1. 9. 7.
ඒජා සූත්රය
90. “මහණෙනි, තෘෂ්ණාව ලෙඩකි. තෘෂ්ණාව ගඞකි. තෘෂ්ණාව හුලකි. මහණෙනි, එහෙයින් තථාගත තෙම මෙහිලා තෘෂ්ණා රහිතව පහ කරන ලද තෘෂ්ණා හුල් ඇතිව වාසය කරනු කැමැත්තේ නම් ඇස මමයයි නොහඟින්නේය. ඇස කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඇස කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඇස මාගේයයි නොහඟින්නේය. රූපයන් මමයයි නොහඟින්නේය. රූප කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. රූපය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. රූපය මාගේයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය මමයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
කන මමයයි නොහඟින්නේය. කන කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. -පෙ- නාසය මමයයි නොහඟින්නේය. නාසය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. -පෙ- දිව මමයයි නොහඟින්නේය. දිව කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. දිව කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. දිව මාගේයයි නොහඟින්නේය. රසයන් මමයයි නොහඟින්නේය. -පෙ- ජිව්හා විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. -පෙ- ජිව්හා සම්ඵස්සය මමයයි නොහඟින්නේය. -පෙ- ජිව්හා සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදියි ද, එය ද මමයයි නොහඟින්නේය. එය කෙරෙහි ද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන් ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය.
කය මමයයි නොහඟින්නේය. -පෙ- සිත මමයයි නොහඟින්නේය. සිත කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සිත කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සිත මාගේයයි නොහඟින්නේය. ධර්මයන් මමයයි නොහඟින්නේය. -පෙ- මනෝ විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. -පෙ- මනෝ සම්ඵස්සය මමයයි නොහඟින්නේය. -පෙ- මනෝ සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදියි ද, එය ද මමයයි නොහඟින්නේය. එය කෙරෙහි ද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන් ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය. සියල්ල මමයයි නොහඟින්නේය. සියල්ල කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සියල්ල කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සියල්ල මාගේයයි නොහඟින්නේය.
“හෙතෙම මෙසේ නොහඟින්නේ ලෝකයෙහි කිසිවකුත් මමය, මාගේයයි අල්වා නොගන්නේය, අල්වා නොගන්නේ නොඇලෙන්නේය, නොඇලෙන්නේ මේ ආත්මයෙහිම පිරිනිවෙන්නේය. ‘ජාතිය ක්ෂය විය බ්රහ්මචර්ය්යාවෙහි වැස නිමවන ලදී. සතර මාර්ගයෙන් කළයුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීයයි, වදාළ සේක.
1. 9. 8.
දුතිය එජා සූත්රය
91. “මහණෙනි, තෘෂ්ණාව රෝගයකි. තෘෂ්ණාව ගඩුවෙකි. තෘෂ්ණාව හුලකි. මහණෙනි, එහෙයින් මෙහිලා තථාගතතෙම තෘෂ්ණා රහිතව පහවූ හුල් ඇතිව වාසය කරයි. මහණෙනි, එහෙයින් මෙහිලා මහණතෙමේද තෘෂ්ණා රහිතව පහවූ හුල් ඇතිව වාසය කිරීමට ඉදින් කැමති වන්නේ නම් ඇස මමයයි නොහඟින්නේය. ඇස කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. ඇස කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ඇස මාගේයයි නොහඟින්නේය. රූපයන් මමයයි නොහඟින්නේය. රූප කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. රූපය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. රූපය මාගේයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. චක්ඛු විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය මමයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය. “මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝවැසි තෙමේ භවයම පතයි.
කන මමයයි නොහඟින්නේය. -පෙ- නාසය මමයයි නොහඟින්නේය. -පෙ- දිව මමයයි නොහඟින්නේය. දිව කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. දිව කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. දිව මාගේයයි නොහඟින්නේය. රසයන් මමයයි නොහඟින්නේය. -පෙ- ජිව්හා විඤ්ඤාණය -පෙ- ජිව්හා සම්ඵස්සය -පෙ- ජිව්හා සම්ඵස්සය නිසා සැප වූ හෝ දුක් වූ හෝ දුක් ද නොවූ සැප ද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදියි ද, එය ද මමයයි නොහඟින්නේය. එය කෙරෙහි ද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන් ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය. මහණෙනි, යමක් මමයයි හඟියි ද, යමක් කෙරෙහි මා ඇතැයි හඟියි ද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟියි ද, යමක් මාගේයයි හඟියි ද, එය එයින් අන් පරිදි වෙයි. අන් පරිදි වනසුලු වූ, භවයෙහි ඇලුණු ලෝකයා භවයම සතුටින් පතයි.
“කය මමයයි නොහඟින්නේය. කය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කය මාගේයයි නොහඟින්නේය. ස්පර්ශය මමයයි නොහඟින්නේය. ස්පර්ශය කෙරෙහි මා ඇතැයි නො හඟින්නේය. ස්පර්ශය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. ස්පර්ශය මාගේයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය මමයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කාය විඤ්ඤාණය මාගේයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය මමයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. කාය සම්ඵස්සය කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය මාගේයයි නොහඟින්නේය. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද මමයයි නොහඟින්නේය. එය කෙරෙහිද මා ඇතැයි නොහඟින්නේය. එය කෙරෙන්ද අනිකක් මමයයි නොහඟින්නේය. එය මාගේයයි නොහඟින්නේය. “මහණෙනි, යමක් මමයයි හඟීද, යමක් කෙරෙහි මා ඇතැයි හඟීද, යමක් කෙරෙන් අනිකක් මමයයි හඟීද, යමක් මාගේයයි හඟීද, එය එයින් අන් ආකාරයක් වෙයි. අන් ආකාරයක් වන්නාවූ භවයෙහි ඇළුනාවූ ලෝවැසි තෙමේ භවයම පතයි. “සිත මමයයි නොහඟින්නේය. සිත කෙරෙහි මා ඇතැයි නොහඟින්නේය. සිත කෙරෙන් අනිකක් මමයයි නොහඟින්නේය. සිත මාගේයයි නොහඟින්නේය.