2. 3. 6.
දුක්ඛධම්ම සූත්රය.
187. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව... එකත්පසෙක හුන් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා... වාසය කරමි” යනුයි.
රාධය, යම් ඒ දුක්ඛ ධර්මයක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරුකළයුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, දුක්ඛ ධර්මය නම් කවරේද? රාධය රූපය දුක්ඛ ධර්මයකි එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළයුතුය. බලවත් ඇල්ම දුරුකළයුතුය. වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය දුක්ඛ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය... රාධය, යම් ඒ දුක්ඛ ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 3. 7.
අනත්ත සූත්රය.
188. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා... වාසය කරමි” යනුයි.
රාධය, යම් ඒ අනාත්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, අනාත්මය නම් කවරේද? රාධය රූපය අනාත්මය. එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය අනාත්මය එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ අනාත්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 3. 8.
අනත්තධම්ම සූත්රය.
189. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන සේක්වා... වාසය කරන්නෙමි” යනුයි.
රාධය, යම් ඒ අනාත්ම ධර්මයක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, අනාත්ම ධර්මය නම් කවරේද? රාධය රූපය අනාත්ම ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළයුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය අනාත්ම ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ අනාත්ම ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 3. 9.
ඛයධම්ම සූත්රය.
190. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා... වාසය කරන්නෙමි” යනුයි.
රාධය, යම් ඒ විනාශවෙන ස්වභාවය (ඛයධම්ම) ඇත්තක් වේද? එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, විනාශවන ස්වභාවය නම් කුමක්ද? රාධය රූපය විනාශ ධර්මයකි... වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය විනාශ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ විනාශ ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 3. 10.
වයධම්ම සූත්රය.
191. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණසේක්වා... වාසය කරමි” යනුයි.