2. 4. 8.
අනත්තධම්ම සූත්රය
201. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යම් ඒ අනාත්ම ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 4. 9.
ඛයධම්ම සූත්රය
202. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යම් ඒ විනාශවන ස්වභාවය ඇත්තක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 4. 10.
වයධම්ම සූත්රය
203. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යම් ඒ නැතිවන ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 4. 11.
සමුදයධම්ම සූත්රය
204. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යම් ඒ හේතුවෙන් හටගන්නා ස්වභාවය ඇති ධර්මයක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 4. 12.
නිරොධධම්ම සූත්රය
205. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුවට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: රාධය, යම් ඒ නිරුද්ධවන ස්වභාවය ඇති ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
රාධය, නිරුද්ධවන ස්වභාවය ඇති ධර්මය නම් කවරේද? රාධය, රූපය නිරෝධ ධර්මයකි... වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය නිරෝධ ධර්මයකි... රාධය, යම් ඒ නිරෝධ ධර්මයක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
හතරවෙනි උපනිසින්න වර්ගයයි.
සූත්ර නාමාවලිය:
මාර සූත්රය, මාර ධම්ම සූත්රය, අනිච්ච සූත්ර දෙක, දුක්ඛ සූත්ර දෙක, අනත්ත සූත්ර දෙක, ඛය ධම්ම සූත්රය, වය ධම්ම සූත්රය, සමුදයධම්ම සූත්රය සහ නිරෝධ ධම්ම සූත්රයදැයි මේ වර්ගයෙහි සූත්ර දොළසකි.
(මේ ආකාරයට මාර සූත්ර විස්තර කළ යුතුය, මේ ආකාරයට නිරෝධ ධර්මයෙන් වෙය්යාකරණ තිස් හයක් විස්තර කළ යුතුය. මෙසේ රාධ සංයුක්තයේ පිණ්ඩිතව වෙය්යාකරණ අනූ හතරක් වෙයි.)
රාධසංයුත්තං සමත්තං.