3. තුන්වන ගමන වර්ගය
3. 3. 1–25.
වාත සූත්‍රය
250-274. සැවැත් නුවරදීය:
මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා, කුමකට පැමිණ “වාතයෝ නොහමත්, ගංගාවෝ ගලා නොබසිත්, ගැබිනියෝ නොවදත්, සඳ හිරු උදා නොවෙත්, බැස නොයෙත්, ඉන්ද්‍රකීලයක් මෙන් ස්ථිරව සිටියාහුය” යන මේ දෘෂ්ටිය උපදීද?
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- .
මහණෙනි, රූපය ඇති කල්හි, රූපය නිසා, රූපයට පැමිණ “වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රකීලයක් මෙන් ස්ථිරව සිටියාහුය” යන මේ දෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇති කල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පැමිණ “වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රකීලයක් මෙන් ස්ථිරව සිටියාහුය” යන මේ දෘෂ්ටිය උපදියි.
මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද? -පෙ- වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන “වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රකීලයක් මෙන් ස්ථිරව සිටියාහුය” යන මේ දෘෂ්ටිය උපදින්නේද?
ස්වාමීනි, එය නොවන්නේමය.
මහණෙනි, මෙසේ යමක් අනිත්‍යද, එය දුකකි. එය ඇති කල්හි, එය නිසා “වාතයෝ නොහමත් -පෙ- ඉන්ද්‍රකීලයක් මෙන් ස්ථිරව සිටියාහුය” යන මේ දෘෂ්ටිය උපදියි. (සූත්‍ර විසිපහ මෙසේ විස්තර කළ යුතුය.)
3. 3. 26.
අදුක්ඛමසුඛී අත්තා සූත්‍රය
275. සැවැත් නුවරදීය:
මහණෙනි, කුමක් ඇති කල්හි, කුමක් නිසා, කුමකට පැමිණ “ආත්මය දුක් නැත්තේ සැප නැත්තේ (අදුක්ඛමසුඛී) වෙයි, මරණින් මතු නීරෝගී වෙයි” යන මේ දෘෂ්ටිය උපදීද?
ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ- .
මහණෙනි, රූපය ඇති කල්හි, රූපය නිසා, රූපයට පැමිණ “ආත්මය දුක් නැත්තේ සැප නැත්තේ වෙයි, මරණින් මතු නීරෝගී වෙයි” යන මේ දෘෂ්ටිය උපදියි. වේදනාව ඇති කල්හි -පෙ- සංඥාව ඇති කල්හි -පෙ- සංස්කාර ඇති කල්හි -පෙ- විඤ්ඤාණය ඇති කල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පැමිණ “ආත්මය දුක් නැත්තේ සැප නැත්තේ වෙයි, මරණින් මතු නීරෝගී වෙයි” යන මේ දෘෂ්ටිය උපදියි.
මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද? -පෙ- වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන “ආත්මය දුක් නැත්තේ සැප නැත්තේ වෙයි, මරණින් මතු නීරෝගී වෙයි” යන මේ දෘෂ්ටිය උපදින්නේද?
ස්වාමීනි, එය නොවන්නේමය.
වේදනාව -පෙ- සංඥාව -පෙ- සංස්කාර -පෙ- විඤ්ඤාණය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද? -පෙ- වෙනස්වන ස්වභාවද, එය දැඩිලෙස නොගෙන “ආත්මය දුක් නැත්තේ සැප නැත්තේ වෙයි, මරණින් මතු නීරෝගී වෙයි” යන මේ දෘෂ්ටිය උපදින්නේද?
ස්වාමීනි, එය නොවන්නේමය.
මහණෙනි, මෙසේ යමක් අනිත්‍යද, එය දුකකි. එය ඇති කල්හි, එය නිසා, එයට පැමිණ “ආත්මය දුක් නැත්තේ සැප නැත්තේ වෙයි, මරණින් මතු නීරෝගී වෙයි” යන මේ දෘෂ්ටිය උපදියි.
තුන්වන ගමන වර්ගය නිමි.
එහි උද්දානය:
වාත, එතං මම, සො අත්තා, නො ච මෙ සියා, නත්ථි දින්න, කරතො, නත්ථි හේතු සූත්‍ර ද, අටවැනි මහාදිට්ඨි සූත්‍රය ද වේ.
සස්සත, අසස්සත, අන්ත, අනන්ත, තං ජීවං තං සරීරං, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං සහ තථාගත සූත්‍ර සතරක් ද වේ.
රූපී අත්තා, අරූපී අත්තා, රූපී ච අරූපී ච අත්තා, නේව රූපී නාරූපී අත්තා යැයි ද,
ඒකාන්ත සුඛී අත්තා, ඒකාන්ත දුක්ඛී අත්තා, සුඛදුක්ඛී අත්තා, අදුක්ඛමසුඛී අත්තා යැයි තුන්වන වාරයෙහි මේ සූත්‍ර විසිහයක් මැනවින් දේශනා කරන ලදී.