1. 18. 3.
බාලිසිකොපම සූත්‍රය
230. “මහණෙනි, යම්සේ බිලිබාන්නෙක් ඇම සහිතවූ බිලිය ගැඹුරුවූ දියෙහි බහාලන්නේද, ඇම දුටුවාවූ එක්තරා මත්ස්‍යයෙක් එය ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි බිලිබාන්නාගේ බිලිය ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ ව්‍යසනයට පැමිණියාවූ ඒ මාලුවාට බිලිබාන්නාට කැමති දෙයක් කළහැකිවේද, මහණෙනි, එපරිද්දෙන්ම ලෝකයෙහි සත්‍වයන්ගේ විනාශය පිණිස ප්‍රාණීන්ගේ පීඩාව පිණිස මේ බිලිකටු සයක් වෙත්. ඒ කවර සයක්ද යත්,
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ. “මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.
“මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ.
“මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රසයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ. “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝද ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි කියනු ලැබේ. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය නොපතාද, එය ප්‍රියයයි මනාපයයි නොකියාද, එහි ගැලී නොසිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිය නොගිල මාරයාගේ බිලිය බින්දේය. විනාශයට නොපැමිණියාවූ, ව්‍යසනයට නොපැමිණියාවූ, මරුවා විසින් කැමති දෙයක් කළහැකියෙක් නොවේයයි, (වදාළ සේක.)
1. 18. 4.
ඛීරරුක්‌ඛොපම සූත්‍රය
231. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ ඇසට අනිෂ්ටවූද චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ රූපයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය. (එහෙයිනි.) “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ කනට අනිෂ්ටවූද සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ශබ්දයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණ ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ නාසයට අනිෂ්ටවූද ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ගන්‍ධයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය. (එහෙයිනි.) “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයන් කෙරෙහි යම් රාගයක්වේද. එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ දිවට අනිෂ්ටවූද ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ රසයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය. “මහණෙනි, යම්කිසි භික්‍ෂුවකට හෝ භික්‍ෂුණියකට හෝ කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයන් කෙරෙහි යම් රාගයක්වේද, එය ඇත්තේද, යම් ද්වේෂයක් වේද, එය ඇත්තේද, යම් මෝහයක්වේද, එය ඇත්තේද, යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේද, යම් මෝහයක්වේද, එය ප්‍රහීන නොවූයේද, ඔහුගේ කයට අනිෂ්ටවූද කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ස්පර්‍ශයෝ හමුවෙත්ද, ඔහුගේ සිත විනාශ කරන්නාහුය. ඉෂ්ටාරම්මණය ගැන කියනුම කවරේද. ඊට හේතු කවරේද යත්, මහණෙනි, යම් රාගයක් වේද, එය ඇත්තේය. යම් ද්වේෂයක්වේද, එය ඇත්තේය. යම් මෝහයක් වේද, එය ඇත්තේය. යම් රාගයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් ද්වේෂයක් වේද, එය ප්‍රහීන නොවූයේය. යම් මෝහයක් වේද, එය ප්‍රහීන නොවූයේය.