1. 9. 3.
සංඛිත්තධම්ම සූත්‍රය
86. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලාව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නෙම්ද, එබඳු ධර්‍මයක් භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දේශනා කරන්නේනම් මැනවැයි, කියායි.
“ආනන්‍දය, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි. “රූපයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමිනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “චක්ඛු විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “චක්ඛු සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය, ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක් වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ආනන්‍දය, කන නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි. “ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “සෝත විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. සෝත සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ආනන්‍දය, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි. “ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. ඝාණ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ඝාණ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.
“ආනන්‍දය, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි. “රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමිනි, අනිත්‍යයහ. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ජිව්හා විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ජිව්හා සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමිනි, අනිත්‍යය” - “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමිනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ආනන්‍දය, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි. “ස්පර්‍ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “කාය විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “කාය සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “කාය සමඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “ආනන්‍දය, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, එය සුදුසු නොවේමැයි. “ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?” - “ස්වාමීනි, අනිත්‍යයහ. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. මනෝ විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි. “මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?” - “ස්වාමීනි, අනිත්‍යය. “යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?” - “ස්වාමීනි, දුක්ය. “යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද එය ‘මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?” - “ස්වාමීනි, මෙය සුදුසු නොවේමැයි.
“ආනන්දයෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි, රූපය කෙරෙහිද කලකිරෙයි, චක්ඛු විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, චක්ඛු සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “කන කෙරෙහිද කලකිරෙයි, ශබ්දය කෙරෙහිද කලකිරෙයි, සෝත විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, සෝත සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “නාසය කෙරෙහිද කලකිරෙයි, ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි, ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “දිව කෙරෙහිද කලකිරෙයි, රසය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “කය කෙරෙහිද කලකිරෙයි, ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි, කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. “සිත කෙරෙහිද කලකිරෙයි, ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි, මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි, මනෝ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි, මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ දුක් වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වෙයි. ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සතර මගින් කළයුත්ත කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනියි., වදාළ සේක.
1. 9. 4.
ඡන්න සූත්‍රය
87. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේද ගිජුකුළුපව්වෙහි වාසය කෙරෙත්. එකල්හි වනාහි ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙම හටගත් ආබාධ ඇත්තේ දුකින් පෙළුණේ දැඩි ගිලන් වූයේ වේ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙම සවස් වේලෙහි විවේකයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙම යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන්ට, ඇවැත් චුන්‍දය, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද, එහි අසනීප බැලීම සඳහා යමුයි, කීය. ඇවැත්නි එසේයයි, කියා ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට උත්තර දුන්නේය.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිර තෙමේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙම යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ පනවන ලද ආසනයෙහි ඉඳගත්හ. ඉඳගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මෙසේ කීය: