1. 18. 2.
දුතිය සමුද්‌ද සූත්‍රය
229. “මහණෙනි, සමුද්‍රය සමුද්‍රයයි අශ්‍රුතවත් පෘථග්ජන තෙම කියයි. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රය නොවේ. මහණෙනි මෙය මහත්වූ වතුර රාශියෙකි. මහත්වූ ජලයකි. “මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ.
මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි.
“මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ගන්‍ධයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි. “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ස්පර්‍ශයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දැනගතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ධර්‍මයෝ ඇත්තාහ. මහණෙනි, මෙය ආර්‍ය්‍ය විනයෙහි සමුද්‍රයයි කියනු ලැබේ. මෙහි මේ දෙවියන් සහිතවූ මාරයන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ ලෝවැසිතෙම මහණ බමුණන් සහිතවූ දෙව් මිනිසුන් සහිතවූ සත්‍ව ප්‍රජාව බොහෝ සෙයින් ගිලී නූල් ගුලියක් මෙන් පැටලී රෙදි වියන්නන්ගේ කැඳ දැමූ නූල් ගුලියක් මෙන් ගැටගැසී මුදුතණ බබුස්තණ පදුරක්මෙන් අවුල්වී සැපයෙන් පහවූ විෂමව වැටෙන්නාවූ දුර්‍ගති නම් සංසාරය නොඉක්මවයි., (වදාළ සේක.)
යමෙකුගේ රාගයද, ද්වේෂයද, අවිද්‍යාවද වලක්වන ලද්දාහුද, හෙතෙම කෙලෙස් නමැති සතුන් අල්වාගන්නවුන් සහිතවූ, කෙලෙස් රකුසන් සහිතවූ, ක්ලේශ නමැති රළ භය සහිතවූ, තරණය කිරීමට දුෂ්කරවූ මේ සමුද්‍රය මැනවින් තරණය කෙළේය.
ඇලීම ඉක්මවූ මරුවන් දුරුකළාවූ උපධි රහිතවූ දුක්ඛයන්ගේ අස්තයට ගියාවූ හෙතෙම නැවත ඉපදීමට සුදුසු බවට නොපැමිණෙයි. මාරයා මුළාකෙළේයයි කියමියි’ (වදාළ සේක.)
1. 18. 3.
බාලිසිකොපම සූත්‍රය
230. “මහණෙනි, යම්සේ බිලිබාන්නෙක් ඇම සහිතවූ බිලිය ගැඹුරුවූ දියෙහි බහාලන්නේද, ඇම දුටුවාවූ එක්තරා මත්ස්‍යයෙක් එය ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි බිලිබාන්නාගේ බිලිය ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ ව්‍යසනයට පැමිණියාවූ ඒ මාලුවාට බිලිබාන්නාට කැමති දෙයක් කළහැකිවේද, මහණෙනි, එපරිද්දෙන්ම ලෝකයෙහි සත්‍වයන්ගේ විනාශය පිණිස ප්‍රාණීන්ගේ පීඩාව පිණිස මේ බිලිකටු සයක් වෙත්. ඒ කවර සයක්ද යත්,
“මහණෙනි, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රූපයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ. “මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ ශබ්දයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මනාපවූ ප්‍රිය ස්වභාව ඇත්තාවූ කම්සැප එලවන්නාවූ ඇලුම් කටයුතුවූ රසයෝ ඇත්තාහ. ඉදින් භික්‍ෂුතෙම එය පතාද, එය ප්‍රියයයි මනාපයයි කියයිද, එහි ගැලී සිටීද, මහණෙනි, මේ භික්‍ෂුතෙම මාරයාගේ බිලිකටුව ගිල්ලාවූ විනාශයට පැමිණියාවූ, ව්‍යසනයට පැමිණියාවූ, මරුවාට කැමති දෙයක් කළහැකියෙක් වේයයි කියනු ලැබේ.