7. 1. 3.
පීති සූත්‍රය
334. සැවැත්නුවරදීය:
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුරදීම දැක්කේය... (පෙ)... ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” යනුයි.
“ඇවැත්නි, මම මෙහි ප්‍රීතියේද නොඇල්මෙන් සිහි ඇත්තේ, මනා නුවණැත්තේව උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරමි. කයින් සැපයද විඳිමි. ආර්යයෝ යමෙකුට උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැපවිහරණ ඇත්තේයයි කියත්ද ඒ තෘතීයධ්‍යානයට’ පැමිණ වාසය කරමි. ‘ඇවැත්නි, ඒ මට මම තෘතීයධ්‍යානයට සමවදිමියි කියා හෝ මම තෘතීයධ්‍යානයට සම වැදුනෙමි කියා හෝ මම තෘතීය ධ්‍යානයෙන් නැගීසිටියෙමි කියා හෝ’ මෙබඳු සිතක් නොවේ යයි කීහ. “ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම තෘතීය ධ්‍යානයට සමවදිමියි’ කියා හෝ ‘මම තෘතීයධ්‍යානයට සමවැදුණෙමි’ කියා හෝ ‘මම තෘතීයධ්‍යානයෙන් නැගීසිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
7. 1. 4.
උපෙක්ඛා සූත්‍රය
335. සැවැත්නුවරදීය:
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ... (පෙ)... “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ඔබවහන්සේගේ ඉන්ද්‍රියයෝ ප්‍රසන්නයහ. මුහුණු වර්ණය පිරිසිදුය. අතිශයින්ම පිරිසිදුය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” යනුයි.
“ඇවැත්නි, මම මෙහි සැපයද දුරුකිරීමෙන් දුකද දුරුකිරීමෙන් පළමු කොටම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැතිකිරීමෙන් දුක් රහිත සැප රහිත උපෙක්ෂා ස්මෘතියෙන් පිරිසිදු වූ සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරමි. ‘ඇවැත්නි, ඒ මට මම සතරවෙනිධ්‍යානයට සම වදිමියි කියා හෝ මම සතරවෙනිධ්‍යානයට සම වැදුනෙමි කියා හෝ මම සතරවෙනිධ්‍යානයෙන් නැගීසිටියෙමියි කියා හෝ’ මෙබඳු සිතක් නොවේයයි කීහ. “ඒ එසේමය ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම සතරවෙනිධ්‍යානයට සමවදිමියි’ කියා හෝ ‘මම සතරවෙනි ධ්‍යානයට සමවැදුණෙමි’ කියා හෝ ‘මම සතරවෙනිධ්‍යානයෙන් නැඟී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි’ (ආනන්ද ස්ථවිරතෙමේ කීය.)
7. 1. 5.
ආකාසානඤ්චායතන සූත්‍රය
336. සැවැත්නුවරදීය:
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුරදීම දැක්කේය. දැක, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙසේ කීය. “ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි, ඔබවහන්සේගේ ඉන්ද්‍රියයෝ ප්‍රසන්නයහ. මුහුණු වර්ණය පිරිසිදුය... ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” “ඇවැත්නි, මෙහි මම සියලු ආකාරයෙන් රූප සඤ්ඤාවන්ගේ දුරුකිරීමෙන් හැඟීම් ස්වභාවය ඇති රූප සඤ්ඤාවන්ගේ බැහැරකිරීමෙන්, නානත්ත සඤ්ඤාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි. “ඇවැත්නි, ඒ මට මම ආකාසානඤ්චායතන ධ්‍යානයට සම වඳිමියි කියා හෝ මම ආකාසානඤ්චායතන ධ්‍යානයට සම වැදුනෙමි කියා හෝ මම ආකාසානඤ්චායතනධ්‍යානයෙන් නැගීසිටියෙමියි කියා හෝ මෙබඳු සිතක් නොවේයයි කීහ. “ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලේ ‘මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්මයෝ සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම ආකාශානඤ්චායතනයට සමවදිමියි’ කියා හෝ මම ආකාශානඤ්චායතනයට සමවැදුනෙමි’ කියා හෝ මම ආකාශානඤ්චායතනයෙන් නැගී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිර තෙම කීය.)
7. 1. 6.
විඤ්ඤාණඤ්චායතන සූත්‍රය
337. සැවැත්නුවරදීය:
ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දුරදීම දැක්කේය... ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අද කවර විහරණයකින් වාසය කළ සේක්ද?” [3] ඇවැත්නි, මම මෙහි සියළු ආකාරයෙන් ආකාසානඤ්චායතනය දුරුකොට විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි.” “ඇවැත්නි, ඒ මට මේ විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියි කියා හෝ මම විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනෙමි කියා හෝ මම විඤ්ඤාණඤ්චායතනයෙන් නැගී සිටියෙමියි කියා හෝ’ මෙබඳු සිතක් නොවේයයි කීහ.” [4] “ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලේ “මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්මයෝ සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම විඤ්ඤාණඤ්චායතනයට සමවදිමියි’ කියා හෝ ‘මම විඤ්ඤාණඤ්චායතනයට සමවැදුනෙමි’ කියා හෝ ‘මම විඤ්ඤාණඤ්චායතනයෙන් නැගී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)
7. 1. 7.
ආකිඤ්චඤ්ඤායතන සූත්‍රය
338. සැවැත්නුවරදීය:
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ (පෙ)... [3] “ඇවැත්නි, මම මෙහි සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමියි.” “ඇවැත්නි, ඒ මට ‘මම ආකිඤ්චඤ්ඤායතනයට සමවදිමියි කියා හෝ මම ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුනෙමි කියා හෝ, මම අකිඤ්චාඤ්ඤායතනයයෙන් නැගී සිටියෙමියි කියා හෝ, මෙබඳු සිතක්නොවේයයි’ කීහ. [4] “ඒ එසේමය, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම, මගේ යන හැඟීම’ මානය හා අනුශය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එමනිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම ආකිඤ්චඤ්ඤායතනයට සම වදිමියි’ කියා හෝ “මම ආකිඤ්චඤ්ඤායතනයට සමවැදුණෙමියි’ කියා හෝ ‘මම ආකිඤ්චඤ්ඤායතනයෙන් නැඟී සිටියෙමි, කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙමකීය.)
7. 1. 8.
නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සූත්‍රය
339. සැවැත්නුවරදීය:
එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ (පෙ).
[3] “ඇවැත්නි, මම මෙහි ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි. ඇවැත්නි, ඒ මට ‘මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවදිමියි කියා හෝ මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට සම වැදුනෙමි කියා හෝ, මම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයෙන් නැඟී සිටියෙමියි කියා හෝ, මෙබඳුසිතක් නොවේයයි’ කීහ. [4] “ඒ එසේමය, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ‘මම යන හැඟීම, මගේ යන හැඟීම’ මානය හා අනුසය ධර්මයෝ සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සමවදිමියි’ කියා හෝ, ‘මම නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට සම වැදුනෙමි’ කියා හෝ, ‘මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් නැඟී සිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙමකීය.)