14. දෙවදහ වර්‍ගය
1. 14. 1.
1. දෙවදහ සූත්‍රය
134. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයන්හි දෙවදහ නම්වූ ශාක්‍ය රජදරුවන්ගේ නියම්ගමෙක්හි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, මම සියළු භික්‍ෂුන්ටම සවැදෑරුම් වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළ යුතුයයි නොකියමි. මහණෙනි, මම වනාහි සියළුම භික්‍ෂුන්ට සවැදෑරුම් වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු නොකළ යුතුයයි නොකියමි.
මහණෙනි යම් ඒ භික්‍ෂූහු රහත් වූවාහු ක්‍ෂය කළ ආශ්‍රව ඇත්තාහු වැස නිමවන ලද බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තාහු සතරමගින් කරන ලද කටයුතු ඇත්තාහු බහා තබන ලද ස්කන්‍ධාගාර ඇත්තාහු, පිළිවෙලින් පැමිණියාවූ අර්හත්වය ඇත්තාහු ක්‍ෂයකළ භවසංයෝජන ඇත්තාහු මනාකොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනාහු වෙත්ද, මහණෙනි, මම ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි නොකියමි. ඊට හේතු කවරේද? ඔවුන් විසින් අප්‍රමාදව කටයුතු කරන ලදී. ඔවුහු ප්‍රමාද වන්ට සුදුස්සෝ නොවෙත්.
“මහණෙනි, යම් ඒ භික්‍ෂූහු වනාහි ශෛක්‍ෂවුවාහු නොපැමිණි අර්හත්වය ඇත්තාහු නිරුතතරවූ යොගක්‍ෂෙමය (නිර්‍වාණය) ප්‍රාර්ථනා කරමින් වාසය කෙරෙත්ද, මහණෙනි, ඒ භික්‍ෂූන්ට මම සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි. ඊට හේතු කවරේද? “මහණෙනි, චක්‍ඛු විඤ්ඤාණයෙන් දතයුතුවූ මනාපවූද අමනාපවූද රූප ඇත්තාහ. ඔවුහු, මොහුගේ සිත ස්පර්‍ශ කෙරෙමින් හාත්පස මැඩගෙන නොසිටිත්, සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි.
“මහණෙනි, සෝත විඤ්ඤාණයෙන් දතයුතුවූ මනාපවූද, අමනාපවූද ශබ්දයෝ ඇත්තාහ. ඔවුහු, මොහුගේ සිත ස්පර්‍ශ කෙරෙමින් හාත්පස මැඩගෙන නොසිටිත්. සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි. “මහණෙනි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතුවූ මනාපවූද, අමනාපවූද, ගන්‍ධයෝ ඇත්තාහ. ඔවුහු, මොහුගේ සිත ස්පර්‍ශ කෙරෙමින් හාත්පස මැඩගෙන නොසිටිත්, සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි. “මහණෙනි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතුවූ මනාපවූද, අමනාපවූද රසයෝ ඇත්තාහ. ඔවුහු, මොහුගේ සිත ස්පර්‍ශ කෙරෙමින් හාත්පස මැඩගෙන නොසිටිත්, සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි. “මහණෙනි, කාය විඤ්ඤාණයෙන් දතයුතුවූ, මනාපවූද, අමනාපවූද ස්පර්‍ශයෝ ඇත්තාහ. ඔවුහු, මොහුගේ සිත ස්පර්‍ශ කෙරෙමින් හාත්පස මැඩගෙන නොසිටිත්, සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමි. “මහණෙනි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතුවූ මනාපවූද අමනාපවූද ධර්‍මයෝ ඇත්තාහ. ඔවුහු, මොහුගේ සිත ස්පර්‍ශ කෙරෙමින් හාත්පස මැඩගෙන නොසිටිත්, සිත හාත්පස නොමැඩගෙන පැවැත්ම හේතුකොටගෙන නොහැකිළුණාවූ, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇතිවෙයි. නුමුළාවූ එළඹ සිටි සිහිය ඇතිවෙයි. දාහ රහිතවූ සංසිඳුනාවූ නාම කය වෙයි. සිත එකඟව සමාධියෙන් යුක්තවෙයි. මහණෙනි, මම මේ අප්‍රමාද ඵලය දකිමින් ඒ භික්‍ෂූන්ට සවැදෑරුම්වූ ස්පර්‍ශ ආයතනයන්හි අප්‍රමාදව කටයුතු කළයුතුයයි කියමියි, වදාළේය.
1. 14. 2.
2. ඛණ (ක්‍ෂණ) සූත්‍රය
135. “මහණෙනි, නුඹලාට ලාභයෙකි. මහණෙනි, තොප විසින් ලැබූ යහපත් ලාභයෙකි. තොප විසින් බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි විසීමට සුදුසුවූ ක්‍ෂණය (මනුෂ්‍යාත්මභාවය) ලබන ලද්දේය. මහණෙනි, මා විසින් ඡඵසසායතනික නම්වූ, නිරයෝ දක්නා ලදහ. “එහි ඇසින් යම්කිසි රූපයක් දකීනම් අනිෂ්ටවූ (නොකැමැතිවූ) ස්වභාවය ඇතියක්ම දකියි. ඉෂ්ටවූ ස්වභාවය ඇතියක් නොදකියි. නොකැමැතිවූ ස්වභාවය ඇතියක්ම දකියි. කැමැති ස්වභාවය ඇතියක් නොදකියි. අමනාපවූ ස්වභාවය ඇතියක්ම දකියි. මනාපවූ ස්වභාවය ඇතියක් නොදකියි. “එහි කනෙන් යම්කිසි ශබ්දයක් අසයි නම් අනිෂ්ටවූ (නොකැමැතිවූ) ස්වභාවය ඇතියක්ම අසයි. ඉෂ්ටවූ ස්වභාවය ඇතියක් නොඅසයි. නොකැමැතිවූ ස්වභාවය ඇතියක්ම අසයි. කැමැති ස්වභාවය ඇතියක් නොඅසයි. අමනාපවූ ස්වභාවය ඇතියක්ම අසයි. මනාපවූ ස්වභාවය ඇතියක් නොඅසයි. “එහි නාසයෙන් යම්කිසි ගන්‍ධයක් ආඝ්‍රාණය කරයි නම් අනිෂ්ටවූ (නොකැමැතිවූ) ස්වභාවය ඇතියක්ම ආඝ්‍රාණය කරයි. ඉෂ්ටවූ ස්වභාවය ඇතියක් නොකරයි. නොකැමැතිවූ ස්වභාවය ඇතියක්ම කරයි. කැමැති ස්වභාවය ඇතියක් නොකරයි. අමනාපවූ ස්වභාවය ඇතියක්ම කරයි. මනාපවූ ස්වභාවය ඇතියක් නොකරයි. “එහි දිවෙන් යම්කිසි රසයක් විඳීනම් අනිෂ්ටවූ (නොකැමැතිවූ) ස්වභාවය ඇතියක්ම විඳියි. ඉෂ්ටවූ ස්වභාවය ඇතියක් නොවිඳියි. නොකැමැතිවූ ස්වභාවය ඇතියක්ම විඳියි. කැමැති ස්වභාවය ඇතියක් නොවිඳියි. අමනාපවූ ස්වභාවය ඇතියක්ම විඳියි. මනාපවූ ස්වභාවය ඇතියක් නොවිඳියි. “එහි කයෙන් යම්කිසි ස්පර්‍ශයක් කරයි නම් අනිෂ්ටවූ (නොකැමැතිවූ) ස්වභාවය ඇතියක්ම කරයි. ඉෂ්ටවූ ස්වභාවය ඇතියක් නොකරයි. නොකැමැතිවූ ස්වභාවය ඇතියක්ම කරයි. කැමැති ස්වභාවය ඇතියක් නොකරයි. අමනාපවූ ස්වභාවය ඇතියක්ම කරයි. මනාපවූ ස්වභාවය ඇතියක් නොකරයි. “සිතින් යම්කිසි ධර්‍මයක් දැනගනීද, අනිෂ්ටවූ ස්වභාවය ඇතියක්ම දැනගනියි. ඉෂ්ටවූ ස්වභාවය ඇතියක් නොදැනගනියි. අකැමැතිවූ ස්වභාවය ඇතියක්ම දැනගනියි. කැමැතිවූ ස්වභාවය ඇතියක් දැන නොගනියි. අමනාපවූ ස්වභාවය ඇතියක්ම දැනගනියි. මනාපවූ ස්වභාවය ඇතියක් දැන නොගනියි.
“මහණෙනි, තොපට ලාභයෙකි. මහණෙනි, තොප විසින් ලැබූ යහපත් ලාභයෙකි. බ්‍රහ්මචර්‍ය්‍යා වාසයට සුදුසු ක්‍ෂණය (මනුෂ්‍යාත්මභාවය) තොප විසින් ලබන ලදී. මහණෙනි, මා විසින් ඡඵසසායතනික නම්වූ, සවර්‍ගයෝ දක්නා ලද්දාහ. “එහි ඇසින් යම්කිසි රූපයක් දකීද, ඉෂ්ටවූ ස්වභාවය ඇතියක්ම දකියි. අනිෂ්ටවූ ස්වභාවය ඇතියක් නොදකියි. කැමැතිවූ ස්වභාවය ඇතියක් දකියි. නොකැමැති ස්වභාවය ඇතියක් නොදකියි. මනාපවූ ස්වභාවය ඇතියක්ම දකියි. අමනාපවූ ස්වභාවය ඇතියක් නොදකියි.
“එහි කනෙන් යම්කිසි ශබ්දයක් අසාද ඉෂ්ටවූ ස්වභාවය ඇතියක්ම අසයි. අනිෂ්ටවූ ස්වභාවය ඇතියක් නොඅසයි. කැමැතිවූ ස්වභාවය ඇතියක්ම අසයි. නොකැමැතිවූ ස්වභාවය ඇතියක් නොඅසයි. මනාපවූ ස්වභාවය ඇතියක්ම අසයි. අමනාපවූ ස්වභාවය ඇතියක් නොඅසයි. “එහි නාසයෙන් යම්කිසි ගන්‍ධයක් ආඝ්‍රාණය කරයිද, ඉෂ්ටවූ ස්වභාවය ඇතියක්ම ආඝ්‍රාණය කරයි. අනිෂ්ටවූ ස්වභාවය ඇතියක් නොකරයි. කැමැතිවූ ස්වභාවය ඇතියක්ම කරයි. නොකැමැතිවූ ස්වභාවය ඇතියක් නොකරයි. මනාපවූ ස්වභාවය ඇතියක්ම කරයි. අමනාපවූ ස්වභාවය ඇතියක් නොකරයි. “එහි දිවෙන් යම්කිසි රසයක් විඳීද, ඉෂ්ටවූ ස්වභාවය ඇතියක්ම විඳියි. අනිෂ්ටවූ ස්වභාවය ඇතියක් නොවිඳියි. කැමැතිවූ ස්වභාවය ඇතියක්ම විඳියි. නොකැමැතිවූ ස්වභාවය ඇතියක් නොවිඳියි. මනාපවූ ස්වභාවය ඇතියක්ම විඳියි. අමනාපවූ ස්වභාවය ඇතියක් නොවිඳියි. “එහි කයෙන් යම්කිසි ස්පර්‍ශයක් කරයිද, ඉෂ්ටවූ ස්වභාවය ඇතියක්ම කරයි. අනිෂ්ටවූ ස්වභාවය ඇතියක් නොකරයි. කැමැතිවූ ස්වභාවය ඇතියක්ම කරයි. නොකැමැතිවූ ස්වභාවය ඇතියක් නොකරයි. මනාපවූ ස්වභාවය ඇතියක්ම කරයි. අමනාපවූ ස්වභාවය ඇතියක් නොකරයි. “සිතින් යම්කිසි ධර්‍මයක් දැනගනීද, ඉෂ්ටවූ ස්වභාවය ඇතියක්ම දැනගනියි. අනිෂ්ටවූ ස්වභාවය ඇතියක් නොදැනගනියි. කැමැතිවූ ස්වභාවය ඇතියක්ම දැනගනියි. නොකැමැතිවූ ස්වභාවය ඇතියක් දැන නොගනියි. මනාපවූ ස්වභාවය ඇතියක්ම දැනගනියි. අමනාපවූ ස්වභාවය ඇතියක් දැන නොගනියි. “මහණෙනි, තොපට ලාභයෙකි. මහණෙනි, තොප විසින් ලැබූ යහපත් ලාභයෙකි. තොප විසින් බ්‍රහ්මචර්‍ය්‍යා වාසයට සුදුසු ක්‍ෂණය (මේ මනුෂ්‍යාත්මභාවය) ලබන ලද්දේයයි, වදාළේය.
1. 14. 3.
3. සගය්හ සූත්‍රය
136. “මහණෙනි, දෙව් මිනිසුන් රූපයන්හි බැඳුනෝ රූපයෙහි ඇළුනෝ රූපයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් රූපයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ශබ්දයන්හි බැඳුනෝ ශබ්දයෙහි ඇළුනෝ ශබ්දයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ශබ්දයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ගන්‍ධයන්හි බැඳුනෝ ගන්‍ධයෙහි ඇළුනෝ ගන්‍ධයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ගන්‍ධයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් රසයන්හි බැඳුනෝ රසයෙහි ඇළුනෝ රසයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් රසයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ස්පර්‍ශයන්හි බැඳුනෝ ස්පර්‍ශයෙහි ඇළුනෝ ස්පර්‍ශයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ස්පර්‍ශයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්. “මහණෙනි, දෙව් මිනිසුන් ධර්‍මයන්හි බැඳුනෝ ධර්‍මයෙහි ඇළුනෝ ධර්‍මයෙහි සතුටු වන්නෝ වෙත්. මහණෙනි, දෙව් මිනිසුන් ධර්‍මයන්ගේ වෙනස්වීම වෙන්වීම නිරුද්ධවීම යන මෙයින් දුක්වූවාහු වාසය කෙරෙත්.