2. 3. 4.
අනිච්චධම්ම සූත්‍රය.
185. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා... ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව වාසය කරන්නෙමි” යනුයි.
රාධය, යම් ඒ අනිත්‍ය ධර්මයක්වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළයුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි.
රාධය, අනිත්‍ය ධර්මය නම් කවරේද: රාධය, රූපය අනිත්‍ය ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරු කළ යුතුයි. වේදනාව... සංඥාව... සංස්කාරය... විඤ්ඤාණය අනිත්‍ය ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරු කළ යුතුයි. රාධය, යම් ඒ අනිත්‍ය ධර්මයක්වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළයුතුයි. ඇල්ම දුරුකළ යුතුයි. බලවත් ඇල්ම දුරුකළ යුතුයි.
2. 3. 5.
දුක්ඛ සූත්‍රය.
186. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන සේක්වා... වාසය කරන්නෙමි” යනුයි.
රාධය, යම් ඒ දුකක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරු කළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, දුක නම් කවරේද? රාධය, රූපය දුකකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය දුකකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ දුකක් වේද, එහි ඔබගේ ඡන්ද රාගය දුරුකළ යුතුය.
2. 3. 6.
දුක්ඛධම්ම සූත්‍රය.
187. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව... එකත්පසෙක හුන් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා... වාසය කරමි” යනුයි.
රාධය, යම් ඒ දුක්ඛ ධර්මයක් වෙයිද, එහි ඔබගේ කැමැත්ත දුරුකළයුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, දුක්ඛ ධර්මය නම් කවරේද? රාධය රූපය දුක්ඛ ධර්මයකි එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළයුතුය. බලවත් ඇල්ම දුරුකළයුතුය. වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය දුක්ඛ ධර්මයකි. එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය... රාධය, යම් ඒ දුක්ඛ ධර්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.
2. 3. 7.
අනත්ත සූත්‍රය.
188. සැවැත්නුවරදී:
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට කෙටියෙන් ධර්මයක් දේශනා කරණ සේක්වා... වාසය කරමි” යනුයි.
රාධය, යම් ඒ අනාත්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, අනාත්මය නම් කවරේද? රාධය රූපය අනාත්මය. එහි ඔබගේ කැමැත්ත දුරු කළයුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. වේදනාව... සඤ්ඤාව... සංස්කාරය... විඤ්ඤාණය අනාත්මය එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය. රාධය, යම් ඒ අනාත්මයක් වේද, එහි ඔබගේ කැමැත්ත දුරුකළ යුතුය. ඇල්ම දුරුකළ යුතුය. බලවත් ඇල්ම දුරුකළ යුතුය.