1. 18. 4.
ඛීරරුක්ඛොපම සූත්‍රය
231. මහණෙනි, යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු රූපයන් කෙරෙහි යම් රාගයක් වේ නම් එය ඇත්තේ ද, යම් ද්වේෂයක් වේ නම් එය ඇත්තේ ද, යම් මෝහයක් වේ නම් එය ඇත්තේ ද, යම් රාගයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේ ද, යම් ද්වේෂයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේ ද, යම් මෝහයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේ ද, ඉදින් චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු සුළු (අනිෂ්ට) රූපයෝ ඔහුගේ ඇසට හමු වුවත්, ඔහුගේ සිත මැඩගනිති ම ය. මහත් (ඉෂ්ට) රූප ගැන කියනුම කවරේ ද? ඊට හේතු කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක් වේ නම් එය ඇත්තේය. යම් ද්වේෂයක් වේ නම් එය ඇත්තේය. යම් මෝහයක් වේ නම් එය ඇත්තේය. යම් රාගයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේය. යම් ද්වේෂයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේය. යම් මෝහයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේය. -පෙ-
මහණෙනි, යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන් කෙරෙහි යම් රාගයක් වේ නම් එය ඇත්තේ ද, යම් ද්වේෂයක් වේ නම් එය ඇත්තේ ද, යම් මෝහයක් වේ නම් එය ඇත්තේ ද, යම් රාගයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේ ද, යම් ද්වේෂයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේ ද, යම් මෝහයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේ ද, ඉදින් මනෝ විඤ්ඤාණයෙන් දතයුතු සුළු (අනිෂ්ට) ධර්මයෝ ඔහුගේ සිතට හමු වුවත්, ඔහුගේ සිත මැඩගනිති ම ය. මහත් (ඉෂ්ට) ධර්ම ගැන කියනුම කවරේ ද? ඊට හේතු කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක් වේ නම් එය ඇත්තේය. යම් ද්වේෂයක් වේ නම් එය ඇත්තේය. යම් මෝහයක් වේ නම් එය ඇත්තේය. යම් රාගයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේය. යම් ද්වේෂයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේය. යම් මෝහයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේය.
“මහණෙනි, ඇසතු හෝ නුග හෝ පුලිල හෝ දිඹුල් හෝ ළපටි වූ තරුණ වූ කුඩා වූ කිරි ගසක් වේ ද, පුරුෂයෙක් එය තියුණු කෙටේරියකින් යම් යම් තැනකින් සිඳින්නේ නම් (පලන්නේ නම්) කිරි ගලන්නේ ද?” “එසේය, ස්වාමීනි. ඊට හේතු කවරේ ද යත්: ස්වාමීනි, යම් කිරක් වේ ද, එය ඇති හෙයිනි.” “මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු රූපයන් කෙරෙහි යම් රාගයක් වේ නම් එය ඇත්තේ ද, යම් ද්වේෂයක් වේ නම් එය ඇත්තේ ද, යම් මෝහයක් වේ නම් එය ඇත්තේ ද, යම් රාගයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේ ද, යම් ද්වේෂයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේ ද, යම් මෝහයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේ ද, ඉදින් චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු සුළු (අනිෂ්ට) රූපයෝ ඔහුගේ ඇසට හමු වුවත්, ඔහුගේ සිත මැඩගනිති ම ය. මහත් (ඉෂ්ට) රූප ගැන කියනුම කවරේ ද? ඊට හේතු කවරේ ද යත්: යම් රාගයක් වේ නම් එය ඇත්තේය. යම් ද්වේෂයක් වේ නම් එය ඇත්තේය. යම් මෝහයක් වේ නම් එය ඇත්තේය. යම් රාගයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේය. යම් ද්වේෂයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේය. යම් මෝහයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේය. -පෙ-
මහණෙනි, යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු රසයන් කෙරෙහි යම් රාගයක් වේ නම් එය ඇත්තේ ද -පෙ- මහණෙනි, යම්කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට හෝ මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්මයන් කෙරෙහි යම් රාගයක් වේ නම් එය ඇත්තේ ද, යම් ද්වේෂයක් වේ නම් එය ඇත්තේ ද, යම් මෝහයක් වේ නම් එය ඇත්තේ ද, යම් රාගයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේ ද, යම් ද්වේෂයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේ ද, යම් මෝහයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේ ද, ඉදින් මනෝ විඤ්ඤාණයෙන් දතයුතු සුළු (අනිෂ්ට) ධර්මයෝ ඔහුගේ සිතට හමු වුවත්, ඔහුගේ සිත මැඩගනිති ම ය. මහත් (ඉෂ්ට) ධර්ම ගැන කියනුම කවරේ ද? ඊට හේතු කවරේ ද යත්: යම් රාගයක් වේ නම් එය ඇත්තේය. යම් ද්වේෂයක් වේ නම් එය ඇත්තේය. යම් මෝහයක් වේ නම් එය ඇත්තේය. යම් රාගයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේය. යම් ද්වේෂයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේය. යම් මෝහයක් වේ නම් එය ප්‍රහීණ නොවූයේය.