1. 14. 6.
6. දුතිය පලාස සූත්‍රය
139. “මහණෙනි, යමක් තොපගේ නොවේද, එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. මහණෙනි, කුමක් නම් තොපගේ නොවේද? “මහණෙනි, රූපයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. “මහණෙනි, ශබ්දයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය., මහණෙනි, ගන්ධයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. “මහණෙනි, රසයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. “මහණෙනි, ස්පර්ශයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය. “ධර්මයෝ තොපගේ නොවෙත්. ඔවුන් දුරු කරව්. දුරුකළාවූ ඔවුහු තොපට හිත පිණිස සැප පිණිස වන්නාහුය.
“මහණෙනි, යම්සේ මේ ජේතවනයෙහි යම් තණ ලී දඬු අතු කොළ වේද, එය ජනතෙම හැරගෙන යන්නේ හෝ වේද, දවන්නේ හෝ වේද, කැමති පරිද්දක් හෝ කරන්නේද, කිම, තොපට මෙබඳු අදහසක් වන්නේද, ‘ ජනතෙමේ අප ගෙනයයි හෝ දවයි හෝ කැමති පරිද්දක් කෙරේයයි’ කියායි,, ස්වාමීනි, එය නොවේමැයි, “ඊට හේතු කවරේද?,, ස්වාමීනි, මෙය වනාහි අපගේ හෝ තමාගේ හෝ තමා පිළිබඳ වූවක් හෝ නොවෙයි., “මහණෙනි, එපරිද්දෙන්ම රූපයෝ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ශබ්දයෝ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ගන්ධයෝ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. රසයෝ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ස්පර්ශයෝ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේය. ධර්මයෝ තොපගේ නොවෙයි. එය දුරු කරව්. එය දුරු කිරීම තොපට හිත පිණිස සැප පිණිස වන්නේයයි, වදාළේය.
1. 14. 7.
7. අජ්ඣත්ත (අධ්‍යාත්මික) අනිච්ච සූත්‍රය
140. “මහණෙනි, ඇස අනිත්‍යය. ඇස ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ ඇස කොයින් නිත්‍ය වන්නේද? “මහණෙනි, කන අනිත්‍යය. කන ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ කන කොයින් නිත්‍ය වන්නේද? “මහණෙනි, නාසය අනිත්‍යය. නාසය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ නාසය කොයින් නිත්‍ය වන්නේද? "මහණෙනි, දිව අනිත්‍යය. දිව ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ දිව කොයින් නිත්‍ය වන්නේද? “මහණෙනි, කය අනිත්‍යය කය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ කය කොයින් නිත්‍ය වන්නේද? “මහණෙනි, සිත අනිත්‍යය සිත ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ සිත කොයින් නිත්‍ය වන්නේද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
1. 14. 8.
8. අජ්ඣත්ත (අධ්‍යාත්මික) දුක්ඛ සූත්‍රය
141. “මහණෙනි, ඇස දුක් වේ. ඇස ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ ඇස කොයින් සැප වන්නේද? “කන දුක් වේ. කන ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ කන කොයින් සැප වන්නේද? “නාසය දුක් වේ. නාසය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ නාසය කොයින් සැප වන්නේද? “දිව දුක් වේ. දිව ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ දිව කොයින් සැප වන්නේද? “කය දුක් වේ. කය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ කය කොයින් සැප වන්නේද? “සිත දුක් වේ. සිත ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද දුක්වේ. මහණෙනි, දුක්වූ හේතුවෙන් හටගත්තාවූ සිත කොයින් සැප වන්නේද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
1. 14. 9.
9. අජ්ඣත්ත (අධ්‍යාත්මික) අනත්ත සූත්‍රය
142. “මහණෙනි, ඇස අනාත්මය. ඇස ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් ඇස කොයින් ආත්ම වන්නේද? “කන අනාත්මය. කන ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් කන කොයින් ආත්ම වන්නේද? “නාසය අනාත්මය. නාසය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් නාසය කොයින් ආත්ම වන්නේද? “දිව අනාත්මය. දිව ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් දිව කොයින් ආත්ම වන්නේද? “කය අනාත්මය. කය ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් කය කොයින් ආත්ම වන්නේද? “සිත අනාත්ම වේ. සිත ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනාත්මය. මහණෙනි, අනාත්ම හේතුවෙන් හටගත් සිත කොයින් ආත්ම වන්නේද?
“මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කන කෙරෙහිද, නාසය කෙරෙහිද, දිව කෙරෙහිද, කය කෙරෙහිද, සිත කෙරෙහිද, කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේය යන දැනීම වේ. ජාතිය (ඉපදීම) ක්ෂය විය. මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවන ලදී.කළ යුතු දෙය කරන ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනීය”යි (වදාළ සේක.)
1. 14. 10.
10. බාහිර අනිච්ච සූත්‍රය
143. “මහණෙනි, රූපයෝ අනිත්‍යයහ. රූපයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ රූපයෝ කොයින් නිත්‍ය වන්නාහුද? “ශබ්දයෝ අනිත්‍යයහ. ශබ්දයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ ශබ්දයෝ කොයින් නිත්‍ය වන්නාහුද? “ගන්ධයෝ අනිත්‍යයහ. ගන්ධයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ ගන්ධයෝ කොයින් නිත්‍ය වන්නාහුද? “රසයෝ අනිත්‍යයහ. රසයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ රසයෝ කොයින් නිත්‍ය වන්නාහුද? “ස්පර්ශයෝ අනිත්‍යයහ. ස්පර්ශයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ ස්පර්ශයෝ කොයින් නිත්‍ය වන්නාහුද? “ධර්මයෝ අනිත්‍යයහ. ධර්මයන්ගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍ය වේද, එයද අනිත්‍යය. මහණෙනි, අනිත්‍ය හේතුවෙන් හටගත්තාවූ ධර්මයෝ කොයින් නිත්‍ය වන්නාහුද?