1. 14. 7.
7. අජ්ඣත්ත (අධ්‍යාත්මික) අනිච්ච සූත්‍රය
140. “මහණෙනි, ඇස අනිත්‍යය. ඇස ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ ඇස කොයින් නිත්‍ය වන්නේද? “මහණෙනි, කන අනිත්‍යය. කන ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ කන කොයින් නිත්‍ය වන්නේද? “මහණෙනි, නාසය අනිත්‍යය. නාසය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ නාසය කොයින් නිත්‍ය වන්නේද? "මහණෙනි, දිව අනිත්‍යය. දිව ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ දිව කොයින් නිත්‍ය වන්නේද? “මහණෙනි, කය අනිත්‍යය කය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ කය කොයින් නිත්‍ය වන්නේද? “මහණෙනි, සිත අනිත්‍යය සිත ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ සිත කොයින් නිත්‍ය වන්නේද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
1. 14. 8.
8. අජ්ඣත්ත (අධ්‍යාත්මික) දුක්ඛ සූත්‍රය
141. “මහණෙනි, ඇස දුක් වේ. ඇස ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ ඇස කොයින් සැප වන්නේද? “කන දුක් වේ. කන ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ කන කොයින් සැප වන්නේද? “නාසය දුක් වේ. නාසය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ නාසය කොයින් සැප වන්නේද? “දිව දුක් වේ. දිව ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ දිව කොයින් සැප වන්නේද? “කය දුක් වේ. කය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ කය කොයින් සැප වන්නේද? “සිත දුක් වේ. සිත ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ සිත කොයින් සැප වන්නේද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
1. 14. 9.
9. අජ්ඣත්ත (අධ්‍යාත්මික) අනත්ත සූත්‍රය
142. “මහණෙනි, ඇස අනාත්මය. ඇස ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් ඇස කොයින් ආත්ම වන්නේද? “කන අනාත්මය. කන ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් කන කොයින් ආත්ම වන්නේද? “නාසය අනාත්මය. නාසය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් නාසය කොයින් ආත්ම වන්නේද? “දිව අනාත්මය. දිව ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් දිව කොයින් ආත්ම වන්නේද? “කය අනාත්මය. කය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් කය කොයින් ආත්ම වන්නේද? “සිත අනාත්ම වේ. සිත ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් සිත කොයින් ආත්ම වන්නේද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
1. 14. 10.
10. බාහිර අනිච්ච සූත්‍රය
143. මහණෙනි, රූපයෝ අනිත්‍ය වෙති. රූපයන්ගේ ඉපදීමට යම් හේතුවක් වේද, යම් ප්‍රත්‍යයක් වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් රූපයෝ කොයින් නිත්‍ය වන්නාහුද? ශබ්දයෝ අනිත්‍ය වෙති. ශබ්දයන්ගේ ඉපදීමට යම් හේතුවක් වේද, යම් ප්‍රත්‍යයක් වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් ශබ්දයෝ කොයින් නිත්‍ය වන්නාහුද? ගන්ධයෝ අනිත්‍ය වෙති. ගන්ධයන්ගේ ඉපදීමට යම් හේතුවක් වේද, යම් ප්‍රත්‍යයක් වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් ගන්ධයෝ කොයින් නිත්‍ය වන්නාහුද? රසයෝ අනිත්‍ය වෙති. රසයන්ගේ ඉපදීමට යම් හේතුවක් වේද, යම් ප්‍රත්‍යයක් වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් රසයෝ කොයින් නිත්‍ය වන්නාහුද? පහස් (ඵොට්ඨබ්බ) අනිත්‍ය වෙති. පහස්වල ඉපදීමට යම් හේතුවක් වේද, යම් ප්‍රත්‍යයක් වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් පහස් කොයින් නිත්‍ය වන්නේද? ධර්මයෝ අනිත්‍ය වෙති. ධර්මයන්ගේ ඉපදීමට යම් හේතුවක් වේද, යම් ප්‍රත්‍යයක් වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත් ධර්මයෝ කොයින් නිත්‍ය වන්නාහුද?