1. 18. 9.
හත්ථපාදූපම සූත්රය
236. “මහණෙනි, අත්දෙක ඇති කල්හි ගැනීම බහා තැබීම පැනෙයි. පා දෙක ඇති කල්හි ඉදිරියට යාම පස්සට යාම පැනෙයි. හන්දි ඇති කල්හි හැකිලීම දිගහැරීම පැනෙයි. කුස (බඩ) ඇති කල්හි බඩගිනි පිපාස දෙක පැනෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම ඇස ඇති කල්හි චක්ඛු සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. කන ඇති කල්හි සෝත සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. නාසය ඇති කල්හි ඝාණ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. දිව ඇති කල්හි ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. කය ඇති කල්හි කාය සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. සිත ඇති කල්හි මනෝ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.
“මහණෙනි, අත්දෙක නැති කල්හි ගැනීම බහා තැබීම නොපැනෙයි. පා දෙක නැති කල්හි ඉදිරියට යාම පස්සට යාම නොපැනෙයි. හන්දි නැති කල්හි හැකිලීම දිගහැරීම නොපැනෙයි. කුස නැති කල්හි බඩගිනි පිපාස දෙක නොපැනෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම ඇස නැති කල්හි චක්ඛු සම්ඵස්සය නිසා තමාතුළ සැප දුක නූපදියි. කන නැති කල්හි සෝත සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. නාසය නැති කල්හි ඝාණ සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. දිව නැති කල්හි ජිව්හා සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. කය නැති කල්හි කාය සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. සිත නැති කල්හි මනෝ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක නූපදීයයි.
1. 18. 10.
දුතිය හත්ථපාදූපම සූත්රය
237. “මහණෙනි, අත්දෙක ඇති කල්හි ගැනීම බහා තැබීම වේද, පා දෙක ඇති කල්හි ඉදිරියට යාම ආපසුයාම වේද, හන්දි ඇති කල්හි හැකිලීම දිගහැරීම වේද, කුස ඇති කල්හි සා පිපාස දෙක වේද, “මහණෙනි, එපරිද්දෙන්ම ඇස ඇති කල්හි චක්ඛු සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. කන ඇති කල්හි සෝත සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. නාසය ඇති කල්හි ඝාණ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. දිව ඇති කල්හි ජිව්හා සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. කය ඇති කල්හි කාය සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි. සිත ඇති කල්හි මනෝ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක උපදියි.
“මහණෙනි, අත්දෙක නැති කල්හි ගැනීම බහා තැබීම නොවේද, පා දෙක නැති කල්හි ඉදිරියට යාම පස්සට යාම නොවේද, හන්දි නැති කල්හි හැකිලීම දිගහැරීම නොවේද, කුස නැති කල්හි සා පිපාස දෙක නොවේද, “මහණෙනි, එපරිද්දෙන්ම ඇස නැති කල්හි චක්ඛු සම්ඵස්සය නිසා තමාතුළ සැප දුක නූපදියි. කන නැති කල්හි සෝත සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. නාසය නැති කල්හි ඝාණ සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. දිව නැති කල්හි ජිව්හා සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. කය නැති කල්හි කාය සම්ඵස්සය නිසා තමාතුළ සැප හා දුක නූපදියි. සිත නැති කල්හි මනෝ සම්ඵස්සය හේතුකොටගෙන තමාතුළ සැප හා දුක නූපදීයයි.
තුන්වෙනි සමුද්දය වර්ගය නිමි.
එහි උද්දානය:
සමුද්ද සූත්ර දෙක ය, බාලිසික සූත්රය ය, ඛීරරුක්ඛ සූත්රය ය, කොට්ඨිත සූත්රය ය, කාමභූ සූත්රය ය, උදායී සූත්රය ය, ආදිත්තපරියාය සූත්රය ය, හත්ථපාදූපම සූත්රය යි මෙයින් මේ වග්ගය කියනු ලැබේ.