1. 9. 6.
බාහිය සූත්‍රය
89. එකල්හි ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකළාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නෙම්ද, භාග්‍යවතුන් වහන්සේ මට එබඳු ධර්‍මයක් සැකෙවින් දේශනා කරන සේක් නම් මැනව, යනුයි.
“බාහිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.
“රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “බාහිය, කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “බාහිය, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ගන්ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ඝාන විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ඝාන සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ඝාන සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “බාහිය, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “බාහිය, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘���ෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “පහස් (ඵොට්ඨබ්බ) නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “බාහිය, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “ධර්මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.” “මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය.” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය.” - “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි.”
“බාහිය, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඇස කෙරෙහිද කලකිරෙයි, රූප කෙරෙහිද කලකිරෙයි, චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද කලකිරෙයි, ශබ්ද කෙරෙහිද කලකිරෙයි, සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි, ගන්ධ කෙරෙහිද කලකිරෙයි, ඝාන විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, ඝාන සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, ඝාන සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි, රස කෙරෙහිද කලකිරෙයි, ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි, පහස් (ඵොට්ඨබ්බ) කෙරෙහිද කලකිරෙයි, කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි, ධර්මයන් කෙරෙහිද කලකිරෙයි, මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි ‘මිදුණේය’ යන ඥානය ඇතිවෙයි. ‘ඉපදීම (ජාතිය) ක්ෂය විය. බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. (සතර මාර්ගයෙන්) කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැ’යි දැනගනියි”යි වදාළ සේක.
ඉක්බිති ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගෙන අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරව දක්වා ගියේය. ඉක්බිති ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙම එකලාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරමින් නොබෝ කලකින්ම යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙත්ද, බ්‍රහ්මචර්‍ය්‍යාව කෙළවරකොට ඇති ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ඊට පැමිණ වාසය කළේය.
ජාතිය ක්ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිර නිමවන ලදී. සතර මගින් කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි විශේෂයෙන් දැනගත්තේය. ආයුෂ්මත් බාහිය ස්ථවිරතෙමේද රහතුන්ගෙන් එක්තරා නමක් වූයේයයි වදාළ සේක.