්නාහට, සංස්කාර නිරෝධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට, සංස්කාර නිරුද්ධයට පැමිණෙන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට; සත්වතෙමේ මරණින් මතු වේයයි නොසිතේ. සත්වතෙමේ මරණින් මතු නොවේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වෙයි කියා නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේත් නොවේයයිද නොසිතෙයි. “ඇවැත්නි, විඤ්ඤාණය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට, විඤ්ඤාණයට හේතුව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට, විඤ්ඤාණ නිරෝධය තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට, විඤ්ඤාණ නිරෝධයට පැමිණෙන ප්රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නාහට දක්නාහට; සත්වයා මරණින් මතු වේයයි නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවේයයි නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු වන්නේද වෙයි, නොවන්නේද වේයයිද නොසිතෙයි. සත්වතෙමේ මරණින් මතු නොවෙයි, නොවන්නේද නොවේයයිද නොසිතෙයි. ඇවැත්නි, යම් කාරණයකින් එය භාග්යවතුන් වහන්සේ විසින් ප්රකාශ නොකරන ලද්දේද මේ ඊට හේතුවයි. මේ ප්රත්යයයි.”