3. 3. 1–25.
1. වාත සූත්‍රය
250-274. සැවැත් නුවරදීය:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් උපාදානය කොට කුමක් වෙත එළඹ මෙසේ දෘෂ්ටි උපදීද: “වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගර්භනීහු නොවදත්, සඳ හිරු උදා නොවෙත් හෝ නොබසිත් හෝ, ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය” කියායි.
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ, භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තාහ, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහ.
මහණෙනි, රූපය ඇති කල්හි රූපය උපාදානය කොට රූපය වෙත එළඹ මෙසේ දෘෂ්ටි උපදී: “වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය” කියායි. වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇති කල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය උපාදානය කොට විඤ්ඤාණය වෙත එළඹ මෙසේ දෘෂ්ටි උපදී: “වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය” කියායි.
මහණෙනි, ඒ කුමක් යැයි සිතන්නහුද? රූපය නිත්‍ය හෝ වෙයිද අනිත්‍ය හෝ වෙයිද? -පෙ- විපරිණාම ධර්මයකි. එය උපාදානය නොකොට මෙසේ දෘෂ්ටි උපදින්නේද: “වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය” කියායි.
ස්වාමීනි, මෙය නොවේම ය.
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා ‘වාතයෝ නොහමත්. ගංගාවෝ ගලා නොබසිත් ගර්භනීහු නොවදත් සඳ හිරු උදා නොවෙත්, නොබසිත්. ඉන්ද්‍රඛීලයක් මෙන් සිටියේය’ යන මෙවැනි දෘෂ්ටිය උපදින්නේද?” - “ස්වාමීනි, එය නොවන්නේමය.” (මෙහි සූත්‍ර විසිපහක් විස්තර වශයෙන් දත යුතුය.)
3. 3. 26.
අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය
275. සැවැත් නුවරදීය:
මහණෙනි, කුමක් ඇති කල්හි කුමක් උපාදානය කොට කුමක් වෙත එළඹ මෙසේ දෘෂ්ටි උපදීද: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී (දුක් නැත්තේද සැප නැත්තේද) වෙයි” කියායි.
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- .
මහණෙනි, රූපය ඇති කල්හි රූපය උපාදානය කොට, රූපය වෙත එළඹ මෙසේ දෘෂ්ටි උපදී: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී වෙයි” කියායි. වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇති කල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි විඤ්ඤාණය උපාදානය කොට විඤ්ඤාණය වෙත එළඹ මෙසේ දෘෂ්ටි උපදී: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී වෙයි” කියායි.
මහණෙනි, ඒ කුමක් යැයි සිතන්නහුද? රූපය නිත්‍ය හෝ වෙයිද අනිත්‍ය හෝ වෙයිද? -පෙ- විපරිණාම ධර්මයකි. එය උපාදානය නොකොට මෙසේ දෘෂ්ටි උපදින්නේද: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී වෙයි” කියායි.
ස්වාමීනි, මෙය නොවේම ය.
වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාර -පෙ- විඤ්ඤාණය නිත්‍ය හෝ වෙයිද අනිත්‍ය හෝ වෙයිද? -පෙ- විපරිණාම ධර්මයකි. එය උපාදානය නොකොට මෙසේ දෘෂ්ටි උපදින්නේද: “මරණින් මතු ආත්මය නිදුක් වූයේ අදුක්ඛමසුඛී වෙයි” කියායි.
ස්වාමීනි, මෙය නොවේම ය.
[5] “මහණෙනි, යමක් අනිත්‍යද එය දුකකි. එය ඇති කල්හි එය නිසා, ‘මරණින් පසු නිරෝගීවූ දුක නුවූ සැපද නුවූ වෙයි’ යන මෙවැනි දෘෂ්ටියක් උපදියි.”
තුන්වෙනි පෙය්‍යාලය නිමි.
එහි උද්දානය:
වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්ථි, කරතො, හෙතු සහ මහාදිට්ඨ යන සූත්‍රයෙන් අටවැනිය වේ.
සස්සත, අසස්සත, අන්ත, අනන්ත, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං සහ තථාගත සූත්‍ර සතරක් ද වේ.
රූපී අත්තා, අරූපී අත්තා, රූපී ච අරූපී ච අත්තා, නේව රූපී නාරූපී අත්තා යැයි ද,
ඒකාන්ත සුඛී අත්තා, ඒකාන්ත දුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා, අදුක්ඛමසුඛී අත්තා යැයි තුන්වන වාරයෙහි මේ සූත්‍ර විසිහයක් මැනවින් දේශනා කරන ලදී.