1. 15. 8.
අත්‍ථිනුඛොපරියාය සූත්‍රය
153. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමිනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, භික්‍ෂුතෙම යම් කරුණක් නිසා ඇදහීමෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, ඇසීමෙන් තොරවම, ආකාරය සැලකීමෙන් තොරවම, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරවම ජාතිය ක්‍ෂය විය බඹසර වැස නිමවන ලදී සතර මගින් කටයුතුදෙය කරන ලදී මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගනිමියි රහත් බව ප්‍රකාශ කරන්නේ නම් එබඳු කරුණක් ඇද්දැ?යි.
“ස්වාමීනි, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය, “මහණෙනි, එසේනම් අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි’ වදාළසේක, “එසේය, ස්වාමීනි, කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි, භික්‍ෂුතෙම යම් කරුණක් නිසා ඇදහීමෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, ඇසීමෙන් තොරවම, ආකාරය සැලකීමෙන් තොරවම, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරවම ජාතිය ක්‍ෂය විය බඹසර වැස නිමවන ලදී සතර මගින් කටයුතුදෙය කරන ලදී මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගනිමියි රහත් බව ප්‍රකාශ කරන්නේ නම් එබඳු කරුණක් ඇත. “මහණෙනි, භික්‍ෂුතෙම යම් කරුණක් නිසා ඇදහීමෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, ඇසීමෙන් තොරවම, ආකාරය සැලකීමෙන් තොරවම, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරවම ජාතිය ක්‍ෂය විය බඹසර වැස නිමවන ලදී සතර මගින් කටයුතුදෙය කරන ලදී මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගනිමියි රහත් බව ප්‍රකාශ කෙරේ නම් එම කරුණ කවරේ ද යත්:
“මහණෙනි, මහණතෙම ඇසින් රූපයක් දැක, තමා තුළ ඇති රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි දැනගනියිද; තමා තුළ නැති රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි දැනගනියිද; මහණෙනි, මහණතෙම ඇසින් රූපයක් දැක, තමා තුළ ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියි. තමා තුළ නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන ඒ යමක් වේද මහණෙනි, මේ ධර්‍මයෝ ඇදහීමෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, ආකාරය සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?යි.“ස්වාමීනි, එය නොවේමැයි. “මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?යි€ “ස්වාමීනි, එසේය.
“මහණෙනි, භික්‍ෂුතෙම යම් කරුණක් නිසා ඇදහීමෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, ඇසීමෙන් තොරවම, ආකාරය සැලකීමෙන් තොරවම, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරවම ජාතිය ක්‍ෂය විය බඹසර වැස නිමවන ලදී සතර මගින් කටයුතුදෙය කරන ලදී මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගනිමියි රහත් බව ප්‍රකාශ කෙරේ නම් මේ ඒ කරුණ යි.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම කනෙන් ශබ්දයක් අසා, තමා තුළ ඇති රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි දැනගනියිද; තමා තුළ නැති රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි දැනගනියිද; මහණෙනි, මහණතෙම කනෙන් ශබ්දයක් අසා, තමා තුළ ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියි. තමා තුළ නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන ඒ යමක් වේද මහණෙනි, මේ ධර්‍මයෝ ඇදහීමෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, ආකාරය සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?යි.“ස්වාමීනි, එය නොවේමැයි. “මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?යි€ “ස්වාමීනි, එසේය. “මහණෙනි, භික්‍ෂුතෙම යම් කරුණක් නිසා ඇදහීමෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, ඇසීමෙන් තොරවම, ආකාරය සැලකීමෙන් තොරවම, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරවම ජාතිය ක්‍ෂය විය බඹසර වැස නිමවන ලදී සතර මගින් කටයුතුදෙය කරන ලදී මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගනිමියි රහත් බව ප්‍රකාශ කෙරේ නම් මෙයද ඒ කරුණ යි. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට, තමා තුළ ඇති රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි දැනගනියිද; තමා තුළ නැති රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි දැනගනියිද; මහණෙනි, මහණතෙම නාසයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණයකොට, තමා තුළ ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියි. තමා තුළ නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන ඒ යමක් වේද මහණෙනි, මේ ධර්‍මයෝ ඇදහීමෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, ආකාරය සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?යි.“ස්වාමීනි, එය නොවේමැයි. “මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?යි€ “ස්වාමීනි, එසේය. “මහණෙනි, භික්‍ෂුතෙම යම් කරුණක් නිසා ඇදහීමෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, ඇසීමෙන් තොරවම, ආකාරය සැලකීමෙන් තොරවම, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරවම ජාතිය ක්‍ෂය විය බඹසර වැස නිමවන ලදී සතර මගින් කටයුතුදෙය කරන ලදී මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගනිමියි රහත් බව ප්‍රකාශ කෙරේ නම් මෙයද ඒ කරුණ යි. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම දිවෙන් රසයක් විඳ, තමා තුළ ඇති රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි දැනගනියිද; තමා තුළ නැති රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි දැනගනියිද; මහණෙනි, මහණතෙම දිවෙන් රසයක් විඳ, තමා තුළ ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියි. තමා තුළ නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන ඒ යමක් වේද මහණෙනි, මේ ධර්‍මයෝ ඇදහීමෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, ආකාරය සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?යි.“ස්වාමීනි, එය නොවේමැයි. “මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?යි€ “ස්වාමීනි, එසේය. “මහණෙනි, භික්‍ෂුතෙම යම් කරුණක් නිසා ඇදහීමෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, ඇසීමෙන් තොරවම, ආකාරය සැලකීමෙන් තොරවම, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරවම ජාතිය ක්‍ෂය විය බඹසර වැස නිමවන ලදී සතර මගින් කටයුතුදෙය කරන ලදී මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගනිමියි රහත් බව ප්‍රකාශ කෙරේ නම් මෙයද ඒ කරුණ යි. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම කයෙන් ස්පර්‍ශයක් විඳ, තමා තුළ ඇති රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි දැනගනියිද; තමා තුළ නැති රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි දැනගනියිද; මහණෙනි, මහණතෙම කයෙන් ස්පර්‍ශයක් විඳ, තමා තුළ ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියි. තමා තුළ නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන ඒ යමක් වේද මහණෙනි, මේ ධර්‍මයෝ ඇදහීමෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, ආකාරය සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?යි.“ස්වාමීනි, එය නොවේමැයි. “මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?යි€ “ස්වාමීනි, එසේය. “මහණෙනි, භික්‍ෂුතෙම යම් කරුණක් නිසා ඇදහීමෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, ඇසීමෙන් තොරවම, ආකාරය සැලකීමෙන් තොරවම, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරවම ජාතිය ක්‍ෂය විය බඹසර වැස නිමවන ලදී සතර මගින් කටයුතුදෙය කරන ලදී මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගනිමියි රහත් බව ප්‍රකාශ කෙරේ නම් මෙයද ඒ කරුණ යි. “මහණෙනි, නැවත අනිකක්ද කියමි. මහණතෙම සිතින් ධර්‍මයක් දැන, තමා තුළ ඇති රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි දැනගනියිද; තමා තුළ නැති රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි දැනගනියිද; මහණෙනි, මහණතෙම සිතින් ධර්‍මයක් දැන, තමා තුළ ඇත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ ඇතැයි හෝ දැනගනියි. තමා තුළ නැත්තාවූ රාග, දෝස, මෝහ, මා තුළ රාග දෝස මෝහ නැතැයි හෝ දැනගනියි යන ඒ යමක් වේද මහණෙනි, මේ ධර්‍මයෝ ඇදහීමෙන් හෝ දතයුත්තාහුද, කැමැත්තෙන් හෝ දතයුත්තාහුද, ඇසීමෙන් හෝ දතයුත්තාහුද, ආකාරය සැලකීමෙන් හෝ දතයුත්තාහුද, ලබ්ධි වශයෙන් ගැනීමෙන් හෝ දතයුත්තාහුද?යි.“ස්වාමීනි, එය නොවේමැයි. “මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥාවෙන් දැක දතයුත්තාහු නොවෙත්ද?යි€ “ස්වාමීනි, එසේය.
“මහණෙනි, භික්‍ෂුතෙම යම් කරුණක් නිසා ඇදහීමෙන් තොරවම, කැමැත්තෙන් තොරවම, ඇසීමෙන් තොරවම, ආකාරය සැලකීමෙන් තොරවම, ලබ්ධි වශයෙන් ගැනීමෙන් තොරවම ජාතිය ක්‍ෂය විය බඹසර වැස නිමවන ලදී සතර මගින් කටයුතුදෙය කරන ලදී මෙයින් අන්‍යවූ ආත්මභාවයක් නැතැයි දැනගනිමියි රහත් බව ප්‍රකාශ කෙරේ නම් මෙයද ඒ කරුණ යි.
1. 15. 9.
ඉන්‌ද්‍රියසම්‌පන්‌න සූත්‍රය
154. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන කරන සේක.
ඉක්බිති එක්තරා භික්‍ෂුවක්තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “ස්වාමිනි, සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති පුද්ගලයාය සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති පුද්ගලයායයි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි සම්පූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති පුද්ගලයෙක් වේද?,