1. 14. 8.
8. අජ්ඣත්ත (අධ්‍යාත්මික) දුක්ඛ සූත්‍රය
141. “මහණෙනි, ඇස දුක් වේ. ඇස ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ ඇස කොයින් සැප වන්නේද? “කන දුක් වේ. කන ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ කන කොයින් සැප වන්නේද? “නාසය දුක් වේ. නාසය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ නාසය කොයින් සැප වන්නේද? “දිව දුක් වේ. දිව ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ දිව කොයින් සැප වන්නේද? “කය දුක් වේ. කය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ කය කොයින් සැප වන්නේද? “සිත දුක් වේ. සිත ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ සිත කොයින් සැප වන්නේද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
1. 14. 9.
9. අජ්ඣත්ත (අධ්‍යාත්මික) අනත්ත සූත්‍රය
142. “මහණෙනි, ඇස අනාත්මය. ඇස ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් ඇස කොයින් ආත්ම වන්නේද? “කන අනාත්මය. කන ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් කන කොයින් ආත්ම වන්නේද? “නාසය අනාත්මය. නාසය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් නාසය කොයින් ආත්ම වන්නේද? “දිව අනාත්මය. දිව ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් දිව කොයින් ආත්ම වන්නේද? “කය අනාත්මය. කය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් කය කොයින් ආත්ම වන්නේද? “සිත අනාත්ම වේ. සිත ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් සිත කොයින් ආත්ම වන්නේද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
1. 14. 10.
10. බාහිර අනිච්ච සූත්‍රය
143. “මහණෙනි, රූපයෝ අනිත්‍යයහ. රූපයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ රූපයෝ කොයින් නිත්‍ය වන්නාහුද? “ශබ්දයෝ අනිත්‍යයහ. ශබ්දයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ ශබ්දයෝ කොයින් නිත්‍ය වන්නාහුද? “ගන්ධයෝ අනිත්‍යයහ. ගන්ධයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ ගන්ධයෝ කොයින් නිත්‍ය වන්නාහුද? “රසයෝ අනිත්‍යයහ. රසයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ රසයෝ කොයින් නිත්‍ය වන්නාහුද? “ස්පර්ශයෝ අනිත්‍යයහ. ස්පර්ශයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ ස්පර්ශයෝ කොයින් නිත්‍ය වන්නාහුද? “ධර්මයෝ අනිත්‍යයහ. ධර්මයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ ධර්මයෝ කොයින් නිත්‍ය වන්නාහුද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
1. 14. 11.
11. බාහිර දුක්ඛ සූත්‍රය
144. “මහණෙනි, රූපයෝ දුක්වෙත්. රූපයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ රූපයෝ කොයින් සැප වන්නාහුද? “ශබ්දයෝ දුක්වෙත්. ශබ්දයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ ශබ්දයෝ කොයින් සැප වන්නාහුද? “ගන්ධයෝ දුක්වෙත්. ගන්ධයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ ගන්ධයෝ කොයින් සැප වන්නාහුද? “රසයෝ දුක්වෙත්. රසයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ රසයෝ කොයින් සැප වන්නාහුද? “ස්පර්ශයෝ දුක්වෙත්. ස්පර්ශයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ ස්පර්ශයෝ කොයින් සැප වන්නාහුද? “ධර්මයෝ දුක්වෙත්. ධර්මයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ ධර්මයෝ කොයින් සැප වන්නාහුද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
1. 14. 12.
12. බාහිර අනත්ත සූත්‍රය
145. “මහණෙනි, රූපයෝ අනාත්ම වෙත්. රූපයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්ම වේ. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත්තාවූ රූපයෝ කොයින් ආත්ම වන්නාහුද? “ශබ්දයෝ අනාත්ම වෙත්. ශබ්දයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්ම වේ. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත්තාවූ ශබ්දයෝ කොයින් ආත්ම වන්නාහුද? “ගන්ධයෝ අනාත්ම වෙත්. ගන්ධයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්ම වේ. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත්තාවූ ගන්ධයෝ කොයින් ආත්ම වන්නාහුද? “රසයෝ අනාත්ම වෙත්. රසයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්ම වේ. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත්තාවූ රසයෝ කොයින් ආත්ම වන්නාහුද? “ස්පර්ශයෝ අනාත්ම වෙත්. ස්පර්ශයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්ම වේ. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත්තාවූ ස්පර්ශයෝ කොයින් ආත්ම වන්නාහුද? “ධර්මයෝ අනාත්ම වෙත්. ධර්මයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්ම වේ. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත්තාවූ ධර්මයෝ කොයින් ආත්ම වන්නාහුද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
හතරවෙනි දෙවදහ වර්ගය නිමි.
එහි උද්දානය:
දෙවදහ, ඛණ, සගය්හ හා ගය්හ ද, පලාස සූත්‍ර දෙක ද, හේතු නමින් වදාළ තුන බැගින් වූ අධ්‍යාත්මික හා බාහිර සූත්‍ර ද වේ.